Featured

ජනතාවගේ ලේ,ජලය විකුණන රනිල්ගේ වැඩ මෙන්න

මුදල් ගෙවන් නැතිව ගොවීන් ජලය භාවිත කළොත් විනිෂ්චය සභාව මගින්  අදාල ගොවීන්ට දඩුවම් නියම කිරිම දක්වා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අලූතින් ගෙන ඒමට යෝජනාවි තිබෙන ගංගාද්‍රෝණි සහ ජලාශ කළමණාකරණ අධිකාරිය පිහිටුවීමේ පනත හරහා සිදුවන බවත් මිට අමතරව රුධිර ප්ලාස්මා විකිණිම හා මිලදී ගැනීම සඳහා වන නීතියක් සම්මත කිරීම හරහා ලේ වෙළඳ භාණ්ඩයක් කිරීමේ සැලසුමක් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කළා.

ඊයේ (09)දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, ලංකාවේ අලූතින් ගෙන ඒමට යෝජනාවි තිබෙන ගංගාද්‍රෝණි සහ ජලාශ කළමණාකරණ අධිකාරිය පිහිටුවීමේ පනත හා  ගැන නිකුත් වූ කැබිනට් යෝජනාවක් පිළිබඳ මේ කාරණා දෙක පිළිබඳවම පුවත්පත් වාර්තා මගින් පසුගිය සතියේ කරුණු අණාවරණය වෙලා තිබුණා.

ගංගාද්‍රෝණි සහ ජලාශ කළමණාකරණ අධිකාරිය පිහිටුවීමේ පනත තැන කතා කරනකොට එහි අරමුණ තමයි,

අදාල ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර පිළිබඳ තිරණ ගැනීමේ අයිතිය එකී අධිකාරියට පැවරීම, පොළොව මතු පිට වගේම ලිං ආදී භූගත ජලය පිළිබඳවත් තීරණ ගැනීමේ අයිතිය මෙයට පැවරෙනවා. ඒ වගේම මේ හරහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා එක්ව ජලය හරහා ආදයම් ඉපයීමේ විධි හොයනවා. දැනටමත් බෝතල කළ ජලය සඳහා නෙවෙයි මෙය අදාල වෙන්නේ කියල සඳහන් කර තිබෙනවා. විශේෂයෙන් ගොවීන් කෘෂිකර්මයට අදාලව පරිහරණය කරන ජලයට අදාලව තමයි මේ උත්සහය කරන්නේ. රාජිත සේනාරත්න ඇමතිවරයා කියනවා මේක ජලය විකිණිමට අදාල පනතක් නෙවෙයි කියලා. නමුත් අපි සූදානම් ඒක ඔප්පු කරන්න.

ලංකාවේ පළමුවෙන් ම ජලය විකිණිමට අදාල නිති ගෙනාවේ 1984 දී, ඒක පරාජය කළා නිකන් නෙවෙයි විශාල අරගලයකින්. ජලය විකිණිමට අදාල ජාත්‍යන්තර සංවිධානය තමයි ජාත්‍යන්තර වාරි කළමණාකරණ ආයතනය, ලෝකෙන්ම ප‍්‍රතික්ෂේප වෙච්ච ඉමී කියන මේ ආයතනයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ ලංකාවේ. ඉමී එකට චෝදනා තියෙනවා අප‍්‍රිකානු කලාපයේ සහ ලතින් ඇමරිකානු කලාපයේ ජල සම්පත කොල්ලකෑම පිළිබඳව, මොවුන් විසින් ජලය බහු ජාතික සමාගම්වල දේපලක් කරලා, බීමට සහ ගොවියන්ට ගොවිතැනට ජලය නැති තත්ත්වයක් මේ අය නිර්මාණය කරනවා. සෝමාලියාව වගේ තැනක, ලෝකයේ දැවැන්තම එළවලූ නිෂ්පාදකයෙක් ලෙස තිබුණ රටක්, අද වතුර ටිකක් බොන්න නැතිව මිනිස්සු මැරෙන රටක් බවට පත්වෙන්නේ මේ කියන ඉමී කියන ආයතනයේ මැදිහත්වීම නිසා. 1985 ලංකාවේ බත්තරමුල්ලේ තමයි මේ කියන ආයතනයේ මුලස්ථානය හැදුවේ. ඒ ජේ ආර් ජයවර්ධන කාලයේ ඉන් පස්සේ 1993 ආර් පේ‍්‍රමාදාස කාලයේ යූ එස් ඒඞ් ව්‍යාපෘතියක් විධියට පටන් ගත්තා ජලය පෞද්ගලීකරණය කිරීමේ සැලැස්ම, ඒවා ජනතාව මැදිහත්වෙලා නැවැත්තුවා.

