LNN SPY

ජාතික ආරක්ෂාව අනතුරේ දැමු… ජනාධිපති හොරෙන්ම දිවයිනට…. බුද්ධි අංශ තොරතුරු අගමැතිගෙන් සගවලා….

Published on: Apr 22, 2019 – ආරක්ෂක සහ නීතිය සාමය අමාත්‍යංශවල වැඩ බැලීම සඳහා වත් අමාත්‍යවරයෙක් පත් කර නෑ..

බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණද අනතුරු අඟවා තිබුණ ද එය අග්‍රාමාත්‍යවරයාටවත් දැනුම් දී නෑ..

මිලේච්ඡ අනතුර පිළිබද රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කලේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. එතෙක් ආරක්ෂාව භාර පාලකයින් කුමක් කලේද ?

ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යාංශය නීති හා සාමය අමාත්‍යාංශය දෙකම තමා යටතේ තියාගත් ජනාධිපති සිරිසේන මේ වන විට සිටින්නේ ශ්‍රී ලංකාවෙන් පිටත යි.සාමාන්‍යයෙන් තමා රටින් බැහැරව යන විට තම අමාත්‍යාංශයේ වෙනත් අමාත්‍යාවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා පිටව යාම පිළිගත් ක්‍රමවේදය වුවද සිරිසේන ජනාධිපතිවරයා රටින් පිටව ගොස් ඇත්තේ මේ කිසිවක් සිදුකර නොවේ.

බුද්ධි අංශ විසින් මෙම ප්‍රහාරය පිළිබඳ ලද තොරතුරු සහිතව සිටිය ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අදාල විෂයභාර අමාත්‍යවරයා නොමැතිවීම හේතුවෙන් බව වාර්තා වනවා.එමෙන්ම මෙම බුද්ධි තොරතුරු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඇතැම් අවස්ථාවාදි විපක්ෂ දේශපාලඥයින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින මොහොතක අගමැතිවරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම නිල බලය යොදාගනිමින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා .

ශ්‍රී ලංකාවේ සිටින අප දේශපාලන වාර්තාකරු සදහන් කළෙ අද රාත්‍රී 12.15ට පමණ සිංගප්පූරුවේ සැගවි සිටි සිරිසේන ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණ ඇති අතර ඔහු කටුනායක සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරන තුරු මාර්ගයේ ගමන් කල වාහන සියල්ලම නතර කර ගැනිම්ට ජනාධිපති ආරක්ෂකයන් කටයුතු කර ඇති බවයි. විශේෂ රාජකාරි සදහා යමින් සිටි සහ රාජකාරි අවසන් කර පැමිණෙමින් සිටි පුද්ගලයන් මේ හේතුවෙන් දැඩි අර්බුදයකටද මුහුණ දි තිබේ.

Top