LNN SPY

ජනපති ආ සැනින් ආරක්ෂක ලේකම් දොට්ට! ඇමතිවරු රැසකට රතු එලී… රජයේ ආයතන කිහිපයක් ජනපති යටතට!

Published on: Sep 24, 2018- රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක ‍ලේකම් ධුරය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ඉහළ තනතුරුවල වෙනසක් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා, යලි දිවයිනට පැමිණි වහාම බරපතල දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිතව තිබේන බවට පලවන පුවත් සම්බන්ධයෙන් අප කල සොයා බැලීමේදී අනාවරණය වි ඇත්තේ අවස්ථා ගණනාවකදි අප විසින් අනාවරණය කල වත්මන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ඉවත් කර එම තනතුර සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීප ඉහළ නිලධාරියකු පත් කිරීමට නියමිත බවයි.

මීට අමතරව බරපතල මුල්‍ය හා අක්‍රමිකතා චෝදනාවන්ට ලක්ව සිටින ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ඒ අතර සිටින බවද වාර්තා වේ.

මිට අමතරව දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් තමන් යටතට පවරා ගැනීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර අමාත්‍යාංශය කිහිපයක් සම්බන්ධයෙන්ද තින්දුවක් ගැනිමට සුදානමක් ඇති බවයි දැනට වාර්තා වන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය ඝාතන සැලසුම් කුමන්ත්‍රණය, තරුණයන් 11දෙනකු පැහැර ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් ඇතුළු කරුණු ගණනාවක් හේතුකොට ගෙන මෙම නිලධාරීන් මාරු කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

http://198.211.112.164/archives/18655

http://198.211.112.164/archives/18103

http://198.211.112.164/archives/18050

Top