ඊටත් පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරණායක යුගයේදී, ඒ කියන්නේ 1994 සිට 2004 දක්වා කාලේදී තමයි අපි දකින්නේ ඉතාම බරපතල ලෙසම ජලය වෙළඳ භාණ්ඩයක් කිරීමට උත්සහ ගත්ත කාලය විධියට, 1996 දී ජාතික ජල සම්පත් ලේකම් මණ්ඩලය කියලා එකක් පිහිටවලා, ජලය විකිණිය හැකි දෙයක් බවට පත් කරන්න නීති සම්මත කළා. ඒකෙන් තමයි ගෙනාවේ ලංකාවේ පොළොව මතුපිට තියෙන ජලය හා ගැඹුරේ තියෙන ජලය අයිති ජනතාවට නෙවෙයි රජයට කියලා නීති සම්පාදනය කලේ. නමුත් ගොවි ජනතාවගේ දැවැන්ත අරගලයකින් තමයි මේක පරාජය කළේ. පස්සේ 2001 ජනවාරි 05 වෙනිදා තිබුණ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරලා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුනේ. ඊට පස්සේ රනිල් වික‍්‍රමසිංහ ගෙනාපු පනතයි අද ඔහුම ගෙනැවිත් තියෙන පනතෙයි තියෙන සමානකම් අනූව තමයි අපි මේ හෙළිදරව් කිරීම කරන්නේ,

වැඬේ වෙන්නේ මෙහෙමයි. මේ මගින් ජලයට අදාලව ආයතන තුනක් හදනවා.

1. ජල සම්පත් අධිකාරිය – ඊට ලංකාවේ ජලයේ සමස්ථ හිමිකාරීත්වය සහ තීන්දු තීරණ ගැනීම පැවරෙනවා,
2. ජාතික ජල සම්පත් මණ්ඩලය – ඒ මගින් ඉහත දැක්වූ ජල සම්පත් අධිකාරියට කරන්න ඕන මොකක්ද කියන එක ගැන උපදෙස් සපයනවා.
3. ජල සම්පත් විනිශ්චය සභාව – එමගින් ජලය භාවිතා කරද්දී ඇති වෙන ආරවුල් ගැන කටයුතු කරනවා.

උදාහරණයක් විධියට මුදල් ගෙවන් නැතිව ගොවීන් ජලය භාවිත කළොත් මේ විනිෂ්චයසභාව මගින් තමයි අදාල ගොවීන්ට ද`ඩුවම් කරන්නේ. මේක ඉතාම භයානක පණතක්, මෙහි ආරම්භයේම මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒකේ ප‍්‍රධාන දෙයක් තමයි ජලය සම්බන්ධ වාණිජ වගකීම් ඇති අයගේ කාර්යක්ෂමතාව, ආර්ථික වාසිය ආදිය සැලසීම. නමුත් මේ පනතේ කොහෙවත් නෑ වතුර බොන මිනිස්සන්ගේ ගොවියන්ගේ අයිතිය රකිනවා කියලා. මේකෙ තියෙන තව වගන්තියක් තමයි. රාජ්‍ය හා පෞද්ගලික ආයෝජකයන්ට පහසුකම් සැපයීම. උචිත අවස්ථාවල තරඟකාරීත්වය ප‍්‍රවර්ධනය කිරීමත් මෙහි තවත් අරමුණක්. ඒ කියන්නේ වතුරට ගහගන්න සැලැස්සීම, තව වගන්තියක් තියෙනවා ජල සේවා සඳහා අය කරන මිල ගනන් හා වෙනත් දේ නියම කිරීම කියලා.

