Anonymous Reporter

ජනවාරි 8 රට පාවාදුන් දිනට විරෝධය පා ජාතික කොඩිය අඩකුඹු කරමු 

ජනවාරි 8 සිදු වූ අවාසනාවන්ත දේශපාලන පෙරළිය හරහා අප රටක් වශයෙන් ධීන ජාතියක් බවට පත් වූ බවත් රටේ ස්වෛරීත්වය – ස්වාධිපත්වය අහිමි වූ බවත් පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය ආචාර්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් පෙන්වා දෙයි. ඒ අවාසනාවන්ත දිනය සැමරීමට සමහරුන් ජාතික ධජය එසවීමට යෝජනා කළත් ජනවාරි 8 සිදු කළ යුත්තේ ජාතික කොඩිය අඩ කුඹු කළ රට පාවාදුන් දිනයට විරෝධය පළ කිරීම යයි උන් වහන්සේ පෙන්වා දෙයි.

‘පැවිදි හඬ’ ජාතික සංවිධානය විසින් පෙර්දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර රණවිරුවන් පාවා දෙමින් රටේ ඒකීයභාවය අහිමි කරමින් රට පාවාදීම තවත් ඉදිරියට ගෙනයන බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා මර උගුලට විරෝධය පළ කිරීම සඳහා සියළු දෙනා එකමුතුව පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇතැයිද පෙන්වා දුන්නේය.

පැවිදි හඬ ජාතික සංවිධානය විසින් සංවිධානය කර ඇති ජනවාරි 8 වනදා සවස 2 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගී වන ලෙසද උන් වහන්සේ රට හිතැති සියළු දෙනාට ආරාධනා කර සිටී.
poster

සටහන : යටියන ප්‍රදීප් කුමාර

 

Top