LNN SPY

ජනපතිට පුලුවන්නම් කරලා පෙන්වන්න…. රටම සුරා කෑ සිංගප්පූරු හොරා ගෙන්වනු!

මහ බැංකු බැදුම්කර සිද්ධියේ චූදිතයින්ට ද`ඩුවම් කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට භාරදෙන ලෙස ලබන සතියේ ලංකාවට එ්මට නියමිතව ඇති සිංගප්පුරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමේ හැකියාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇතැයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල් පීරිස් මහතා පවසයි.

ඊයේ (17) බොරැල්ල ඇන්. ඇම්.පෙරේරා කේන්ද්‍රයේ එ්කාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවට එක් වෙමින් මහාචාර්ය වරයා සදහන් කළේ හිටපු මහ බැංකු අධිපතිවරයා නැවත මෙරටට නොපැමිණෙන බව පවසා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ඔහු ගෙන්වා ගැනීමට මෙය කදිම අවස්ථාව මෙය බවයි.

මේ ආණ්ඩුව පත්වෙලා තිබෙන්නේ ලෝකයට විහිළු සැපයීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රි මරික්කාර් කියනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පික් පොකට් ජනාධිපතිවරයෙක් බව. අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව මේ වචන භාවිත කරන බව කිසිවෙක් විශ්වාස කරනවාද.

කිසිම රටක පාර්ලිමේන්තු ක්‍රමය තුළ කැබිනට් ක්‍රමය තුළ අපි නොදැකපු දේවල් තමයි දැන් දකින්න තියෙන්නේ. ජනාධිපතිවරයා ඔහුගේම කැබිනට් එකේ ඉන්න බෑ කියලා නැඟිටලා යනවා. මේ ආණ්ඩුව ඇයි මේ විදිහට සමඟියක් එකමුතුකමක් නැතුව තියාගෙන ඉන්නේ. මෙතැන තියෙන්නේ යුද්ධයක්. එකට වැඩකිරීමේ හැකියාවක් කිසිසේත්ම නැහැ.

කැබිනට් මණ්ඩලය කුළල් කා ගැනීමත් ප්‍රශ්නයක් නොවෙයි. අනේ‍යාන්‍ය යැපීමයි මේ ආණ්ඩුවේ අඩිතාලම. රවිගේ සහ මහේන්ද්‍රන්ගේ පත්වීම් කළේ තමාගේ විරෝධය මැද කියලා ජනාධිපති කියනවා. අගමැතිට ජනපති බලතල දුන්නාලු. මේක සිරිසේන මහතාගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. අර්ජුනගේ සහ රවිගේ පත්වීම් කළේ ජනාධිපතිවරයා අතින්මයි. මේ කතා කියලා ජනතාව ගොනාට අන්දවන්න බැහැ.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකය ඉදිරියේ හෑල්ලු වෙලා. මුදල් ඇමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ. එතුමා විධායක ජනාධිපති වුණාට කතා කරන්නේ පොඩි බබෙක් වගේ. මේක මුදල් ඇමැතිගේ ආණ්ඩුවක්ද, සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක්ද. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ අය කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. මේ දෙපළ තනතුරුවල සිටින තුරු රටේ දැවැන්තම හොරකම කළ පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා සුදනා වෙන්න දරන මෙම උත්සාහය සාර්ථක නැහැ.

ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත සිංගප්පූරු අගමැතිවරයාට මහ බැංකුව සුද්ද කළ අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන ලෙස ඉල්ලීමක් කළ හැකියි. නමුත් එලෙස කිරීමට ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ කිසිම සූදානමක් නැහැ.

Top