Featured

චන්ද්‍රිකා වැඩේ කනවා….අපිට ජාතික ආණ්ඩු ඔනෑ නෑ

ශ්‍රිලනිපය මෙහෙයවමින් සිටින චන්ද්‍රිකා කුමාරණතුංගගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ආණ්ඩු සැදුවද එය මාසයකට දෙකකට වඩා ඉදිරියට ගෙන යැම් ඉතා අපහසු බව එජාප මහ ලේකම් කබීර් හෂීම්  අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.ඊයේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් කල ප්‍රකාශයන් හේතුවෙන් අප වාර්තාකරු එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සමගම කල සංවාදයෙන් ජාතික ආණ්ඩුව සැදිම පසෙකලා සන්ධානයට හෝ ශ්‍රිලනීපයට එක නායකයෙකු පත්කර ගැනිම ඉතාම කාලෝචිත බව තහවුරු වි තිබේ.

චන්ද්‍රිකා එකක් කියනවා….මෛත්‍රී තව එකක් කියනවා…ඒ විතරක් නම් කමක් නෑ…මේ දේශපාලනය ගැන මෙලේ දෙයක් නොදන්නා එවුන් මේ දේවල් වලට අත දාන එක තමා තියේන ලොකුම ප්‍රශ්ණය යනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් කබීර් හෂිම් පවසා තිබේ.

මේ අතර මෛත්‍රී ජනාධිපතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳව පක්ෂ් අභ්‍යන්තරය තුල සාකච්ඡාවට භාජනය වෙමින් තිබේන බවද හෂිම් මහතා අනාවරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක වැනි පලපුරුදු අයෙකුට පවරා තිබියදි කිසිදු විමසිමකින් තොරව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමාර් සංගක්කාරට ආරාධනා කිරිම පිළිබඳව පක්ෂය අභ්‍යන්තර සාකච්ඡාවට ලක්ව එති බවද ඔහු පවසා තිබේ.

“අපිට ජාතික ආණ්ඩු ඔනෑ නැ…. TNA,JVP එකතු කරලා ආණ්ඩුව හදන්න පුලුවන්….මෛත්‍රී ජනාධිපතිතුමා කියන නිසා ශ්‍රිලනීප ආයටත් ඇමතිකම් දෙන්න ඔනේ නිසයි අපි මේ වැඩේට කැමති වුනේ.” යනුවෙන්ද කබීර් හෂිම් පවසා තිබේ.

 

Top