Featured

ඩකා ප්‍රහාරයෙන් ආරක්ෂක ඇමතිට වලිප්පුව හැදේ,ලංකාවට පැමිණි ISIS ත්‍රස්තවාදීයා ගැන වාර්තාවක් ඉල්ලයි

ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු පසුගියදා ලංකාවට පැමිණි බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ජුනි 8 වැනිදා කළ අනාවරණය සම්බන්ධයෙන් වු පිටපතක් ආරක්ෂක මණ්ඩලයට යොමුකිරිමට කටයුතු කර එති බවත් දින 3ක් ඇතුලත් ඒ සම්බන්ධයෙන් වහාම තමන්ට නිශ්චිත තොරතුරක් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

අප ජාත්‍යන්තර ඔත්තුකරුවන් හරහා ලැබුනු තොරතුරකට අනුව යමින් අදාළ ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට හැකියාව ලැබුනු අතර ඔහු සිරියාවේ Al Nabak නැමති ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරි නායකයෙකුව සිට පසුව ලෙබනනය හරහා පාකිස්ථානයට පැනවිත් ඇති අල්-බුසර් අල්-දිවා නැමත්තා මේ අකාරයට ලංකාවට පැමිණ තිබේ.(සම්පුර්ණ පුවත පහත දැක්වේ )

බංගල්දේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇතිවු සැකය මෙම හදිසි නියෝගයට හේතු වි තිබේ.මේ අතර ඩකා අගනුවර ISIS ප්‍රහාරයත්,යහපාලන මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඇතැම් ප්‍රකාශයන් හේතුවෙන් සිරිසේනගේ පයිප බාස් උන්නැහේ වන ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ අයිසිස්‌ කණ්‌ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට ආරක්‍ෂක අංශ අවධානයෙන් සිටින බවයි.

http://www.lankanewsweb.today/archives/11185

Top