LNN SPY

ගෙදර යන ගමන් දුන් පොදු සමාවෙන් බන්ධනාගාර කැළබේයි… වැලිකඩ,බූස්ස,අඟුණුකොලේ සිරුකරුවන් නිදහස ඉල්ලයි… රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයක්!

Published on: Nov 12, 2019 – රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

අද පෙරවරුවේ සිට “L” ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටි.

චැපල් ශාලාවේ L 3, B 3, C 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වමින් දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටිමට පටන් ගෙන තිබේ.

Royal Park Murder

ඝාතනය කල දිනය 2005 ජුනි 30 වැනිදා

ස්ථානය- Royal Park luxury apartment complex in Rajagiriya,

වේලාව -අලුයම 2.20 ත් 2.45 අතර කාලය තුල

2012 ජුලි 11 වැනිදා ඝාතනයට වරදකරු වි වසර 12ක කාලය සිරදඬුවම්ක්.

පසුව ඝාතකයා තින්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කල අතර එහී තින්දුව 2014 ජුනී 9වැනිදා මරණ දඩුවම ලබාදුන්නේය.

කොලේ ඉරාගෙන ඇගේ හලාගත් ජනපතිගේ පොදු සමාව 

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදි ඉවෝන් තරුණිය කෲර අමානුෂිකලෙස ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර ගත කොට සිටි ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපති තීරණය කල අතර එය මේ වනවිට ගෝඨාභයට සහය දැක්විමට රාජපක්ෂලා සමග එක්ව සිටින පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මූලික වී කළ ඉල්ලීම අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කරමින් කියා සිටි.

එම මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ රතන හිමියන් තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදු කර මේ සඳහා මැදිහත් වූ බවය.

ජනාධිපති ගත් තීරණය සාධාරණිය කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය උත්සාහයක් ගෙන ඇති අතර මෙම නිදහස් කිරිමට් නිදහස් කරනලද පුද්ගලයා හා එක්තරා “මල්ලී” කෙනෙකුගේ සමීප නෑකමක් තිබිම මෙම නිදහස් කිරිමට ආසන්න්හ හේතුව වි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස ආගමික නායකයින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, තරුණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අතර, උන්වහන්සේ විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.

එසේම උන්වහන්සේ විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ජනාධිපතිතුමා වෙත යොමු කරමින් පෙන්වා දුන්නේ මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවත්, ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිටීම මෙන්ම, බන්ධනාගාරගතව සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොට, ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත්, මෙම තරුණයා මනා පෞර්ෂයකින් යුත් උගත්, බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් එය සාධාරණ හා මානුෂික කාරණයක් වනු ඇති බවත්ය.

එසේම බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද, පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිරයන්වහන්සේ ගරු ජනාධිපතිතුමා වෙත කරුණු පෙන්වා දුන්හ.

පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ද මෙම තරුණයාට ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ගරු ජනාධිපතිතුමාට කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ ඔහු යහපත් පුරවැසියෙකු ලෙසත්, උගත් පුද්ගලයෙකු ලෙසත් ඉදිරි කාලයේ දී හොඳින් කටයුතු කරන බව පෙනී යන බවත්, එම නිසා සානුකම්පිතව ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී වෙත ජනාධිපති සමාව ප්‍රදානය කිරිම කෙරෙහි සලකා බැලීම උන්වහන්සේ අගය කරන බවත්ය.

දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නායක ස්ථවිරයන් වහන්සේ ලිඛිතව ඉල්ලා සිටියේ බන්ධනාගාරයේ දඬුවම් ලබන වරද හැර වෙනත් වැරදි නොමැතිව, අධ්‍යාපනයෙන් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව රටට වැඩදායක පුරවැසියෙක් වීමට සිහින දකින තරුණ උගත් සිරකරුවන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු විය යුතු බවයි.

එසේම පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ ද මෙවැනි උගත් තරුණ සිරකරුවන් සම්බන්ධයෙන් සමාව දීම වැදගත් වන බව ජනාධිපතිතුමා වෙත ලිඛිතව දන්වා සිටියහ.

දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිතුමා වෙත ලිඛිතව කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින තරුණ, ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව ඇති උගත් සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ද ආශිර්වාදය හිමි වන බවය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මැතිනිය අතිගරු ජනාධිපතිතුමා වෙත මෙම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සහිත ලිපියක් මඟින් පෙන්වා දුන්නේ මෙම ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය මේ වන විටත් වසර 15කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහු බන්ධනාගාරය තුළ සිටියදීම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව සහ මුල්‍ය සම්බන්ධව බාහිර උපාධියක් සම්පූර්ණ කර ආචාර්ය උපාධිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවත්, ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලා, ඔහු ගත කර ඇති සිර දඬුවම් කාලය ද සලකා සානුකම්පිත පදනමින් ඔහුට සමාව ප්‍රදානය කිරීම සාධාරණ වන බවයි.

