Featured

ජනාධිපතිතුමා ,අර්ජුන් මහේන්ද්‍රන් දොට්ට දාන්න අද ඡන්දය දෙන්න කිව්වා

මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිමට තම කණ්ඩායම තින්දු කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු ලබාදිම නිසා බව ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ ප්‍රභල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

මේ අතර විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමින් කතා කළ පිංගුත්තර අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය ජුනි මාසයේ අවසන් වීමට නියමිත බවයි. ඔහු යළි පත් නොකිරිම ජනපතිටත්, රජයටත්, මුදල් ඇමැතිටත් හොඳ බවත් ඔහු යළි පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටින බව ද ඔහු පවසා තිබේ.

මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජයට පත්වු අතර යෝජනාවට පක්‍ෂව ඡන්ද 145ක් හා විපක්‍ෂව ඡන්ද 51ක් ලැබුනු අතර අද දහවල් සිට රවි හොරදෙටුවා රැකගැනිම වෙනුවෙන් ජනාධිපතිවරයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබු අතර අවස්ථා ගණනාවකදි සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් අගමැතිවරයා අතර පාර්ලිමේන්තුවේන් පිටත රහස් සාකච්ඡා කරමින් විශ්වාශය පැරදවිම සදහා කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුනා.

මන්ත‍්‍රීවරුන් 28 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර ශ‍්‍රිලනිප ආණ්ඩුවේ ඇමතිවරුන්ද යෝජනාවට විරුද්ව ඡන්දය භාවිතා කල අතර ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිතා කර තිබේ.

මේ අතර ඊයෙ කැබිනට් තින්දු දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මේ මස 30 වන දායින් ධුර කාලය අවසන් වන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ සේවය තව දුරටත් දීර්ඝ කිරීමේ අදහසක් නැති බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතාද ප්‍රකාශයක් කර තිබේ.එහෙත් ඇමති ගයන්ත කරුණාතිලක ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. මෙම ප‍්‍රකාශයෙන් ඔහු මදක් පුදුම වූ බවක් පෙනින.

කෙසේවෙතත් ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ මහා බැංකු අධිපතිවරයා ඉවත් කිරිම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළද ඔහු ඉවත් කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිදු කැමත්තක් නොමැති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

Top