Featured

“ඩඞ්ලි කියන්නේ නයෙක් වගේ සතෙක්.. “ප්‍රසිද්ධියේ විවේචන ඒපා අගමැති සගයන්ට කියයි

මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන ඉලක්ක කර ප්‍රසිද්ධියේ විවේචන නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

රටේ ඇති වී තිබෙන සහල් අර්බුදය හේතුවෙන් ඩඞ්ලි සිරිසේන ඉලක්ක කර එජාපයේ ඇමති පී. හැරිසන් කල ප්‍රකාශයන් සහ පසුව එම ප්‍රකාශයට මාධ්‍ය ඉදිරියේ ඩඞ්ලි සිරිසේන එල්ල කල චොදනා හේතුවෙන් එජාපයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඩඞ්ලි ඉලක්ක කර පහරදුන් අතර ඊයේ මාධ්‍ය හමුවේ සහල් හෝ වී මාෆියාව පිටුපස සිටින්නේ ජනාධිපතිවරයකුගේ සොහොයුරෙකු බව නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා කල ප්‍රකාශයෙන් පසුව අගමැතිවරයා මෙම නියෝගය කර තිබේ.

පහුගිය ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂලාට ලංව සිටි ඩඞ්ලි පසුව රාජපක්ෂලාට එරෙහිව කටයුතු කල අකාරය පිළිබඳව අගමැතිවරයා පෙන්වා දි ඇති අතර එහිදි අගමැතිවරයා ඩඞ්ලි හදුන්වා ඇත්තේ …”ඩඞ්ලි කියන්නේ නයෙක් වගේ සතෙක්.. ” යනුවෙනි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සහ ඉන් පසුව කාලයෙත් විවිධ වෙබ් අඩවි සදහා මුදල් පොම්ම කල ඩඞ්ලි රාජපක්ෂලා ඉලක්ක කර මඩ ගැසිම කරගෙන ගිය අතර පසුව චතුරිකා සිරිසේන වෙබ් ඇල්ලිමේ මෙහෙයුම් ඇරඹීමත් සමග ඩඞ්ලි ඉන් ඉවත් වු අතර මැත කාලයේ යලිත් ඔහු සිය වෙබ් සටනට එකතු වෙමින් සිටි.

ගෝඪාභය මෛත්‍රීට ලංකිරිමට ගේමක් ගැසු ඩඩ්ලි සිරිසේන සිය පුත්‍රයාගේ විවාහ උත්සවය අතරතුරය.විවාහ උත්සවට පැමිනි ගෝඨාභය මුලින්ම අසුන් ගත්තේ ජනපති සිරිසේන හා රනිල් වූ මේසයට බොහෝ දුරිනි. නමුත් ටික වෙලාවකින් ඩඩ්ලි ගෝඨාභය සොයා පැමිණියේය. ගෝඨාභය ජනපති සිටින මේසයට් රැගෙන යාමට ඔහුට අවශ්‍ය වී තිබිණි. නමුත් ගෝඨාභය ඩඩ්ලිගේ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කලේ එය අනවශ්‍ය කැදහැලියක් බව පවසමිනි. ඔහුගේ පෙරෙත්තය හමුවේ යලි කියා සිටියේ එයා (රනිල් ) සිටින මේසය තමාට නොගැලපෙන බවය. හඩ අවදිකළ ඩඩ්ලි ” ඌ මොන ප…..ක්ද සර් එන්ඩ ” කියා ජනපතිගේ මේසයට රැගෙන ගියේය.

Top