LNN SPY

ගෝඨාගේ අන්තවාදය වපුරන හනුමන්තා……. රට පුරා ගිනි තැබීම අරඹයි……. ගෝඨාගේ අන්තවාදය වපුරන රැස්වීමට 10වත් නෑ……

Published on – Oct 8, 2019 සිංහල බෞද්ධයන්ගේ එකම වීරයා ගෝඨාභය රාජපක්ෂ බව පොහොට්ටු ගොට්ටන් රට වටේම පරසක්වල ගැහුවද ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිහා විමසිල්ලෙන් බලන්නෙකුට මේ කරන්නේ අමු අමුවේ සිංහල බෞද්ධ ජනතාව ඇන්දවීම බව නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

බලය ලබා ගැනීමට රජ වීමට ඕනෑම දහදුරා වැඩක් කිරීමට පසුබට නොවන රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටු කල්ලිය සිය අන්තවාදය වැපරීවීමට ප්‍රධානතම ඉත්තා ලෙස යොදා ගත්තේ පාස්කු ප්‍රහාරය බව මතක් කළ යුතුමය.

බෝම්බ ප්‍රහාරයට ලක් වී අපව හැර ගිය අහිංසක ජන ජීවිත වල රස්නය පවා යන්නට පෙර එම මල මිනි මතින් දේශපාලන ප්‍රවේශය ගත් ගෝඨා විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සිය බත් ගොට්ටන් ලවා දිගට හරහට මුස්ලිම් ප්‍රජාවට පහර දෙමින් රට පුරා අන්තවාදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.

සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදීන් බව කටපුරා කියන්නට මේ තත්ත්වයේදි විමල් හෝ ගම්මන්පිල අමතක නොකළ අතරම සිංහල බෞද්ධයා තනිවී ඇති බව මවා පෙන්නමින් මුස්ලිම් විරෝධී රැල්ලක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ ගත් ආකාරය අමතක කළ නොහැකිය.

ගෝඨාට, පොහොට්ටු බයියන්ට අනුව සිංහල බෞද්ධ ඡන්ද ලබා ගැනීමට අන්තවාදය වැපිරිය යුතුය. අන්තවාදය වපුරා සිංහලයා ගොනා කළ යුතුය. ඒ සඳහා මේ ජනාධිපතිවරණයේදි වෙනම බලකායක් නිර්මාණය කර ඇති අතර සිංහලයා ගොනා කිරීමේ බලකාය මෙහෙයවන්නේ ගම්මන්පිලගේ අනුශාසනාවෙන් මධුමාධව අරවින්දය.

නමුත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ගෝඨා මුස්ලිම්, දෙමළ ඡන්ද නොමැතිව ජයග්‍රහණය කිරීම කළ නොහැකි බව මනාව වටහා ගෙන ඇති නිසා අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියාවලියක යෙදී සිටින්නේ මධුමාධවලා ගමේ ගෙයක් ගෙයක් ගානේ ගොස් හන්දියක දහයක් පහලොවක් එකතු කොට හම්බයන්ට ඔලුව උස්සන්න දෙන්න එපා කියමින් ගෝඨාගේ ප්‍රචාරක වැඩ කරන වකවානුව කදීය.

පුත්තලම කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේදි, රත්නපුර කුඩුගල්වත්ත, ජෙන්නත් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එකට කන බොන ගෝඨාට මුස්ලිම් ජනතාව හම්බයන් නොවේ. ඔක්තෝබර් 05 වෙනිදා සිය නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබමින් ගෝඨා පවසන්නේ ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා තමාට ජනාධිපතිවරණයේදි සම්පූර්ණ සහය දක්වන බවත් ජාති, ආගම් බේදයෙන් තොරව සැමට සමගියෙන් හා සමාදානයෙන් ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කරන බවත් ය. එසේ තිබියදි මධුමාධවලා මේ නිර්මාණය කරන්න හදන තනි සිංහල බෞද්ධ රට පිහිටුවන්නේ හදේ දැයි සාධාරණ සැකයක් ඇතිවන්නෙ මේ දෙපිටිකාට්ටු වැඩ දකින විටදීය.