ඊට අමතරව නීතීඥ මහේෂ් මඩවල, නීතිඥ නාලනී මනතුංග, නීතිඥ නිල්රුක් ඉහළකත්‍රිගේ, නීතිඥ කුමුදු නානායක්කාර යන නීතිඥවරුන් ද ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරයේ විජයානන්ද සමාජ සේවා සංවර්ධන පදනම, උණවටුන රූමස්සල නව ජීවන අමද්‍යප හයනාදි සිවිල් සංවිධාන ද ශ්‍රමන්ත ජූඩ් යන අයගේ දෙමව්පියන් ද සානුකම්පිත පදනම මත ඔහුගේ යහපත් කල්ක්‍රියාව සහ නිදහස් පුද්ගලයෙකු ලෙස ඉදිරියේ දී සමාජයට හා රටට විය හැකි යහපත සලකා බලා ඔහුට සමාව ප්‍රදානය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

එසේම කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවන ලද විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් බන්ධනාගාරය තුළ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනී යන තරුණයාගේ යහපත් කල්ක්‍රියාව හේතුකොටගෙන ඔහු වෙත පනවා තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මඟින් විවිධ ක්ෂේත්‍රවල උසස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් මඟින් කරන ලද නිර්දේශ සහ අදහස් ද ජනාධිපතිතුමා විසින් සලකා බලන ලදී.

මේ සියලූ කරුණු සලකා බලා ශ්‍රමන්ත ජූඩ් යන අයගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද වාර්තා ලබා ගනිමින් සහ වෙනත් අදාළ රාජ්‍ය ආයතනවලින් ද ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ කරුණු සලකා බැලීමට ජනාධිපතිතුමා ක්‍රියා කරනු ලැබීය.

මෙම වරද සිදු වූ 2005 වසරේදී ශ්‍රමන්ත ජූඩ් ඇනත්නී යන අය වයස අවුරුදු 19ක ඉතා යොවුන් වියේ පසුවූ අයෙකු වීමත්, මෙම සිදුවීම ඝාතනයක් සිදුකිරීමේ චේතනාවෙන් සිදුවූවක් නොව ක්ෂණික කෝපය හා ආවේගශීලිභාවය මත සිදුවූ සිදුවීමක් වන බවට කරුණු වාර්තාවිමත්, අදාළ තරුණයා බන්ධනාගාරගතව සිටි වසර 15කට ආසන්න කාලය තුළ දී යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කරමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටීමත්, ඔහු අධ්‍යාපනයෙන් සහ අත්දැකීම්වලින් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයට ලක් වී ඇති බවට වාර්තා වීමත්, දඬුවම් විඳින වරද හැර වෙනත් පෙර වැරදි නොමැති අයකු බවට වාර්තා වීමත්, තවමත් 34 හැවිරිදි තරුණයෙකු වන ඔහුට යහපත්, උගත් පුද්ගලයෙකු ලෙස රටට සේවය කිරීමට ඇති හැකියාවත්, ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි ආකාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත තීරණ ගන්නා බව වාර්තාවීමත් යනාදී කරුණු සලකා බලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි ශ්‍රමන්ත ජූඩ් යන අයට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා තීරණය කරන ලදි.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරිය කැරොලයින් බ්‍රැඩ්ලි සිය මුහුණු පොතේ මේ පිළිබඳව සටහනක් තබා ඇති අතර ඇය එහිදි සඳහන් කොට ඇත්තේ සිය සහෝදරිය ගේ හිස කැබලි 64 වෙන්වි යන ලෙස පහර දි තිබූ ආකාර යද ඒ සාහසික අපරාධය සිදු වූ දිනයේ ඇයගේ සිරුර තුවාල වී තිබූ ආකාරය කිසි දිනක අමතක නොවන බවය.

තම පවුලේ කෙනෙකු අහිමි වීමකට ජනාධිපති සිරිසේන ද මුහුණ දුන්නා නම් තම දෙමාපියන් හා තමා විදවන වේදනාව කෙබදු වේදැයි ඔහු අවබෝධ කර ගනු ඇති බවයි.

මිය ගිය ඉවෝන් ගේ සොයුරිය වන කැරොලයින් බ්‍රැඩ්ලිගේ සිය Facebook හී පලකර තිබේන ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ මිනීමරුවෙකුට නිදහස දිමෙන රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයක් බවයි.

