Featured

ජනමත විචාරණයකට ගියොත් යන්න වැසිකිලි මදිවෙනවා …මෛත්‍රී මැතිවරණ සිතියම හකුලයි…

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් එය ලාංකිය දේශපාලන ඉතිහාසයේ පාලක පක්ෂයක් ලබන දැවැන්තම පරාජය සනිටුහන් කරන මැතිවරණයක් බවට පත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් මධ්‍යම කාරක සභාව රැස්වීමේදි පෙන්වා දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කඩිනමින් ගෙන ආ යුතු බවත් ඒ හරහා උතුරේ ජනතාවට ස්වාධින බලතල සහිත රාජ්‍ය බලයක් ලබාදිය යුතු බවට පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යෝජනා කර ඇති අතර එයට විරුද්ධව අදහස් දක්වමින් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් බහුතරයක් පවසා ඇත්තේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය හේතුවෙන් මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීම කිසිසේත්ම නොකළ යුතු බවයි.

රටේ වත්මන් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යොජනා කර ඇති අතර එම යොජනාව පිළිනොගෙන ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පරාජය නියත බවත් යම් ඒ හරහා ජනාධිපතිවරයාගේ පුටුවට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කෙලවෙන බව ඔහුන් පෙන්වා දි තිබේ.

ඒ අනුව ජනමත විචාරණයකට තුඩුදෙන වගන්ති ඇතුළත් නොකොට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගන්නා ලෙස මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Top