LNN SPY

ඥානසාර බේරාගන්න ගිය උලපනේ සුමංගලට මෛත්‍රී බෑ කියයි…. අධිකරණයට බලපෑම් කරන්න මට බෑ…. ඥානසාරට ආපහු ඇපත් නෑ

Published on: Aug 9, 2018 – අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (08) ලබාදිමට තිබු අභියාචනාධිකරණ තින්දුවට බලපෑම් කරන ලෙස දුෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටින් අන්ත දුෂිතයෙකු වන උලපනේ සුමංගල ඇතුලු භික්ෂූන් වහන්සේලා තිදෙනකු පෙරේදා(07) රාත්‍රීයේ ජනාධිපතිවරයා හමුවි කල ඉල්ලිම ප්‍රතිකේෂ්ප කර දමා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (08) වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් තින්දු කර සිටියා.තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ (08) තින්දුව් සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් මෙන්ම අනිවාර්යයෙන් කලින් ලබාදුන් දඩුවම් ඊට වඩා වැඩියෙන් තහවුරු වන බව දැනසිටි ඥානසාර කලින්ම රෝහල් ගතව ප්‍රතිකාර ලාබ ගැනිමට කටයුතු කල අතර ඒ අතරවාරයේ ඥානසාරගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින දුෂිත උලපනේ සුමංගල තවත් භික්ෂූන් තිදෙනකු සමග ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේන් ඉල්ලා ඇත්තේ අභියාචනාධිකරණ තින්දුවට බලපෑම් කර ඥානසාර හිමියන්ට සහනයක් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

නමුත් එම ඉල්ලිම් එකහෙළාම ප්‍රතිකේෂ්ප කල ජනාධිපතිවරයා පවසා ඇත්තේ “අධිකරණ කටයුතු සම්බන්ධයෙන් තමන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට නොහැකි බවත් …ඒ සම්බන්ධයෙන් තමන් සමග අමනාපයක් ඇතිකර නොගන්නා ලෙසයි.” එසේ පවසා ඇති ජනාධිපතිවරයා හාමුදුරුවන්ගෙන් අවසර ගෙන එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (8) විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති ප්‍රිතී පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විවෘත අධිකරණය හමුවේ බව දන්වා සිටියේය.

මේ වන විට උන්වහන්සේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්, ඊට අදාළව ශල්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිත බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා දැන්වීය.ඒ අනුව අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් අපේක්ෂා කරන බවද හෙතෙම අධිකරණයට කීය.

ඊට අදාලව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ අභියචනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම ලබන 29 වැනි දා සිදු කිරීමට නියම කළේය.

Top