ඔබ විශ්‍රාම ගන්නේ ඔබේ අත් වල තැවරුණු මගේ සොයුරියගේ ලේ සමඟය…….!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත,

මගේ සහෝදරියගේ මිනීමරුවා දින තුනක දීර්ඝ නිවාඩුක් පවතිද්දී නිදහස් කිරීමට සටකපට වූවාක් මෙන්ම මගේ ලිපියද කුණුකූඩයට දමන බව මම දනිමි.

දියණියන් දෙදෙනෙකු සිටින ඔබ මෙවන් මෘගයෙකු සමාජයට නිදහස් කිරීමට ගත් තීරණය මට තේරුම්ගත නොහැකිය

19 හැවරදි මගේ සොයුරියගේ හිස කැබලි 64කට කුඩුවී යනතෙක් හිස පොළවේ ගැසූ මෘගයා එදා රාත්‍රියේ ඇයගේ සිරුරට සිදුකළ සියළු තුවාළ එකක් නෑර මට මතකය. එකක් නෑර පිංතූරයක් ලෙස මට මතකය. මගේ දෙමාපියන්ටත් එය එසේම බැව් මම දනිමි.

එදා රෑ ඇය වින්ද වේදනාව සිතා ගැනීමට මා අපොහොසත්මි. නමුත් වළලුකර ඇටයද කැඩී තිබියදී තමන්ගේ මිනීමරුවා කෙරෙන් දුවා තම ජීවිතය ගලවා ගන්නට ඇය උත්සහ කළ අයුරු නොසිතෙන මොහොතක් ද නැත.

මාගේ වේදනාව තමන්ගේ පවුලේ අයෙක් අහිමිවූ ඔබට වැටහෙන බව මම දනිමි. එමෙන්ම මෙවන් අපරාධයකට ලක්වී මගේ සොයුරිය මරාදැමුණු දුක වටහා ගැනීමට මම ඔබගෙන් ඉල්ලමි. මගේ පියා ශක්තිමත්ව නැගී සිටීමට දරන තැත මම දකිමි. නමුත් ඇතුලතින් ඔහුගේ ආත්මය සුණු විසුණු වී ඇති අයුරු ද මම දනිමි. ඔහු තවමත් නින්දට යන විට ඉකි බිඳිනු මට ඇසේ. මගේ මව තම කුසින් වැදූ සුරතල් දියණියගේ ලෙයින් පෙඟුණු සිරුර දුටු දිනයේ සිට ගත කළ දිවිය ගැන විස්තර නොකරමි.

මිනීමරුවාව නිදහස් කිරීමට සිරිසේන ජනාධිපතිවරයා තීරණය කළ බව සවන් වැකුණු විට මා වෙව්ලීමට ගත්තෙමි. වසර ගණනාවක් පුරා අපායක ජීවත් වූ අපගේ ජීවිත තවත් නරාවලකට ඇද දැමීමට ඔහු එක පෑන් පහරින් සමත් විය. මගේ මාස 04ක දියණිය වෙනුවෙන් මා ශක්තිමත් විය යුතු බව දනිමි. ඇය වෙනුවෙන් මා ජීවත් විය යුතු බව මා දනිමි.

ජනාධිපතිතුමනි,

අවසන් වශයෙන් මම වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් සහ මේ පිළිබඳව හඬක් නැගූ සියලු දෙනා වෙනුවෙන් රටේ සියලුම ගැටළු පසෙකලා විශ්‍රාම ගැනීමට නියමිත ඔබ ලහි ලහියේ මෙම ඝාතකයා නිදහස් කිරීමට මැදිහත් වීමට හේතුව දැන ගැනීමට කැමැත්තෙමි.

මීට වඩා ඉතා සුළු වැරදි වලට සිරගත කළ සැබෑ අහිංසකයින් තවමත් සිරගතව සිටියදී, ඔබ නිදහස් කිරීමට තෝරාගත්තේ සැලසුම්සහගතව සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අයෙක් ය. එසේ කිරීමෙන් ඔබ අපහාසකළේ මනුෂ්‍යත්වයට පමණක් නොවේ ඔබ රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයකි.

ඔබේ කතාවෙන් ඔබ කළ විහිළු සහගත කරුණු දැක්වීම මඟින් ඔබේ හැසිරීම කෙසේවත් සාධාරණීකරණය වන්නේ ද නොමැත. මිනීමරුවා එදා තම සිරුරේ තැවරුණු මගේ සොයුරියගේ ලේ පිහුණුම් තටාකයට බැස සෝදා ගත්තද ඔබ විශ්‍රාම ගන්නේ ඔබේ අත් වල තැවරුණු මගේ සොයුරියගේ ලේ සමඟ බව මම අවසානයේ ඔබට මතක් කර දෙමි.

Top