Anonymous Reporter

ගෝඨාට නරක දසාවක්! 29න් පසු රටේ අපලය අවසන් ද?

ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරමින් එළඹෙන 29 වැනි දා රාත්‍රියේ ජනාධිපති මන්දිරය ආසන්නයේ ගුප්ත ශාස්ත්‍රමය යාගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ජුනි මස 29 වැනි දාට යෙදී ඇති අමාවක දිනයේ රාත්‍රියේ පැවැත්වෙනු ඇති ආරංචි වන මෙම යාගයේ අරමුණ, ජනපති ගෝඨාභය ඉලක්ක කරමින් අතිප්‍රබල කොඩිවිණයක් කිරීම බවයි ඔහු අනාවරණය කළේ.

මේ සඳහා ම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගෙන්වන ලද පාරම්පරික ගුප්ත ශාස්ත්‍රවේදියකු හෙවත් මලයාලි කට්ටඩි මහතකු මෙරටට ගෙන්වා ඇති බව ද, ඔහු පසුගිය මාසයකට අධික කාලයක් පුරා ජනපතිවරයාගේ සත්‍ය උපන්දිනය සහ කේන්ද්‍රය පරීක්ෂා කරමින් ඔහුට මාරක වන නැකත් සහ මුහුර්තයන් සෙවීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

මෙම ගුරුකම කෙරෙන්නේ ජනාධිපති මන්දිරය ආසන්නයේ බව ආරංචි වන නමුත් ඒ ගාලුමුවදොර පිටියේ ද යන්න තවමත් නිශ්චිතව දැනගැනීමට නැත. මීට පෙර ද ගාලුමුවදොර අරගලබිමේ ගම්මඩු, කාලි පූජාවන් සහ මාඩසාමි පූජාවන් පවත්වන ලද අතර, ජනපතිවරයාගේ උපන්දිනය දා ම අරගලකරුවන් විසින් මිනීපෙට්ටියක් සහ මල්වඩම් රැගෙන ගොස් ඔහුගේ මරණය රඟදක්වා පෙන්වා තිබේ.

සාමාන්‍යයෙන් දේශපාලනයට සම්බන්ධ පවුල්වල සාමාජිකයන් සිය සත්‍ය උපන්දිනය හෝ වේලාව ප්‍රසිද්ධ නොකරන අතර, ඊට හේතුව මෙලෙස ඔවුන් ඉලක්ක කරගෙන ගුරුකම් කරනවාට ඇති බිය බව සාමාන්‍ය සමාජ මතයයි. මෙම යාගය පසුපස රාජපක්ෂ පවුලට ඥාති වන සහ මෑතකදී රාජපක්ෂ පවුල සමග විරසක වූ එක්තරා ප්‍රාදේශීය දේශපාලකයකු සිටින බවත්, ජනපතිවරයාගේ සත්‍ය උපන්දිනය සහ වෙලාව කොහෙන් හෝ සොයාගෙන ඇත්තේ මෙම දේශපාලකයාගේ මැදිහත්වීමෙන් බවත් අපට වාර්තා වෙයි.


Top