LNN SPY

ගෝඨා සනසන්න ප්‍රශස්තී ගයන සුමිත් පෙරේරා… වසීම් තාජුඩීන් ඝාතකයන් හංගන්න ජනතාවට බොරු බෙදන අමනයන්…. සුමිත්, දවසක තමන්ගේ පුතාටත් මෙහෙම දවසක් උදා උනොත්…!

Published on: Nov 29, 2019- ගෝඨා ජනාධිපති වි හමාරය නමුත් ඔහු වටේ සිටින පුන්නක්කු කන්නන් තවමත් ගෝඨා බේරා ගැනීමේ සටනේ යෙදී සිටි. ගෝඨාගෙන් පවුලෙන් පිට එකෙකුට තනතුරු ලබාගැනීම ටිකක් අමාරුය ඒ නිසා, දිනපතා ගෝඨාට වන්දීභට්ටකම් කරන බව පෙන්විමට විවිධ අය ගන්නා උත්සහයන් එමටය.

නාමල් පන්නයේ නීතිඥ කොට්බෑය සතු නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත නැමත්තා විසින් අටවාගත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹ මාධ්‍ය හමුවකට කැදවාගෙන ආ නාරාහේන්පිට පොලිසියේ හිටපු පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මාර කතා ටිකක් කියාගෙන ගොස් තිබේ.

වසීම් තාජුඩීන් මරණයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු සුමිත් පෙරේරා සදහන් කළේ අදාළ අනතුර සිදු වූ ස්ථානයට තමන් එම මොහොතේම ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත් එය බීමතින් සිදු වූ රිය අනතුරක් බවත්ය.අනතුර සිදුවන්නට ඉතා ආසන්න මොහොතක දී තජුඩින් තවත් යහළුවකු සමග මත්පැන් බෝතල දෙකක් පමණ පානය කර ඇති බවද ඔහු හෙළි කළේය.මේ සම්බන්ධයෙන් සියලු වාර්තා සහ සහතික නඩු භාණ්ඩ තමයි අධිකරණයට ඉදිරිපත් කළ ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධය යයි පවසන ලෙසට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමාට බලපෑම් කළ බවද ඔහු පැවසීය.නමුත් තමන්ගේ ඊට එකඟ නොවූ හෙයින් වසරක කාලයක් බන්ධනාගාර සිටීමට තමන්ට සිදු වූ බවත් හෙතෙම සදහන් කලේය.

(හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සදහන් කළා.)

ගෝඨාගෙන් මොනවා හෝ ලබා ගැනිම සදහා ප්‍රශස්ථී ගායනා කල සුමිත් චම්පික ඔබ මේ දේවල් දන්නවාද?

තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉල ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බව පවසන රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

තාජුදීන්ගේ මළ සිරුරේ තුවාල ලැබූ, පරීක්ෂණ සඳහා වැදගත් අස්ථි කොටස් කිහිපයක්ම අතුරුදන්ව තිබූ බව සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කළ අවස්ථාවේ හෙළි වූ බව රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ සදහන් කළා.මෙය සැකකටයුතු තත්වයක් බව පෙන්වාදුන් ඔහු, මෙය සාක්ෂි වසන් කළ නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඝාතනයට ලක්වූ වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි මහාචාර්ය ආනන්ද සමරසේකර විසිනි.

තජුදින් ඝාතනය වූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත්ව ගිය වාහනවල තොරතුරු අඩංගු ලේඛනයේ පිටු ගලවා තිබීම ගැන රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වු බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාකර ඇති බවත්.

ජනාධිපති මන්දිරයේ ප්‍රභූ පුද්ගලයින්ගේ වාහන ගමනාගමනය පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇති බවත් වසීම් තාජුදින් ඝාතනය වූ දිනයට අදාළ තොරතුරු සටහන්කර තිබූ පිටු එම ලේඛනයෙන් ගලවා ඉවත්කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇති බවත් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිවේදියා කියා සිටියා.

වසීම් පසුපස ලුහුබැඳ ගිය අය කවුද?

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ ගිය වාහනය තුළ පුද්ගලයකු සිටි බවත්, ඔහු කවුද යන්න අනාවරණය කැරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කැර ඇති බවට රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි මහතා දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳි වාහනය පිළිබඳ විමර්ශන පැවැත්වීමේදී මෙම කරුණු අනාවරණය වූ බවට හෙතෙම තවදුරටත් පැවසීය.

