Political

ජනාධිපතිධූර කාලය ගැන LNW මතය සනාථයි…….. මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුවෙයි……. ජනාධිපතිවරණය කොට උඩ ද?

Oct 3, 2019  – 2019 නොවැම්බර් මස 16 වෙනි දින ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා එහි අනෙකුත් සාමාජිකයන් දෙදෙනා, නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගාල්ල නගර සභාවේ හිටපු සභාවේ සභාපති මෙත්සිරි ද සිල්වා විසින් එම පෙත්සම ඉදිරිපත් කළ  ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවත් එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින්  ගැසට් නිවේදනයක් නිකුත් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම මගින් දක්වා තිබෙනවා.

නීතියට පටහැනි ලෙස කැඳවා ඇති ජනාධිපතිවරණයේ  නාම යෝජනා කැඳවීම ලබන 7 වෙනිදා ආරම්භ කොට ඇති බැවින් එම නාම යෝජනා කැඳවීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙත්සිරි ද සිල්වා සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ලංකා නිවුස් වෙබ් අපි මේ පිළිබඳව අනාවරණය කරමින් පසුගිය සැප්තැම්බර් මස 19 වෙනිදා ලිපියක් ප්‍රකාශ කළ අතර එමගින් අප පෙන්වා දුන්නේ ජනාධිපති සිරිසේන සිය ධූරකාලය පිළිබඳව වෙනස් අයුරකින් විමසීමට බොහෝ ඉඩ ඇති බවයි.

එසේම ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමට පෙර එම මතය විමසීම සිවිල් පුද්ගලයෙකු හරහා සිදු කළ හැකි බවද අප අනාවරණය කළා.

අපගේ එම අනාවරණය පහතින් දක්වා ඇත.

http://lankanewsnetwork.org/archives/20711

Top