Featured

ටිරාන් අලස් රනිල් සමග ඩිල් දමයි-ගෝඪාභය බිල්ලට දිලා

දේශපාලන ඩීල් ගැසිමේ කූප්‍රකට මාෆියා ව්‍යාපාරිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඔහුට එල්ල ඉ ඇති බරපතල මුල්‍ය චොදනා වලින් වරදකරු විමේන් ගැලවිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඩීල් එකක් දමාගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊළග ජනාධිපතිවරණයේදි ශ්‍රිලනීපය ප්‍රමුඛ වමේ සංධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමට නියමිතව ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ බවත් එම සම්පුර්ණ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින්නේ තමන් බවත් එය අවශ්‍ය වෙලාවට එජාපයට වාසිදායක වන අයුරින් නිර්මාණය කර දිමට තමන්ට හැකි බව පවසා තිබේ.ඒ වෙනුවෙන් තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් කරදෙන ලෙසද ටිරාන් අගමැතිගෙන් ඉල්ලා තිබේ.

අගමැතිවරයාගේ සිංගප්පූරු සංචාරයට පෙර මෙම හමුව සිදුව ඇති අතර එම ඩිල් එක පසුපස ටිරාන්ගේ අතිජාත මිත්‍රයා වන ගොබෙල්ස් විදේශ අමාත්‍ය මංගල සමරවිරද සිටින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.

සරත් ෆොන්සේකා අද එක්සත් ජාතික පක්ෂයට ගෙන එම දක්වා විනාශය කිරිමට තමන් හැර වෙන කිසිවෙකුටහ් නොහැකි වු බවද…මහින්දලා කළේ ෆොන්සේකා හිරේ දාපු එක විතරයි….යනුවෙන්ද පම්පෝරිය ගසා තිබේ.

ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමඟින් කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති, ප්‍රධාන විධායක නිලධාරි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි නීතිපතිවරයාශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේන අතර රනිල් සමග සිදුවන මේම ඩිල් එක හරහා එම චොදනා වලින් තමන්ට නිදහස් විය හැකි බව ටිරාන් සිය සගයෙකු සමග පවසා තිබේ.

අධිකරණයේ අවසර ඇතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගියදා සිංගප්පූරුවට ගිය ටිරාන් අලස් යළි ආපසු හරවා එවූ අතර ඒ සමගම තමන්ගේ මජර ව්‍යාපාර කඩා වැටේ යන භියෙන් පසුවු ටිරාන් ගෝඪාභය රාජපක්ෂ සමග සමීපව සිටින බවට දේශපාලන ලෝකය තුල කතාබහක් නිර්මාණය කල අතර ඒ සදහ ඔහුගේ හෙංචයියන් කිහිප දෙනෙකුම බරටම වැඩ කල බවද නොරහසකි.

සජිත් ප්‍රේමදාස මහතාට යලි එජාප නියෝජ්‍ය ලබාදීමට කටයුතු කලේ තමා බවත් ප්‍රේමදාස මහතා එජාප නායකයා කිරීම තමාගේ එකම අභිප්‍රාය බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීමට රාජා මහේන්ද්‍රන් මහතාගේ ‘සිරස’ නාලිකා පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා දිලිත් ජයවීර මහතාගේ ‘දෙරණ’ නාලිකාව ද යොදා ගැනීමට කටයුතු කලයුතු බවට පසුගිය කාලයේ තැන තැන කියවමින් ගිය ටිරාන් ජාතික ආණ්ඩුව බිහිවිමත් සමග සජිත් ප්‍රේමදාසට කඩේ යෑම සම්පුර්ණයෙන් නතර දැමු අතර දැන් සජිත්ගේ දුරකතනයටවත් ටිරාන් පිළිතුරු නොදේන බව සජිත්ම අවස්ථා ගණනාවකදි පවසා තිබේ.

 

Top