Featured

ජන සටනට මඩ ගහන්න මඩ කල්ලියක් සුදානම්-රැස්විම අස්සේ ශ්‍රිලනිප මුලස්ථානයට පහරදිමේ සුදානමක්!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට නිදිවදිමින් රට බෙදුම්වාදීන්ගේ යටත් විජිතය බවටපත් කරමින් ගෙන යන යහපාලනය නාඩගම අවසන් කිරිමේ දැවැන්ත ජනපවුර ජනතා නැගිටිම මර්දණය කිරිම සදහා මෛත්‍රීගේ බත්ගොට්ටන් පිරිසක් විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කොළඹ, හයිඩ්පිටියේ පැවැත්වෙන ජන පවුර විරෝධතා රැළිය අතරතුර ඊට නුදුරින් පිහිටා ඇති මෛත්‍රීගේ සිරිකොත මුලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගල් ගැසිම සදහා බුකිකරුවෙකු මෙන්ම මෛත්‍රීගේ බත් ගොට්ටා වන තිලංග සුමතිපාලගේ චක් ගොලයෙකු වන මාලිගාවත්තේ බෝල සුදාට පවරා ඇති අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල්ද ලබාදි තිබේ.

මේ අතර ජාතික නාලිකා දෙකහිම අතිරේක මධ්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය ආසන්නයේ රදවා තබන ලෙසද දැනුම්ඩ් හි ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ආණ්‌ඩුවට එරෙහිව කොළඹ, හයිඩ්පිටියේදී මෙම 17 වැනිදා පවත්වන ජන සටන විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් හතළිස්‌ එක්‌ දෙනාම (41) කුමන අභියෝග පැමිණියද නියත වශයෙන්ම සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

මෙම රැලිය පවත්වන්නේ එ. ජා. ප ආණ්‌ඩුව පලවා හැරීමට මිස ශ්‍රීල. නි. ප. ය කැඩීමට නොවන බව පැවැසූ අලහප්පෙරුම මහතා යූ. එන්. පී. විරෝධී රැලියකට එක්‌වීම පක්‍ෂයේ විනය කඩකිරීමක්‌ කියා තමා කිසි ලෙසකත් නොසිතන බවත් කුමන අභියෝග පැමිණියත් ශ්‍රී ල. නි. ප. ආත්මය වෙනුවෙන් පෙනී සිටින බවත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය මෙම රැලිය සංවිධානය කර තිබෙන්නේ ගොවි සහන කප්පාදුවට, රණවිරු දඩයමට, ජනමාධ්‍ය මර්දනයට, එට්‌කා ගිවිසුමට හා මැතිවරණ කල්දැමීමට එරෙහිව බවත් සඳහන් කළ ඒ මහතා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂවලට අමතරව තවත් දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන රාශියක්‌ හා මේ රටේ දෙමළ හා මුස්‌ලිම් “ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ මේ රැලියට එක්‌වීමට කැමැත්ත පළ කර ඇතැයි කීවේය.

මහජන සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතාද මෙයට එක්‌වනු ඇතැයිද ඒ මහතා පැවසීය.
රටපුරා සිටින ශ්‍රීල. නි. පයට ආදරය කරන ගෞරව කරන ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙන් පෙළ ගැසුණු සියලු දෙනාට මෙම රැලියට සහභාගි වන ලෙස ආරාධනය කරන බවද හෙතෙම පැවැසීය.

ඉතිහාසය විසින් ශ්‍රී ල. නි. ප යට නිර්දේශ කරන්නේ යූ. එන්. පී. විරෝධී දේශපාලනයක්‌ බැවින් පක්‍ෂයේ එම ආත්මීය ප්‍රකාශය වෙනුවෙන් කිසිදු චකිතයකින් තිගැස්‌මකින් තොරව තම මන්ත්‍රී කණ්‌ඩායම පෙනී සිටින බවත් පැවැසීය.

Top