LNN SPY

ගෝඨාගේ රැලියට ආ තරුණියක් සමූහ දූෂණය කරලා…. කාන්තාවන්ට හෙටක් හදන අයගේ වැඩ මෙන්න….. පැමිණිල්ල වෙනස් කරන්න පවුලටම බලපෑම්…! – Update වීඩියෝ සහිතයි

 Published on – Nov 8, 2019 ඊයේ (07) කෑගල්ල දි පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියට සහභාගි වීමට පැමිණි හෙම්මාතගම තරුණියක් බස් රථයක් තුළදි සමූහ දූෂණයට ලක්ව තිබෙනවා.

ගෝඨාගේ රැලියට බස් රථ මගින් සෙනඟ අද්දවා ඇති අතර අදාළ තරුණියද එලෙස රැස්වීමට සහභාගි වීමට පැමිණි අයෙකි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරු යැයි කියා ගන්නා දෙදෙනෙක් හා හෙම්මාතගම සංවිධායක විසින් මෙම තරුණිය බස් රථය තුළ සිරකර ගනිමින් දූෂණය කර ඇති අතර පස්වරු 5 ට ආරම්භ කෙරුණු රැලිය අවසාන වන තුරුම එලෙස ඇයව බසය තුළම තබා ගෙන කිහිප විටක් දූෂණය කොට තිබෙනවා.

පසුව එම තරුණිය රෝහල් ගත කොට ඇති අතර අදාළ සැකකරුවන් අත්තඩංගුව ගැනීමටද ඊයේම පොලිසිය ක්‍රියා කොට තිබෙනවා.

ඊයේ රාත්‍රියේම තරුණියගේ නිවස වෙත කඩා වැදුණු ගෝඨාගේ මැර කණ්ඩායමක් එම තරුණියගේ පවුලේ සමාජිකයන්ට තර්ජනය කොට එම සිද්ධිය පොලිසියෙන් ඉවත් කර ගන්නා ලෙස පවසා ඇති අතර එසේ නොකළ හොත් නිවස ගිනිබත් කොට පවුලේ සාමාජිකයන් සියල්ල මරා දමන බවටද තර්ජනය කොට ඇත.

එසේම තමා දූෂණය ට ලක් නොවුන බවට පොලිසියේදි පවසන ලෙස පවුලේ සමාජිකයන් ලවාම අදාළ තරුණිය වෙත බලපෑම් කිරීමට මෙම කණ්ඩායම ක්‍රියා කොට තිබෙනවා. ඒ අනුව අද පොලිසිය විසින් දූෂණයට ලක් වූ තරුණියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදි තම පවුලේ සමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇය තමා කැමැත්තෙන් අදාළ පුද්ගලයන් හා ලිංගික සංවාසයේ යෙදුණු බවට ඇය පොලිසිය වෙත පවසා ඇත.

මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් කතාවක් මේ වන විට නිර්මාණය කොට ඇති අතර එයට අනුව ගෝඨාගේ රැලියට සහභාගි වීමට ගිය මෙම තරුණිය සහ ඇයගේ මව මන්ද මානසික වන අතර රැලියට සහභාගි වී එන අතරතුර හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට තරුණිය රැගෙන ගිය 23 හැවිරිදි තරුණයෙක් විසින් මෙමම් දූෂණය කර ඇති බවය.

එම කතාව දේශපාලන වාසි වෙනුවෙන් නිර්මාණය කෙරුවක් වුවත් තරුණිය දූෂණය වී ඇති බව එහි ඇති සත්‍යයයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කොට ගෙන ඇති අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේ මෙම සමූහ දූෂණය කළ කණ්ඩායම හිටපු අමාත්‍ය මහීපාල හේරත්ට සම්බන්ධකම් පවත්වන පිරිසක් බවයි. ඒඅනුව අද උදෑසන මහිපාල හේරත් ගේ පුතා වන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් එම තරුණියගේ පියා කැඳවා මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස ලක්ෂ දහයක ඇති බවට සඳහන් ලියුම් කවරයක් පියාගේ අතට ලබා දී ඇති අතර. එම මුදල ඇතුලත් ලියුම් කවරය කනක හේරත් ලබා ගෙන ඇත්තේ එවෙලෙහි එතැන සිටි බැසිල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකවරයාගෙන් බවයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කලේ.

