Featured

ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟ වී ජාතියම පාවාදුන් “සිරිසේන”

අප අනාවරණය කල පරිදිම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමෙන් පසුව දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟතාව පලකර ඇති බව අප ඉතාමත් විශ්වාසයෙන් යුතුව අනාවරණය කර සිටිමු.(රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA)

අමෙරිකාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වීම තුළින් දේශීය යාන්ත්‍රණයකට ඉඩ ලැබුණු බවට ආණ්ඩුව කරන ප්‍රකාශ අසත්‍ය බවත් මෙම යාන්ත්‍රණය පැහැදිලිවම විදේශීය වුවමනාවන් මත සැලසුම් කරන ලද්දක් බවත් ජගත් සංවිධානයේ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ඉදිරිපත් කළ වාර්තාවෙන් එය මනාව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද අනාවරණය කර සිටියා.

මේ අතර දේශීය පරීක්ෂණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ ක්‍රියාවලියකින් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවදජනාධිපතිවරයා පවසා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය වන පරිදි  විදේශීය වුවමනාවන් මත සැලසුම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට බෙදුම්වාදීන්ට අවශ්‍ය අකාරයට නටවන දවස වැඩි ඇතක නොවේ.

රටක් පාවාදුන් රජෙක් නොව බල්ලෙක්වත් පිලිගන්නට සුදානම් නැති බව අද රට හමුවේ අනාවරණය වුනා.ජනාධිපතිවරණයට තරග කරන සමයේ මෛත්‍රීපාල සිරිසේනට බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත තිලංග සුමතිපාල සහ කුණුහරූප දිසානායක අද වෙනකොට මෛත්‍රීගේ හොඳම ගණිකාව බව ප්‍රදර්ශණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මේ රටත් රණවීරුවනුත් පාවාදුන් බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන ලංකාවට පැමිණේන අවස්ථාවේ එම පාවාදිම් ජනතාවගෙන් වසන් කිරිම සදහා මෛත්‍රී විරයෙකු බව පෙන්විමට රටපුරා පාරවල් පෝස්ටර් වලින් පුරවා,රාජ්‍ය මාධ්‍ය කිසිදු හිරිකිතකින් තොරව භාවිතා කරමින් මෛත්‍රී උත්සහ ගත් බව දැන් නොරහසකි.

Top