Featured

ජාතික ගීය අමුවේ මරණ උන්ට දෙන දඩුවම ඔබම තින්දු කරන්න

එදා ඉංගී‍්‍රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතිය , දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වූවාසේ අදත් පාදඩ ආණ්ඩුවක් හමුවේ බටහිර ඕනෑ එපාකම් සපුරා ලීමට මෛත්‍රි -රනිල් ඇතුළු අවජාතකයන් පිරිසක් ජනතාව බිල්ලට ගනිමින් සිටී.

සිංහල ජාතියේ මේ පර ගැතියාව තවදුරටත් ඉවසිය නොහැකි නිසා ටිබෙටයේ උපන් ඇස් .මහින්ද හිමියන් ලියූ කවියක් සටහන් කිරීමට කැමැත්තෙමු .ඒ කවිය නැවත මතකයට ගෙන හෝ මෙය කියවන සිංහලයන්ගේ මොළය පෑදේවා යැයි අප ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කර සිටින්නෙමු .

“කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ”

මේ රට සිංහලයන්ට පමණක් අයිති යැයි අප කිසිවිටෙකත් සටහන් නොකරන්නෙමු .මක් නිසාද යත් සිංහල බෞද්ධ ,මුස්ලිම් ,දෙමළ ,ක්‍රිස්තියානි මේ හැම ජාතියකම උපන් මිනිසුන්ගේ ඇගේ දුවන රුධිරය රතු නිසාවෙනි.එහෙත් එක එක හිවලයන්ගේ ඕනෑ එපාකම් සංසිදුවා ගැනීමට ජනතාව බිල්ලක් කර ගනිමින් සිටින දේශද්‍රෝහින්ට කියන්නට ඇත්තේ ,”මම සිංහල බෞද්ධයෙකි .මගේ රටට ,ජාතියට ආගමට අනතුරක් වන තැන මා ජාතිවාදියෙකු ” යැයි කියාය .

පාදඩ මෛත්‍රි -රනිල් ආණ්ඩුව රට බටහිරට බිල්ලට ලබා දෙන අතර තුරම උතුරු -නැගෙනහිර බිල්ලන්ට දොල පිදෙණිය ලබා දීම වෙනුවෙන් ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ .අවජාතකවූ නිසාම මුන් පිළිබදව නැවත නැවතත් අප කතා කරන්නේ නැත .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන අයුරු… 

නමුත් මේ රටේ ප්‍රධාන භාෂාව සිංහලයි .ප්‍රධාන භාෂාව තිබියදීත් නොයෙක් සක්කිලියන් සතුටු කිරීමට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ජාතික නිදහස් දින උළෙලේදී ගායනා කිරීම ව්‍යවස්ථාහාව අමු අමුවේ උල්ලංගණය කිරීමකී.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන වගන්තියේ පැහැදිලි ලෙසම රටේ ජාතික ගීය “ශ්‍රි ලංකා මාතා ” යන නමින්ම දක්වා තිබේ .යම් හෙයකින් එය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව ජනමත විචාරණයක් අවශ්‍ය බව මේ අවජාතකයන් නොදැන සිටිනවා විය නොහැක.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

තත්වය එසේ තිබියදී නමට විතරක් ජනපතිවූ මෛත්‍රිපාල සිරිසේන එක එකාව සතුටු කරන්නට ගොස් මේ සිදු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමකී .ඒ නිසාම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටද හැකියාව පවතිනවා .ලංකාව ලෝකයේ සංවර්ධනය අතින් මවිත කරවන බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටින මෛත්‍රි -රනිල් පාදඩ ආණ්ඩුවේ ගෙවල ප්‍රේතයන්ට මතක් කර දීමට දෙයක් පවතී.ඒ ඕනෑම රටක ජාතික ගීයක් ගායනා කිරීමට හැකියාව පවතින්නේ රටේ ප්‍රධාන භාෂාවෙන් පමණක් බවයි .අප රටට වඩා විශාලත්වයෙන් ,ජනගහණයෙන් පවා වැඩි ඉන්දියාව වැනි රටවල්ද රටේ ජාතික ගීය ගායනා කරනු ලබන්නේ , බෙංගාලි භාෂාවෙනි.ඉන්දියාවේ දමිළ ජාතිකයන් මිලියන 70ක් පමණ ජීවත්වේ .

රටේ කිසිදු ජාතියක් සමග අපට කිසිදු තරහක් නොමැති බව යළි යළිත් සටහන් කරන්නෙමු .නමුත් එක එකාට දොලපිදෙණි පුද දීමට රට බිල්ලට ගැනීමට කටයුතු කිරීම අප පිළිකුල් සහගතව හෙළා දකින්නෙමු .ආණ්ඩුවට ඕනෑ ඕනෑ විදියට වැඩ කිරීමට ඉඩකඩ ලබාදී සිටියොත් හෙට අපට අභිමානයෙන් කාතා කිරීමට ,රටක් ,ජාතියක් නැතිවන බව ඉර හද සේ සහතිකයි .එහෙයින් “සිංහලයිනි නැගිටපියව් ,දිනා දුන් දේශය වෙනුවෙන් පෙරට වරෙව් ” යන්න පමණක් සටහන් කරන්නෙමු . මෛත්‍රි -රනිල් පහර ආණ්ඩුවට රට කෑලි කෑලි වලට කඩා දැමීමට ඉඩ නොතැබීමට අධිෂ්ඨාන කර ගැනීම සිංහල ජාතියේ නොව සමස්ත ශ්‍රි ලාංකීය ජාතියේම යුතුකමකී . එසේ නොකලහොත් නුබෙන් මේ මහ පොළවට කිසිදු වැඩක් නැත .

Top