පසුව එම ස්ථානයෙන් ඉවත් යමින් තරුණියගේ පියා එම මුදල ගැන බලා ඇති බවත් එවිට එහි ඇත්තේ ලක්ෂ 9ක් බව තහවුරු කර ගැනීමෙන් පසුව පියා නැවතත් කනක හේරත් හමු වී ඇති බවත් ලක්ෂ 10 කට පැමිණිල්ල ඉල්ලා අස් කරගත නොහැකි බව පවසා ඇති බවත් වාර්තා වේ.

පොහොට්ටුව දැන් නිර්මාණය කරන්නේ එම තරුණිය තම පෙම්වතා සමඟ ලිංගිකව හැසිරුණු බවට යි. නමුත් තම පෙම්වතා හෝ  සැමියා හෝ සමඟ ලිංගිකව හැසිරෙන කිසිවෙක් ඒ බව පොලිසිය වෙත ගොස් පැමිණිලි නොකරන බව ප්‍රයෝගික කරුණයි. එසේ වූවා නම් දිනකට කෝටි ගණනින් සිදුවන ලිංගික හැසිරිම් වල පැමිණිලි ලියා ගැනීමට වෙනම පොලිසියක් හැදීමට සිදුවනු ඇත.

එබැවින් ලංකා නිවුස් වෙබ් අප පවසන්න්නේ මෙම තරුණිය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළ යුතු බවයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී මෙම සිදු වීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා හා DNA වාර්තා කැදවා වැරදි කළ පිරිසට දඬුවම් ලබා දීම කල යුතු බවයි.

මුදල වෙනුවෙන් රඟ පාන පසුව එම ප්‍රසිද්ධිය හරහා මාධ්‍ය සාකච්ඡා පවත්වා ලංකාවේ මිනිස්සුන්ගේ මොලවලටට විෂබීජ දමමින් ගෝඨා බලයට ගෙන ඒමට දඟලන සංජීවනීලා, නිල්මිනි ලා, කුසුම් රේණුලා පතන්නේ මෙවන් අනාගතයක් සහිත ශ්‍රි ලංකාව ක්ද?

රටේ සනීපාරක්ෂක තුවා අවශ්‍යතාව ය පිළිබඳව කතා කිරීමේදි එය ලැජ්ජා බයට කාරණයක් බව කියා ගනිමින් පතිවත ලෝකයට පෙන්වීමට උත්සහ දරන සංජීවනි වැනි කාන්තාවන්ගෙන් මේ පොහොට්ටු සල්ලාලයන් අමු අමුවේ ගැහනියක්ගේ ආත්ම ගෞරවය විනාශ කිරීම හා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව නීතිය ඉදිරියට යාමට ඇති මාර්ගය පවා අවහිර කිරීම ලැජ්ජා වෙන්න කරුණක් නොවේදැයි විමසිය යුතුමය.

රාජපක්ෂ රෙජිමය බලවත් කාලයේ සියලුම කාන්තාවන් ලිංගික භාණ්ඩ ලෙස සලකමින් කටයුතු කළ මෙවැනිම රාජපක්ෂලාගේ දේශපාලන පිල්ලි සිටි බවද අමතක නොකළ යුතුය. 2011 දෙසැම්බර් මස25 වෙනිදා තංගල්ලේ හෝටලයක්දි කුරාම් ෂේක් නම් තරුණයා ඝාතනය කොට ඔහුගේ සහකාරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දූෂණය කළේද එලෙස රාජපක්ෂ බලයෙන් ඔලුව උදුම්වා ගත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනෙකු බවද අමතක නොකළ යුතුය.

Top