සිංහල ජන්ද ඉලක්ක කරමින් අන්තවාදය පතුරුවා හරිමින් පොහොට්ටු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මතය සමාජ ගත කිරිම නැවත ආරම්භ කිරිමට මධුමාදව අරවින්ද නැමති අන්තවාදියා භාර ගෙන ඇති ආකාරයට පහත වීඩියෝව සාක්ෂි දරන අතරම මොවුන්ගේ විසකුරු කතා හොදින් ඇසිය යුත්තේ නයා රෙද්ද පල්ලේ දමා ගත් පසු කනෝ කීවට වැඩක් නැති බැවිනි.

මෙම වීඩියෝව දෙස හොදින් බැලුවොත් ඇත්තටම එම රැස්වීමේ පිරිස 20 වත් නැති බව පෙනෙනු ඇත. නමුත් වඩා සාර්ථකම ගොනාට ඇන්දීමේ ප්‍රචාරණයද වන්නේ එයයි. මධුමාධවලා මවා පෙන්වන මේ සිංහල බෞද්ධ රට මේ භද්‍ර කල්පයේදි නම් ගෝඨාභය රාජපක්ෂ අතින් ඉටු නොවන බව මේ පිරිසට වැටහෙන්නේ මධුමාධවගේ කතාවෙන් ගෝනාට ඇඳ ගෝඨාට ඡන්දය දමා මාස කිහිපයක් ගත වන විට ය.

පාස්කු ප්‍රහාරයත් සමඟ රට පුරා මුස්ලිම් විරෝධි රැල්ලත් සමග මිනුවන්ගොඩ මීගමුව ප්‍රදේශ වල මුස්ලිම් ව්‍යාපාරිකයන් සොයා පැමිණ ඔවුන්ගේ කෙසෙල් කැන් කඩයේ සිට මහ පරිමාණ සාප්පුව දක්වා ගිනි තැබීමට මහසෝන් බලකාය සමඟ මධුමාධව ද හවුල් වූ අතරම මේ ඔහු ගෙනියන්නේ ඒ ගිනි තැබීමේ දෙවැනි පියවර බව පෙන්වා දිය යුතුමය.

මහසෝන් බලකාය හා මධුමාධවලාගේ දේශ ප්‍රේම් කල්ලිය ගිනි තැබූ කඩ…..

මේ අවස්ථාවේදී සිංහල බෞද්ධයන් කළ යුතු වගකීමක් ඇත. එනම් ඇත්තටම රටට ජාතියට ආදරේ නම් මෙවැනි පඩත්තල දේශපාලුවන්ගේ මතයට නොරැවටීමය. බොරුවට මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට අපහාස කරමින් සිංහල ජනතාව ඉදිරියේ අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කරන කිසිවෙක් ඇත්තටම රටට ජාතියට ආදරේ නොකරන යථාර්ථය තේරුම් ගැනීමයි.

අනෙක් අතට බුදුහාමුදුරුවන් ගැන ගීතයක් ගායනා කළ පලියට මධුමාධවලා සිංහල බෞද්ධයන් වන්නේ ද නැත. ඔවුන් සැබෑ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නම් තවත් ආගමකට ගරහන්නේ ද නැත. බෞද්ධාගමේ එවැන් දර්ශනයක් කියා නොදෙන බව වැස්සට හෝ දහම් පාසලකට, පන්සලකට ගොඩ වූවෙකු දන්නා කරුණකි. නමුත් බලයෙන් අන්ධ වෙලා තම නායකයාගේ කකුල ලෙවකන සුනඛ පෝතකයන්ට නම් ඒ බව වටහා ගැනීමට තව සංසාරයක් අවශ්‍ය වනු ඇත.

 

Top