LNN SPY

ජනතා මුදල් කබාසීනියා කල මල්රාජ්ට තානාපති කමක්! ගෙදර යන ගමන් විනිසුරු වු ඊවා…. ප්‍රංශයට … නාලකට එරෙහිවු නලින්ද සිල්වා මියන්මාරයට!

Published on: Jan 13, 2020- ගෝඨාභය ජනාධිපති වි තවමත් මාස දෙක ඉක්මවා නැත.නමුත් දුන් පොරොන්දු වලට කෙලවු හැටි අමුතුවෙන් කියා දිය යුතු නැත.අයියා යන පාරෙම යන මල්ලි මේ වනවිට රජයේ හා ඉහළ තනතුරු සඳහා සමීප හා ආදරණීයයන් රාශියක් පත් කිරීමේ පුරුද්ද ආරම්භ කර තිබේ.

රජය විසින් විදෙස් රටවල් 04 ක් සඳහා නව තානාපතිවරුන් පත්කර තිබෙන අතර ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ඊවා වනසුන්දර ප්‍රංශයේ සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස, මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ඒ.එල්.ඒ. අසීස් නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙසත් පත්කර තිබේ.

කවුද මේ මල්රාජ් ද සිල්වා…

ගෝඨාභය රාජපක්ෂගේ පාසල් මිතුරෙකු ලෙසත් ලොස් ඇන්ජලීස් නිවසේ අසල්වැසියෙකුද වන මල්රාජ් මහින්ද රාජපක්ෂ සමයේ ගෝඨාභයගේ ආරක්ෂක ලේකම් තනතුර බලයට අනුව ලොස් ඇන්ජලීස් හී ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කල අතර මසකට ඇමරිකානු ඩොලර් 8000 ක මුදලක් ගෙවමින් තමන්ගේ පුතාගේ අධ්‍යාපණ කටයුතු වෙනුවෙන් ගෝඨාභය ලබාගත් සුඛෝපභෝගී නිවසේ පදිංචි වි සිටියේද මෙම මල්රාජ් වේ.

රාජපක්ෂ කලු දශකයේදි රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක්කු ලියට ගෙන ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි පවසමින් විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව අනාවරණය වු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් වු අතර සිදුකල් පරික්ෂණ වලදි එය මුල්‍ය අපරාධයක් බවද අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිම සදහා මල්රාජ් ද සිල්වා කැදවිමට කටයුතු කලද ඔහු එම සියලු අවස්ථා මගහැර ගෝඨාභය බේරා ගැනිමිට කටයුතු කල කුප්‍රකට හොරෙකි.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන ගෝඨාභයගේ පුත් මනෝජ්ට නවාතැන් දී මහජන මුදල් අවභාවිතා කර ඇතැයි චෝදනා කරමින් පොලිසිය විසින් අධිකරණය හමුවේ බී වාර්තාවක් ද ගොනු කල අතර සිදුකල පරික්ෂණ වලට අනුව 2015 මාර්තු මස දක්වා මනෝජ් උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනු වලින් අනාවරණය වු අතර පුත්‍රයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද අමරිකානු තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දන්වා තිබුනා.

එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් වන අතර 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට අමාත්‍යංශයට සිදුවුනා.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසයේදී කුප්‍රකට දිලිත් ජයවීර සමග එක්සත් ජනපදයට ගිය විට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි නැගෙනහිර දෙසින් පිහිටි මල්රාජ් ද සිල්වාගේ කුලී නිවසේ නතර වි සිට තිබේ.ගෝඨාභයට ඇමරිකාවේ සතු දේපල වලින් කොටසක් දිලිත් විසින් පාලනය කරනු ලබන අතර ඉතිරි සියල්ලම මෙහෙයවනු ලබන්නේ මල්රාජ් ද සිල්වා විසිනි.

දිලිත් සැගවි සිටියදි මල්රාජ්, ගෝඨාභය සිංදු කියු හැටි..

ගෙදර යන ගමන් විනිසුරු වු ඊවා…….

මහින්ද රාජපක්ෂ නීති විද්‍යාලයේ සිටියදි එම කණ්ඩායමේ සමීප මිතුරියක වු ඊවා වනසුන්දර නීතිය නවන්න දෙවියෙකි. තමන් දිනක් වැඩ අවසන්ව ගෙදර යමින් සිටියදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ තමාට එන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් දුන් බව ඇය විසින්ම ප්‍රකාශ කල අතර ඒ වෙනුවෙන් රාජපක්ෂලාගේ පස්ස පවා සේදිමට වනසුන්දර කටයුතු කල අයෙකි.

2015 දී මිග් ගනුදෙනු විමර්ශනය සම්බන්ධයෙන් FCID විසින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් වනසුන්දර වත්මන් ජනාධිපතිගේද වන්දිබට්ටයෙකු බව පෙන්වු අතර අතුරු නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක වු නමුත් විනිසුරු වනසුන්දෙරා පසුව පෞද්ගලික හේතු මත නඩුව විභාග කිරීමෙන් වැළකී සිටියේය.

කුප්‍රකට දින 52 කදි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය වෙනුවෙන් පත්කල විනිසුරු මඬුල්ලට ඊවා වනසුන්දර ද ඇතුලත් කර තිබු නමුත් වනසුන්දර නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය මෝසමක් ඉදිරිපත් කිරිම හෙතුවෙන් ඇය එම මඩුල්ලෙන් දොට්ට වැටුන් අයෙකි.

එවකට ජනාධිපති වූ මහිනද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති වූ සරත් පොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට රාජපක්ෂ ආණ්ඩුවේ එවකට නීතිපති වූ ඊවා වනසුන්දර 2009 වසරෙහි මැයි 13වනදා අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන රටේ නැති ප්‍රශ්ණ ඇති කල අතර පසුව සිදුකල විමර්ශන වලදි එම චොදනා සියල්ලම අසත්‍ය බව තහවුරු විය. ඇය විසින් ගොනු කරන ලද එකී චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිපති දෙපාර්ථමේන්තුව අසමත්ව විය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂ සහ නීති විරෝධී දෝෂාභියෝගය සැලසුම් කළ රාජපක්ෂ පවුල, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා දීමේ පැරණි පුරුද්ද නැවත ආරම්භ කර තිබේ.

දේවධර්මාචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා….

මේ අතර ගෝඨාභයගේ වියත් මග බලහත්කාරයෙන් මෙහෙයවනු ලබන,බෝර්න් අගේන් විරුද්ධ දේවධර්මාචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්විම ලබාදිමට ආසන්නතම හේතුව වි ඇත්තේ ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන නාලක ගොඩහේවා උග්‍ර බෝර්න් අගේන් මූලදර්මවාදී ක්‍රිස්තියානි නිකායවාදියෙකු විමත් ඔහු ඉලක්ක කර නලින්ද සිල්වා විවිධ කණ්ඩායම් මෙහෙය වන බව දැන ගැනිමත් නිසාය.

Loading…


Top