Featured

ගෝඨා අත් අඩංගුවට! නියෝග එනතුරු FCIDය ඇගිලි ගනී

2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වරදකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුව ගැනිම සදහා යහපාලන ආණ්ඩුව මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දි ඇති අතර ඒ අනුව ගෝඨාභය අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ඉල්ලා තිබේ.

2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය සිදු කර ඇති අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිමක්ද කර තිබුනා.

ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිම ඉක්මන් කරන ලෙස හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා දැඩි ලෙස අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින අතර ගෝඨාට අමතරව හමුදාවේ ඉහල තනතුරු රැසක් දැරු හමුදා ප්‍රධානින් වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කලයුතු බවට අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ අතර ෆොන්සේකාගේ පරම හතුරෙකු ව සිටින හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද ඉක්මනිම අත් අඩංගුවට ගන්නා ලෙස ෆොන්සේකා බලපෑම් කර ඇති අතර විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවීගිය සතියේ මුල් දිනක හමු වි ඇති අතර එහිදි තමන් ඇතුලු යුද්ධය අවසන් කිරිම සදහා දායකත්වය දුන් නිලධාරීන් වරින් වර අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට ජනාධිපතිවරයාද දැනුවත් කර තිබේ. මීට අමතරව වර්තමානයේ ශ්‍රි ලංකා නාවික හමුදාව සිදුවන දුර්වලතා රැසක්ද විශ්‍රාමික හිටපු නාවික හමුදාපති ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම

එක්සත් ජාතික පක්ෂයේ තවත් වසර 10කට නායකත්ව වෙනසක් වන්නේ නැත.කෙසේ හෝ ඊළග ජනාධිපතිවරයා ලෙස තමන් පත්විම රනිල්ගේ එකම් සහ අවසාන සිහිනය වි අවසන්.ඒ සදහ තාවකාලිකව ජනාධිපති ධුරය සිරිසේන ලග තැබු රනිල් ගහන ගේම් එක ගැන මේ වනවිට කිසිවෙකුටත් සිතා ගැනිමටවත් නොහැකිය.රනිල් මේ ගේම පටන් ගත්තේ මිට මාස 6කට පමණ පෙරය ඊට ප්‍රධානතම හේතුව වුයේ රෑ ආප්ප කා උදේ තමන්ගේ අපේක්ෂකයා වු සිරිසේන අපහු දවසක දවල්ට බුරියානියක් කා මහින්ද සමග යලි එකතු නොවේ යැයි කාටනම් කිව හැකිදැයි රනිල් පිළේ ප්‍රබලයන් සමග පැවැති සාකච්ඡාවකදි කරළියට එමත් සමගය.

එහිදි අගමැතිවරයා සිය සමාජිකයන් සමග අවධාරණය කළේ තමන්ගේ ඉලක්කය ඊළග ජනාධිපතිවරණය බවත් එහිදි ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා අනුව් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම දෙකඩව තබා ගැනිම වැදගත් බවයි. ඒ අනුව ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ දමා ගතහොත් තමන්ට දිනන එක මහා කජ්ජක් නොවන බවයි රනිල්ගේ මතය වි ඇත්තේ. රනිල් පෙන්වා දි ඇත්තේ 2010 තමන් එම අත්දැකිම සරත් ෆොන්සේකා හරහා අත්විදි බවයි.ඒ සදහා රනිල් වික්‍රමසිංහ මාර්ග කිහිපයක්ම දියත් කළේය.එහී පලමු වැන්න මෛත්‍රී-ගෝඪා රහස් හමුවක් යනුවෙන් තමන්ගේ මඩ බලකායේ සට්ටැම්බියන් යොදවා මාධ්‍ය ප්‍රචාරයක් ලබාදිමයි.

නමුත් පසුගිය ජූලි මාසයේ 31 වැනි දා ගෝධාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙන් රහසිගතව සිරිසේන ජනපතිතුමන්ව හමු වූ බවට පලවන පුවත් අසත්‍ය බවත් ජූලි මාසයේ 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටියේ නොමැති බවත් එපමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මල ගෙදරකදි මගුල් ගෙදරකදිවත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී නැති බවට මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විමත් සමග එම මෙහෙයුම අවුල් වු අතර ඊට මතරව එජාපයේ කුළී මාධ්‍යකරුවන් යොදවා ගනිමින් ගෝඪාභය යන යන තැන දේශපාලනලයට එමට සුදානමක් ඇද්දැයි ප්‍රශ්ණ කරන්නට විය.

මුලු කතාවම පහලින් කියවන්න 

http://www.sinhala.lnwtoday.com/archives/13764

 

Top