Featured

“ජනාධිපතියා දැන් නටන්නේ මට ඕන විදියට, ඒත් ඕකා නම් ආප්පයම තමා”,අලගියවන්න පන්නන්න කලංසූරියගෙන් මෙහෙයුමක් – බෝපගේටත් ඩිමෝෂන්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා පත් කරනු ලැබුවේ, ජනමාධ්‍ය අමාත්‍යංශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කරන ලෙස එම පාර්ශවය ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුවය. ඊට ප්‍රධානතම හේතුව වූයේ හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කල ජනාධිපතිවරණ මෙහෙයුමයි. ඒ මීලග ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම කියා මීට පෙර සිතා සිටියද ඒ තුල තිබී ඇති සැබෑ අරමුණ වී ඇත්තේ පාටලී චම්පික රණවක මහතා ජනාධිපති කරවීමේ සිහිනයකි. එය හෙලි වූයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යධූරය ඔහුට අහිමිවන බව දැනගත් පසු සිදුකල ප්‍රකාශ කිහිපයක් හේතුවෙනි.

මේ අතර කරුණාරත්න පරණවිතාන මහතාගේ ඉවත් කිරීමත් සමග දැඩි අපේක්ෂා බංගත්වයකට පත්ව සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා දැඩි ලෙස යක්ෂාවේසවී සියලු දෙනාට අසභ්‍ය වදනින් බැන වැදීමට පටන්ගෙන ඇත. ආයතනය තුල පවත්වන රැස්වීම්වලදීද අසභ්‍ය වදන් ප්‍රසිද්ධියේ කීම හේතුවෙන් එහි සේවිකාවන් දැඩි අසරණභාවයකටද පත්ව තිබේ. ඔහු රැස්වීමක් කැඳවා සේවකයින් සමග පවසා ඇත්තේ

“ජනාධිපතියා දැන් නටන්නේ මට ඕන විදියට, ඒත් ඕකා නම් ආප්පයම තමා. හිටං මටත් හිටගෙනම ඇරියා මේ ලසන්තයෙක් ගෙනත් දාලා” කියාය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ “ලේකමා හිතං ඉන්නේ හිටං ඌව බේරයි කියල, ඕකට කෙල වෙනකම් ඕකා දන්නෙත් නෑ. මං ඕකට ඇඹරුව ගුලියට හිටංවත් ඇඹරිලාම ගියා. ලසන්තටත් ඔය සෙතේම තමා” කියාය.

කිසි දිනෙක මෙවන් කතා විලාසයක් භාවිතා නොකල ආචාර්ය රංග කලංසූරිය හදිසියේම මෙවන් වාග් ප්‍රහාරයක් එල්ල කිරීම කාගේත් දැඩි කතා බහට ලක්වූයේ කතාවේ අන්තිම කොටස හේතුවෙනි. ඔහු එම රැස්වීම අහවර කර ඇත්තේ

“බෝපයට ඇරපු මට ලසන්තයට උඩ පැන පැන අරින එක මහ කජ්ජක් නෙමෙයි කියලා මතක තියාගන්න. මං තමයි ඔය පුටුවට එන්නේ. ලසන්තයට මුකුත් කරන්න ඉඩක් දෙන්නේ නෑ. පරණවිතාන යවලා උන් පොර වෙලා හිටියට තව ටික දවසකින් බලු වෙලා යයි” කියායි.

මෙම සියලු අදහස් පලවී තිබුනේ අද (02) දින ජනමාධ්‍ය අමාත්‍යංශයට මංගල සමරවීර අමාත්‍යවරයා පැමිණීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන ලෙසට මංගල සමරවිර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කල දැනුම්දීමකින් වීමද විශේෂත්වයකි. එහිදී ඒ වෙනුවෙන් පැවැත්වූ රැස්වීමේදී ඉහත කී අදහස් පල වී තිබූ අතර සාකච්ඡාව අවසානයේදී එක් නිලධාරියෙකු විමසා ඇත්තේ “සෙකට්‍රිට කිව්වද සර්” කියාය. රංග කලංසූරියගේ පිලිතුර වී ඇත්තේ “අනේ ඕකට හු*..ගන්න කියන්න. ඕකට බිත්තර ගහලා පන්නනවා හෙට ආවොත්” කියාය.

මේ අතර පසුගියදා හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සේවකයෙකුට පහරදීමට කඩා පැන්න සිදුවීමට අදාලව අමාත්‍යවරයාගෙන් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවුනු අතර අදාල සේවකයා (මංජුල සූරියගේ) තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදමින් තම අප්‍රසාදය පල කර තිබුණි. (https://goo.gl/weQczp)

මේ වන විට අප මීට පෙර කියූ පරිදිම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇමති-නියෝජ්‍ය ඇමති-ලේකම් යන තිදෙනාම මේ වන විට ඉවත් කර තිබෙන අතර ඇමතිවරයා පලමු කැබිනට් සංශෝධනයේදීත් නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා පැවති නියෝජ්‍ය ඇමති සංශෝධනයේදීත් ඉවත් කල අතර ලේකම්වරයා මීලග ලේකම් සංශෝධනයේදී වෙනත් අමාත්‍යංශයක් වෙත මාරු කිරීමට තීරණය කර ඇති බවත් එය ඔහු දැරූ තනතුරට වඩා පහල තනතුරක් බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව වී ඇත්තේ රජයේ මැති ඇමතිවරුන්ට වාහන ලබා ගැනීම සදහා වූ කටයුත්තට ජනතා විරෝධයක් මතු කිරීමට ඔහු මූලික වී තිබීම බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Top