මීට අමතරව චමින්ද ජයප්‍රකාශ් නැමැති අය තමන්ගේ ලැප්ටොප් එක ගෙන දෙමටගොඩ අපරාධ කොට්ඨාසය වෙත ගිය බවත්, එහිදී පොලිස් නිලධාරීන් ලබා දුන් පෙන්ඩ්‍රයිව් එකේ දර්ශන නරඹා ඉන් පිටපතක් රහස් පොලිසියට ලබා දුන් බවට ප්‍රකාශයක් ලබා දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණි.

ඝාතනය කරන ලද වසීම් තාජුඩීන් ගමන් කළ කාර් රථය පිටුපස ලුහුබැඳ ගිය බවට සැක කරන කාර් රථ 4164 තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විමර්ශන නිලධාරීන් වෙත ලබා දී තිබේ.

මීට අමතරව 2012/5/11 වැනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් DXB බලා පිටත්වූ (EK 349) ගුවන් යානයේ ගමන් කළ සියලුම මඟීන්ගේ තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණ.

මේ අනුව සී. සී. ටී. වී. දර්ශනය වූ සැකකටයුතු වාහනය කිනම් වර්ගයේ කුමන වර්ගයකට අයත් රථයක් ද යන්න පරීක්ෂණ කිරීමට සී. ඩී. තැටිය වත්තල පිහිටි ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වෙත යොමුකැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

සුමිත් චම්පික මේ ටිකත් කියවලා යන්න …. දවසක තමන්ගේ පුතාටත් මෙහෙම දවසක් උදා උනොත්…!

යසාරා අබේනායක වත්මන් ජනාදිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වති බව නොදන්නෙක් නොමැත. රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලීකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට පබයා වශයෙන් භාවීත කිරීමට ලැබීම තුල ශිරන්ති රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන තිබු මෙම සම්බන්දයට පෙර යාසාරා අබේනායක සත්‍ය ප්‍රේමයෙන් වෙලිසිටියේ අභිරහස් ලෙස මරණයට පත් වූ වසීම් තාජුදින් සමගය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට ආත්මාර්තකාමී ආනන්ද අබේනායක මුල සිටම විරුද්ධ වී ඇත්තේ මුස්ලිම් සිංහල ගැටළු නිසාය. ආනන්ද අබේනායක මහින්ද රාජපක්ෂව ඇසුරු කිරීම දිවයන්නේ නොමියෙන මිනිසුන් කාලයටය. තම දුව අනාගත ජනදිපතිගේ ලේලිය වනු දැකීම සිහිනය වූ බැවින් ඇයව තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ වැඩවලට රැයක් දවාලක් නොමැතිව යැවීමට අබේනායක මහතා සමත්වීය. නිවසට කුලුපගුව පැමිණෙන යෝෂිත තම දියණියට කැමැත්තක් ඇති බව දැන ගත් විට යාසාරා, වසීම් තාජුදින් සමග ප්‍රේමයෙන් වේලි ගැබ්ගෙන පවා සිට ඇත. අබේනායක නාමයට රාජපක්ෂ නාමය එක්කර ගැනීම සිහිනය වන බවීන් අබේනායක යාකා නායක වී දියණිය දරුගබේ බරින් නිදහස් කොට නිවාස අඩස්සියේ තැබීමටත් යෝෂිත රාජපක්ෂ පැමිණෙන්නේනම් නිවසින් වැඩ සදහා කියමින් පිටව යාමට තරම් ඉදිරිපත් වීඇත.

නිවසට වී කල් මැරීම සුදුසු නොවන බව පැවසු යෝෂිත යාසාරාව ජාතික රුපවාහිනියේ eye නාලීකාවේ විදායක නිෂ්පාදිකාවක් ලෙස පත්වීමක් ලබා දෙනවා. පියාගේ ඉල්ලීමට ඉඩ දෙමින් අකමැත්තෙන් උන් තරුණිය ටිකෙන් ටික මුදල් වලත් බලයේත් රසය දැනී යෝශිතව තමන් වෙත බැද තබා ගැනීමට සියලු දේ සිදුකරනවා. වයසෙන් වැඩි වුවද යසරාගේ සුවුශේෂී දක්ෂතා හදුනාගන්නා යෝෂිත තමන්ට ලැබුණු සුවීශේෂී තිළිණයක් ලෙස යාසාරා අබේනායක ආරක්ෂා කරමින් ඇයව Carlton රුපවාහිනී නාලීකාවේ ප්‍රධාන තනතුරට පත්කරමින් යෝෂිත වෙනුවෙන් වගකීම් දරන්නට ලබා දෙනවා .

