Featured

චරිත රත්වත්තට එරෙහිව මංගල දියයට ගෙමක්

බැංකු අධිපති ධුරයට චරිත රත්වත්ත පත්කිරිමට කටයුතු කලහොත් තමන්ද දේශපාලනය තින්දුවක් ගන්නා බව මංගල සමරවිර මහතා ජනාධිපතිවරයාට දැනුම් දි තිබේන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.රනිල්ගේ සමිපත්මයේකු ලෙස පෙනී සිටිමින් දියයටින් ගෙමක් මේ වනවිට මංගල ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ චරිත රත්වත්තේ විදේශ අමාත්‍යංශයේ සිටින නිලධාරීන් තුළ ඇති හැකියාවන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් කර නිලධාරීන් ස්ථානගත කිරීමේ අධික්ෂණ නිළධාරියා ලෙස පත් කිරිමට අගමැතිවරයා ගත් තිරණය නිසා බවයි.

යහපාලන රජයේ ආරම්භයත් සමග සිදුවු ඉන්දිය සංචාරයේදි මංගලගේ සහ මෛත්‍රීගේ විදේශ ප්‍රතිපත්ති රාජ උදහසට ලක්වු අතර විදේශ සේවය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ තුළද කිසිදු පැහැදීමක් නැති බව ඔහු විසින්ම වරින් වර කරන ලද ප‍්‍රකාශ තුළින් තහවුරු වු අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු කාර්යාලයට ගෙන්වා ඔවුන්ට අවස්ථා ගණනාවක බැණ වැදීමද සිදුවුන අතර බැණවැදීමෙන් නොනැවතුණු අගමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය අධීක්ෂණය කිරීම පිණිස හිටපු ලේකම්වරයෙක් මෙන්ම තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයකුවූ චරිත රත්වත්තේ පත්කිරිමටද කටයුතු කලේ තමන්ට අවශ්‍ය වන අකාරයට අමාත්‍යංශය තුල කටයුතු මෙහෙයවා ගැනිම සදහාය.මිට අමතරව නිල නොලත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල්ගේ විශ්වාසවන්තයා වන් මලික් සමරවික්‍රමද කටයුතු කල බව නොරහසකි.

යහපාලන ආණ්ඩුව ගිනියම් කරමින් හදිසියේම වෙනස් විමකට ලක්වු මහ බැංකු අධිපති ධුරයේ නව අධිපතිවරයෙකු පත් කිරීම වලක්වනු ලැබූවේ අගමැතිවරයා විසිනි. ඊට ප්‍රධානම හේතුව වුයේ චරිත රත්වත්ත මහතා අධිපති ධූරයට පත් කිරීමට අගමැතිවරයා ගෙන ආ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍ර‍තිකේෂ කිරීමයි.

චරිත රත්වත්ත මහතා 2004 එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බිද වැටීමට මුලික වූ පුද්ගලයාය. ඔහුගේ “ශ්‍රී ලංකාව නැවත අත්පත් කර ගැනීම” හෙවත් ‘රීගේනින් ශ්‍රී ලංකා‘ වැඩ සටහන වැඩිම විවේචණයට ලක් වූවේ එජාප පාක්ෂිතයින් අතරය. එවැනි පුද්ගලයෙකු මහ බැංකුවට පත් කිරීම තුලින් සිදු වන්නේ “නියෝ ලිබරල්” ආර්ථික ප්‍ර‍තිපත්තියක් රට තුල පැලපදියම් කිරීම පමනී. එමගින් තවදුරටත් බදු බර වැඩි කිරීම, සහන කපා දැමීම වැනි ප්‍රතිපත්ති වන අතර පසුව එජාප නව ආණ්ඩුව යටතේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ (Regaining Sri Lanka) ආකාරයේ නව ආර්ථික සැලැස්මක් සැකසීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කල අතර එය සකස් කිරිමේ කටයුතු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තිදෙනකු වෙත පවරා ඇති අතර ඊට අදාළ කටයුතු අධීක්ෂණය සදහා මලික් සමරවික්‍රම, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ උපදේශකවරුන් වන පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ යන මහත්වරුන් පත් කොට තිබුනා.

Top