LNN SPY

ජනපතිගේ ගෝලයෙකුට නිල්වලා ගඟ අසල ඉන්ධන පිරවුම් හලක්! නිල්වලා ගඟේ වතුර බිලා හමාරයි..

Jul 9, 2019 – අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ අසල ඉන්ධන පිරවුම් හලක් දැමීමට ජනාධිපතිවරයා යටතේ පවතින මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා.

මීට පෙරත් එම ඉන්ධන හල එම ස්ථානයේ දැමීමට එම ඉන්ධන හලේ හිමිකරු අවසර ඉල්ලා සිටියත් අකුරැස්ස ප්‍රදේශිය සංවර්ධන කමිටුව එයට අවසර ලබා දී නැත. නමුත් නැවත එම ඉන්ධන පිරවුම්හලට අවසර ලබා දුන්නේ කුමන පදනමින් ද යන්න ඊයේ (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දි අමාත්‍ය බුද්ධික පතිරණ විමසා සිටිනවා.

එහිදි ඒ පැනයට පිළිතුරු ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් සීක්කුබදු මහතා පවසා සිටියේ එම බලපත්‍රය පිළිබඳව තමාට මෙහිදි අදහස් පළ කිරීමට නොහැකි බවත් ඉහළ පාලනාධිකාරිය විසින් එයට අවසර දීමට තීරණය කොට ඇති බවත් ය.

ඒ සමඟම අමාත්‍ය බුද්ධික පතිරණ විසින් ආවේගයෙන් පරිසර අධිකාරියට දෙහි කැපීම ආරම්භ කළා.

“ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් යලි දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා අපි තීන්දුවක් ගත්තා.

කලින් ෂෙඩ්කාරයා කීවා.ඕනෑම කොන්දේසියකට යටත් වෙන්නම්.එතැන ආරම්භ කරන්න ඉඩ දෙන්න කිව්වා.එතකොට අපි කිව්වා.කිසිම කොන්දේසියක් යටතේ එතැනට අවසර දෙන්නේ නෑ කියලා.ඔයා පිටි පස්සෙන් ඇවිත් ගෙදරට ඇවිත් අපිව හම්බ වෙන්න එපා කියලා.ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කලොත් විතරයි යලි ගන්න පුලුවන් කියලා.

දැන් මොන විදියකට ද ඔබතුමාලා ලියුමක් අත්සන් කරලා තියෙන්නේ.පරිසර අධිකාරියේ තමුන්නාන්සේ අවසරය දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දෙන්නේ නැතිව බෑනේ ඒක කරන්න.ඉහල කලමණාකාරීත්වය එහෙම කොහොමද තීරණ ගන්නේ.

මම හෙට උදේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉස්සරහ බිම වාඩි වෙනවා.මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ.ඒක මතක තියා ගන්න. මේ අපි නපුංසකයෝ නෙවෙයි.මෙහෙම තීන්දු ගන්න නපුංසකයෝ ඇති.මතක තියා ගන්න.අපි පිරිමි.අපි නපුංසකයෝ නෙවෙයි.

මම නපුංසකයෙක් නෙවෙයි.තීන්දුව සැරින් සැරේ වෙනස් කරන්න.මට වැඩක් නෑ ෂෙඩ් එක ගන්න මිනිහගේ දේශපාලනය.හැබැයි ෂෙඩ් දාන්න බැහැ.නිල්වලා ගඟේ වතුර තමයි මෙතන ඉන්න සේරම බොන්නේ.මොකා මොන පාටින් තීන්දුව ගන්න කීවත් කොල පාටින් කීවත් නිල් පාටින් කීවත් කවුරු ගන්න කීවත් ඒ තීන්දුව වැරදියි.එච්චරයි කතාව.කැබිනට් ඇමතිවරයෙක් එතන ඉස්සරහ වාඩි කරවා ගන්න එපා කියන්න.

ඒක ජනාධිපතිතුමාටත් හොද නෑ.ජනාධිපතිතුමා යටතේ තියන ආයතනයක්.ඒක නිසා මේක වෙන්න බෑ.ඩීසල් ලීටර් දොලොස් දාහක් ගඟට දාලා තවත් වතුර පොවන්න බෑ.” අමාත්‍යවරයා පවසා සිටියා.

 

Top