මේ විධියට ජලයට අදාලව ගෙවීම් පැහැරහරින අයට අදාල ප‍්‍රදේශයේ මහේස්ත‍්‍රාත්වරයා විසින් නියම කරන රුපියල් 20000ත් 25000 ත් අතර දඩයකට යටත්වන්න වෙනවා. නැවත නැවතත් නීතිය කඩ කරනවා නම්, එකී කඩ කරන වාරයක් පාසා රුපියල් 500 ගණනේ නැවත ගෙවන්න වෙනවා.

ඒ වගේම මේ යටතේ 43/1 වගන්තිය යටතේ තියෙන උපදෙස් අනූව පරීක්ෂකයන්ට නිවසට ඇවිත් පරීක්ෂා කරන්න පුළුවන් භාවිත කරන ජලය නීතියානුකූලව ගෙවීම් කරපු ජලයද කියලා.

මේ අනූව මෙකී ඉහත දැක්වූ ආයතන තුනට යටත්ව වතුර මුදලාලිලා, වතුර පාරිභෝගිකයෝ, වතුර හොරු සහ වතුර හිඟන්නන් නිර්මාණය වීමට නියමිතයි.දැන් මේක උතුරු මැද පලාතට සහ බස්නාහිර හා මධ්‍යම ආදී පලාත් වලට යෝජනා වෙලා තියෙනවා.

මෙහි 13.6 වගන්තියට අනූව ලිං කැපීම ආදිය අවසරයක් නැතිව කරන්න බෑ. වී හැර වෙනත් බෝග වගා කරනවානම් අවසර ගන්න ඕන.16.8 වගන්තිය අනූව යාය නියෝජිතයට ජලය සඳහා මුදල් නැතිනම් අස්වන්නෙන් කොටසක් දෙන්න ඕන. හරියට පරණ කාලේ අපි අහල තියෙන පොලී මුදලාලිලා වගේ අය තමයි මේ යාය නියෝජිතයෝ කියන්නේ.දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ.

කලින් අපි අහලා තියෙන්නේ,
කලා වැවෙන් දිය දෝතක් බීපන්නේ,
දෝත පුරා පැන් දෝතක් බීපන්නේ,
කලා වැවට පින් දීල පලයන්නේ,
කියලා.
අද කියන්න වෙලා තියෙන්නේ,
දෝත පුරා පැන් අරගෙන බීපන්නේ,
ඔෆිස් එකට බිල ගෙවලා පලයන්නේ කියලා.
ඔන්න ඔහොමයි ජලය වෙළඳ භාණ්ඩයක් කිරීමට අදලා ව්‍යාපෘතිය අලූත් වටයකින් අවිල්ලා තියෙන්නේ,
ඒ වගේම තමයි. ඊලගට කියන්න තියෙන්නේ ලේ වෙළඳ භාණ්ඩයක් කිරීමේ සැලසුම පිළිබඳවයි.
අපි දන්නවා ලංකාවේ රුධිරය කියන්නේ මිල කරපු දෙයක් නෙවෙයි. ලංකාවේ රුධිරය තියෙන්නේ පරිත්‍යාග කරන දෙයක් විධියට. ඒ අනූව වසරකට පරිත්‍යාගශීලීන්ගෙන් ලීටර් 100000 ක් ලැබෙනවා. ඒකෙන් ලංකාවේ රුධිර අවශ්‍යතාව තියෙන්නේ ලීටර් 60000ක් ඉතින් දැන් ලීටර් 40000ක් ඉතිරියි මේකට තමයි මේ කෙල හලන්නේ. නීතිය අනූව ශරීර කොටස් විකිණීම තහනම්, පටක ආදිය, රුධිරයත් ඊට අයත්. ඒ වුනාට පෞද්ගලික රෝහල් වල දැනටත් මේ නීති කඩනවා. ඔබ පෞද්ගලික රෝහල් වල ගිහින් තියෙනවා නම් මේ අත්දැකීම ඇති. රජයේ ලේ බැංකුවෙන් පෞද්ගලික රෝහල් වලටත් ලේ ලබා දෙන්නේ නොමිලේ. අදාල ඇසුරුම් වලට විතරයි අයකරන්නේ. නමුත් බිල් වල බලන්න රුධිරය ගැනීමට අදාලව 10000,15000 වගේ බිල් දාල තියෙනවා.

Top