Anonymous Reporter

ජපන් තානාපති කෙප්ප රනිල්ට දුවන්න දෙයි

සිය ජපන් සංචාරය අතරතුරදී ජපන් පාර්ලිමේන්තුව ඇමතුවා කියමින් අන්තර්ජාතික බොරුවක් කී රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

ජපන් තානාපති තුමා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවන ලද ලිපියේ සිංහල පරිවර්තනය මෙලෙසයි.

අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා,
අරලියගහ මන්දිරය,
ශ්‍රී ලංකාව.

මහත්මයාණෙනි,

2015 ඔක්තෝබර් 6 දින ඔබතුමා සිදුකළ ජපන් සංචාරය අතරතුරදී ජපානයේ පාර්ලිමේන්තුව ඇමතූ බවට ශ්‍රී ලංකා රජයට අයත් ජනමාධ්‍ය වලින් සහ ඔබගේ ඥාතීන්ට අයත් පුවත්පත සාවද්‍ය තොරතුරක් පළ කර තිබුණි.

එනමුත් ඔබතුමා සිදුකළේ ජපන් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් අමතා කතා කිරීමයි.

ඔබතුමා ජපන් පාර්ලිමේන්තුව ඇමතීමට ඉල්ලුම් කර තිබුණද ඒ සඳහා අවස්ථාව නොදීමට ප්‍රධානතම හේතුවක් වූයේ ඔබතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ආකාරය පිළිබඳව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පරීක්ෂණයක් සිදුකරන නිසයි.

ජපන් පාර්ලිමේන්තුව ඇමතීම ඉඩ දීම යනු ජපන් රජය විසින් සිදුකරන ඉහළතම ගෞරවය ලබා දීමකි. අප රජය විසින් ඔබතුමාට නොදුන් ගෞරවයක් ලබා ගත්තා යැයි ප්‍රචාරය කිරීම ජාත්‍යන්තරව ඔබ අප වෙත සිදුකරන ලද අපහාසයකි. ජපන් ජනතාව සිය රජය කෙරෙහි දැඩි ගෞරවයක් දක්වන අතර ජපන් ජනතාවගේ ගෞරවය ඔබගේ පටු දේශපාලන ප්‍රචාරණය සඳහා අවභාවිතා කිරීම ගැන ජපන් ජනතාව වෙනුවෙන් මා දැඩි ලෙස අප්‍රසාදය පළ කරමි.

ඔබතුමා ජපන් පාර්ලිමේන්තුව ඇමතුවා කියමින් ලබා දුන් සාවද්‍ය ප්‍රචාරයට සමානම ප්‍රචාරයක් ලබා දෙමින් මෙම පුවත නිවැරදි කරන ලෙස දන්වා සිටිමි.

කෙනිචි සුගනුමා
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති.

සබෑදි පුවත – කෙප්ප රනිලාගේ ටොම් පචය අතේ මාට්ටු

Top