යෝෂිත රාජපක්ෂ නිධන් නාමල් සමග ලංකාවේ රගර් ක්‍රීඩාව මාෆියා කරණය කිරීමත් සමග යෝෂිතට එරෙහිව ශ්‍රී ලාංකික එඩිතර රගර් ක්‍රීඩකයකු අභීත හඩක් නගනවා ඔහු වසීම් තාජුදින් මුස්ලිම් සහෝදරයකු වුවද ඔහු නිරන්තරයෙන් අසාධාරණයට එරෙහිව පාසල් සමයේ සිට හඩ නැගුවෙක් විය. යෝෂිත රාජපක්ෂලාගේ රගර් මාෆියාවට එරෙහිව සහ ක්‍රීඩාපිටිය තුල දේශපාලන බලයෙන් ක්‍රීඩකයන් බිය වද්දා ක්‍රීඩා කිරීම වචන හුවමාරුවලදී වැනි රගර් ක්‍රීඩාවට සාමාන්‍ය කටයුතු වලදී මරණිය තර්ජන කිරීම් වලට එරෙහිව හඩ නැගු වසීම් තාජුදින් නිරන්තර නැගීසිටීම යෝෂිත රාජපක්ෂ දුටුවේ යාසාරාගේ පරණ පෙම්වතා ලෙස ඊර්ශියාකාර කටයුත්තක් ලෙස පමණි. නමුත් වසීම් තාජුදින් යනු යාසාරා අබේනායක වෙනුවෙන් සැදී පැහැදී ආලය කල යාසාරා ගැබ්ගත් අවස්ථාවේ ඇයව විවාහ කරගැනීමට පවා සුදානම් වූවෙකි. නමුත් ආත්මාර්ථකාමී අබේනායක මහතා සහ දියණිය වසීම් තාජුදින්ව කුණු කැල්ලක් සේ ඉවත දමා අමතක කිරීමට සමත් විය.

ජනාධිපතිවරයාගේ පුතාගේ බිරිද වීමට නිරන්තරයෙන් බාධාවක් වූ වසීම් තාජුදින් අබේනායක මහතාගේද එදිරිවාදියෙක් විය. අළුයට වැළලුනු ඉතිහාසය වසීම් කිසිදිනෙක ඇද නොතිබුණද ඔහු අබේනායක පවුලට තර්ජනයක් විය. එම නිසාම අබේනායක මහතා යෝශිතට නිතර තාජුදින් තම දියණියට තර්ජන සහ කරදර කරන බව බොරුගොතමින් කියා ඇත. මෙය තුලින් තාජුදින් ලංකාවෙන් හෝ ලොවින් තුරන් කිරීම ඒකායන අරමුණ වූ බව අද වන විට වසීම් තජුදින්ගේ මරණයෙන් පැහැදිලි වේ, වසීම් සහ යෝෂිත අතර ආසන්නම වචන හුවමාරුව සිදුවී ඇත්තේ flower drum අවන්හලේදී බව ප්‍රසිද්ධ රහසකි මෙහිදී වසීම් යාසාරාගේ ශරීරයෙහි උපන් ලපයක් පිළිබද සදහන් කිරීම යෝශිතගේ සාහසිකම් වලට ඉක්මන් වී ඇත. දස්කොන්ට වූ ඉරණම වසීම්ටද සිදුවිය. පැහැරගෙන ගොස් පොලිතින් මල්ලක ඔලුව සිරකර වාතය නැතිකර හුස්ම ගැනීමට බැරිකොට පසුව ඝාතනය කොට වාහනය සමග ගිනි තැබූ බව යෝශිතගේ මිතුරන්නම් බිමත් වූ පසුව මෙම දිනවල නිතර දොඩවයී නමුත් ලංකාවේ පොලිසියට අනුව මෙය රිය අනතුරකි. යෝෂිත රාජපක්ෂට විපක්ෂ ආණ්ඩුවකින් හැර කිසිදිනෙක දඩුවම් කල නොහැකි බවීන් සියලුදෙනා නිහඩය. යෝශිතගේ මිනීමරු හමුදාව තවමත් නිදැල්ලේ.?

Top