LNN SPY

ජනාධිපතිවරණය අතලඟ…… බැසිල් ගෝඨා ගැටුම නඩේසන්ගෙන් එළියට……. රාජපක්ෂ පවුල් කඳවුර ලඟදීම පුපුරයි…..

Published on: Apr 7, 2019 – බලලෝභිත්වය නිසාම බලය අත්පත් කර ගැනීමට ඕනෑම දෙයක් කරන රාජපක්ෂ පවුලේ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔවුන් පිරිවරා සිටින කල්ලි අතර හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් මේ වන විට කරලියට පැමිණ තිබෙනවා.

එම ගැටුමේ උග්‍ර අවස්ථාවක් පසුගිය දා පුපුරා ගිය අතර එය නිර්මාණය වූයේ  රාජපක්ෂවරුන්ගේ මස්සිනා කෙනෙකු වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්, පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක හමුදා සංකිර්ණයේ ඉදිකිරීම් වලට අදාළ ගණුදෙනු වල වාර්තා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ දැන ගැනීමත් සමඟ ය.

මෙම තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දක්වමින් තිරුකුමාර් නඩේසන්  ප්‍රකාශ කළේ බිලියන ගණනක දූෂණයක් හෙලි කිරීමට තමාට අවශ්‍ය වූ බවයි. මෙම බිලියන ගණනක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අත්දැකීමෙන් ඉතාම අඩු පුද්ගලයෙකුට ලබා දෙමින් සිදුකර ඇති මහ පරිමාණ දූෂණය පිළිබඳව පලවී ඇති තොරතුරු නිලවශයෙන් දැන ගැනීම තම අභිප්‍රාය වූ බවත් ඔහු පවසා සිටියා.

අකුරේගොඩ යුධ හමුදා සංකීර්ණය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ගොඩ නැගුණු අතර එහි කොන්ත්‍රාත්තුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

මුදිත ජයකොඩි යනු දැන බැසිල් රාජපක්ෂට එරෙහිව විභාග වෙමින් පවතින මල්වාන මන්දිරයේ පැමිණිකරු වේ. මුදිත ජයකොඩි එම මන්දිරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වන අතර බැසිල් රාජපක්ෂ මහතා තමාට එම කොන්ත්‍රාත් ගාස්තු නොගෙවූ බවට ඔහු මීට පෙර පැමිණිලි කර තිබුණි. තිරුකුමාර් නඩේසන්ද එම නඩුවේ විත්තිකරුවෙකු වේ. ඒ මල්වාන මන්දිරය ඉදිකළ ඉඩම තිරුකුමාර් නඩේසන්ගේ නමින් මීට පෙර මිලයට ගෙන තිබුණු බැවිනි.

පසුව එම ඉඩමේ අයිතිය නඩේසන් විසින් මුදිත ජයකොඩි වෙත පවරා දුන් අතර මල්වාන මන්දිර නඩුවේදි මුදිත ජයකොඩි පවසා සිටියේ එම පැවරීම තමා නොදැන් සිදු කළ එකක් බවත් තමා එම ඉඩමේ අයිතිය භුක්ති නොවිදින බවයි.

අකුරුගොඩ හමුදා සංකීර්ණයේ ඉදිකිරීම් වෙනුවෙන් මුදිත ජයකොඩි සමාගමට සිදු කළ ගෙවීම් පිළිබදව නඩේසන් මහතා අමාත්‍ය මණ්ඩලයෙන් තොරතුරු ඉල්ලු විට එය ප්‍රතිකේෂ්ප වී ඇත. පසුව අභියාචනයේදි තොරතුරු කොමිසම එම තොරතුරු ලබා දෙන ලෙස නියෝග කර ඇත. එම නියෝගය මත අදාළ තොරතුරු දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. නඩේසන් මහතාට එම තොරතුරු ලබා දි ඇත්තේ හමුදා සංකීර්ණය පිළිබඳව විමර්ශනය කළ විතානගේ කමිටු වාර්තාවේ පිටපතක් ලබා දීම මගින් ය.

Top