Featured

චතුරිකාට අනින්න ගිය හල්ලොලූව දෙකොනින් ඇන ගනී…මංගලත් අවමංගල වෙන ලකුණු

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණියට එරෙහිව ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා ප‍්‍රචාරය කිරිමට තොරතුරු ලබා දී ඇත්තේ තුසිත හල්ඔලූව බවත් අණාවරණය වීමත් ඇයගේ නම විකුණමින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් කොල්ල කෑමත් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්විම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ බලතල යටතේ යොදවා ඇති බවත් ඔහුන් පසුගියදා හදිසියේම තුසිත හල්ඔලූවගෙ නිවසට පැන ලියකියවිලි රැසක් රැගෙන ගොස් තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති බවට අප 2016 ජුනී 2 (June 2, 2016)වැනිදා අනාවරණය කල අතර පසුව සිරිසේනට ඊ නිවුස් හරහා තග දමමින් තුසිත CID යට පස්ස පෙන්විමේ මෙහෙයුමක් නියැලී සිටින බවද අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චතුරිකා සිරිසේන මෙන්ම සිරිසේන පවුලේ කිහිප දෙනෙකුගේම නම් විකුණමින් මේ අකාරයට මුදල් වංචාකර ඇති අතර ජනාධිපතිවරයාගේ නිළ ලිපි ශීර්ෂ සහ ව්‍යාජ්‍ය අත්සන් තබමින් මෙම වංචා කටයුතු වල නියැලී ඇති බව අනාවරණය වි ඇති අතර ඒ අතර දේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානී මෙන්ම, පොහොර සංස්ථාවේ සභාපති ලෙස පෙනී සිටිමින් මුල්‍ය වංචා රැසක් සහ සිරිසේන පවුල ඉලක්ක කර ගදරුවන්ගේ වෙබ් අඩවියේ මඩ පුවත් රැසක් නිර්මාණය කිරිම මෙන්ම මැතකදි චතුරිකා සම්බන්ධයෙන් තුසිත ගැසු මඩක් මෙම තත්ත්වය උග්‍රවිමට බලපා තිබේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්‍රී ලංකා ක්රිකකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවයේ සංවිධාන් කටයුතු බාරව සිටි ජනපති දියණි චතුරිකා සිරිසේනගේ Media Gang Pvt Ltd ආයතනය මෙම උත්සවය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවට තුසිත අසත්‍ය පුවතක් ඊ නිවුස් හී පලකර තිබිම මෙම උග්‍ර ගැටුමට හේතුව බවයි අනාවරණය වි ඇත්තේ.

මංගල -මෛත්‍රී ගැටුම උග්‍ර වේ..

මේ අතර තුසිත හල්ලොලූව සහ මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස් යොදාගනිමින් විවිධ මධ පුවත් නිර්මාණය කර එවා ලංකා ඊ නිවුස් හරහ බෙදාහැරිමට කටයුතු කරන විදේශ කටයුතු ඇමති මංගල සමරවිර වහාම එම ඇමතිකමෙන් ඉවත් කිරිමටද ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.මංගල ඇමතිධුර බලතල පාවිච්චි කර රටේ ප‍්‍රතිපත්තියට පිටින් කටයුතු කිරිම මෙම ඉවත් කිරිමට මුලික හේතුව බව අගමැතිවරයා සමග කල සාකච්ඡාවකදි අනාවරණය කර තිබේන නමුත් ඒ පසුපස ඇත්තේ මංගලගේ මඩ බලකාය මර්දණය කිරිමේ මෙහෙයුමක් බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙකුට ලබාදිමට ජනාධිපතිවරයා අගමැතිවරයාට කැමත්තද පලකර තිබේ.මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා හමුවීමට මංගල සමරවීර වෙලාවක් ඉල්ලා ඇතත් එය ලබා දීමට කටයුතු නොකර ඇති බවද අනාවරණය වි තිබේ.

2015 දෙසැම්බර් 1 වැනිදා කල අනාවරණය (December 1, 2015)

මංගලගේ අමන රැළ මටයි මගේ …..පවුලටයි…..මඩ ගහනවා…උබලා මෙතන නිකන් බලන් ඉන්නවා යනුවෙන් දරුණු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොල්ටාවේ සිට ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පසුගියදා පත් කරනු ලැබු චමුදිත සමරවික්‍රමට බැණ වැදි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මංගලගේ අමන රැළ මට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී

රුවන් ප්‍රදිනැන්දිස්ගේ සත්හඩ පුවත් පත අර්ජුන් ඇලෝසියස් විසින් මිළට ගනී 

THUSARA_RUWAN

තුෂාර ගුණරත්න සහ රුවන්

රාජපක්ෂලාට එරෙහිව මුදලට මඩ ව්‍යාපාරය දියත් කරන අනුන්ගේ නිවුස් කොපි කරමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස තමන්ම නිවුස් ගසාගත් මංගලගේ චක් ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් දුමින්ද දිසානායකගෙන් හොරා කෑ සත්හඩ පුවත් පත බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් මිළට ගෙන තිබේන බවට තොරතුරු අනාවරණය වි තිබේ.

අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ රුවන්ගේ මාෆියා මිතුරෙකු වන මව්බිම පුවත්පතේ හිටපු කතෘ ,වත්මන් බැදුම්කර හොරුන්ගේ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන තුෂාර ගුණරත්න හරහා වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.

යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතී. තුසිත හල්ලොලූව පවසන පරිදි මංගලලා, චම්පිකලා, අනුරලා, දුමින්ද හා රාජිතලා වැන්නවුන් කරපු දෙයක් නැත. සියලූ සැලසුම් හල්ලොලූවාගේය. සියලූ මෙහෙයුම් හල්ලොලූවාගේය. පුවත්පත් මගින් සල්ලි ගෙවා ලිපි පලකරවාගෙන තමාවම පුම්බා ගැනීමට වෙර දරන තුසිත හල්ලොලූව උපන්නේ බෙන්තර බද්දේගම ගමේය.

පත්තර කිහිපයකට විටින් විට විශේෂාංග ලියූ හෙයින් තමා විසින්ම මාධ්‍යවේදියෙකැයි ප‍්‍රසිද්ධියේ කියා ගනිමින් රටේ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන කපටිකමින් දැනහැදුනුම්කම් ඇති කරගත්තේය. මොහු ඒ සියල්ලෝම තමාගේ අතිජාත මිත‍්‍රයින් ලෙස හුවා දක්වමින් බොරුවෙන් ජීවත් වන්නෙකි. මොහු ගත් බොහෝ සම්මුඛ සාකච්ඡා කිසිදු පුවත්පතක පලවුයේ නැත.එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප‍්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත‍්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි. සිදු වූ දේ කිහිප දෙනෙකුම දුටු හෙයින් එතැනින් මාරු වූ තුසිත මංගල සමරවීර පස්සේ ගාටමින් රස්තියාදු ගසමින් නිකරුණේ කාලය ගත කරන්නට විය. මංගලට ලැබෙන තොරතුරු අසා සිටිමින් අලූත් වැඩකට තුසිත අත ගසන්නේ මේ කාලයේය. එනම් විවිධ ගැටලූවලට ලක් වූ අයගේ තොරතුරු මංගලට ලැබෙන බැවින් ඒවා අසාගෙන සිට, මංගල වැනි අය හරහා සහන සැලසිය හැකි යැයි පවසමින් කප්පං ගැනීමට තුසිත පටන් ගත්තේය.

නිතර තමා ලග ගැවසෙමින් වාතයක් වෙන තුසිතව මංගල විසින් විවිධ තැන් සදහා යවනු ලබන්නේ නිතර දැකීම තමාටත් මල වදයක් වුණු බැවිනි. එයින් තමා මංගලගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කියා ගනිමින් තුසිත කටයුතු කළ අතර, මුලින් මෙවැනි මැට්ටෙකු මංගල තම සම්බන්ධීකරණ ලේකම් කරගනීදැයි බොහෝ දෙනාට ප‍්‍රශ්ණයක් වූ නමුත් පසුව එය හැමෝටම සාමාන්‍ය දෙයක් බවට පත්විණි. ඉංග‍්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එසේම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මෙම ආයතන දෙකේම ඉහල නිලධාරීන් බහුලව භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි වන අතර බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පවසන්නේ නැත. මුලූමනින්ම නිහඩය.

යහපාලනේට මාස හතරක් වෙද්දී ඉන්න හිටින්නට තැනක් නැතිව හිටි තුසිත හල්ලොලූව අද ඉන්නේ Crescat හි අතිසුඛෝපභෝගී සුපිරි නිවසකය. මාසිකව ගෙවන නිවාස කුලිය හත්ලක්‍ෂ පනස්දාහකි. එසේම කෝට්ටේ ගල්වල පාරේ අලූතින් කෝටි 03 ක පමණ නිවසක් මුදලින් කෝට් දෙකක් දී ඉතිරිය ණයක් මගින් හිමිකර ගැනීමට ද තුසිත සමත් වී ඇත. එහි ණය වාරිකය වන තුන්ලක්‍ෂ විසිපන්දහස කප්පං සල්ලි විදියට වෙනත් කෙනෙකු ගෙවා දමයි. එපමණක් ද නොව යන්න එන්න බයිසිකලයක්වත් නොතිබුණු තුසිත හල්ලොලූව අද පාවිච්චි කරන්නේ BMW හා බෙන්ස් යන වර්ගවල රථ දෙකකි. ඒවා ද විවිධ යටිකූට්ටු වැඩ කරදෙන බවට පොරොන්දු වී කප්පං වශයෙන් ලබා ගත් ඒවාය. මෙම මුදල් ගෙවන්නේ කවුද, කුමන හේතු නිසාද, මේ වන විට කීයක් ගෙවා තිබේද යනාදි කරුණු සාක්ෂි සහිතව අප වෙත ලැබී ඇත. ඒවා සහ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

http://www.sinhala.lnwtoday.com/archives/14302

Top