Featured

ගිවිසුමේ ප්‍රකාරව වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලගදිම

මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය සමග සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ඇතිකරගත් ගිවිසුමේ ප්‍රකාරව වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදීමට කඩිනමින් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව මුස්ලිම් කොන්ග්‍රසයේ මහා ලේකම් හසන් අලී අවධාරණය කරයි.මේ වනවිටත් අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉතා ඉක්මනින් මුස්ලිම් ජනතාවට සිය අයිතිවාසිකම් සුරැකෙන පරිසරයක් පිහිටුවිමට කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ.

[box type=”info” ]වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුකිරිමට ජනපති මෛත්‍රී තමන්ට පොරොන්දු වු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් දමිළ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.[/box]

2015 ජුනී 28 වැනි දින –වෙනම පරිපාලන ඒකකය දෙන්න මෛත්‍රී පොරොන්දු වුනා -හකීම්

[box type=”info” ]මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ බලය ලබාගත හොත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදීමට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව මුස්ලිම් කොන්ග්‍රසයේ හසන් අලී අවධාරණය කරයි.

හසන් අලී පසුගිය ඉරිදා Sunday Observer පුවත් පතට කල ප්‍රකාශය සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි ඔහු අනාවරණය කර ඇත්තේ ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා එක්සත් ජාතික පක්ෂ නායකයා අතර ඒ සම්බන්ධයෙන් වු පිටු 4කින් යුත් එකඟතා ලියවිල්ලකටද අත්සන් තබා ඇති බවයි.[/box]

2015 ජුලි 25 වැනිදා –මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් වෙනුවෙන් රනිල්-හකීම් ගිවිසුමකට අත්සන් කරලා

මේ අතර ඊයේ(23)කින්නියා ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත ජනපතිවරයා එම ප්‍රදේශවල මුස්ළිම් ජනතාවට ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු තම පලාතේ මහජන නියෝජිතයින් ලවාම ඉටුකර දීමට කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.

 

Top