Featured

ඩිල්දාස රාජපක්ෂ,වෙලේ විදානේ,කප්පම්කරුවෝ සහ සමාදානයේ සැතපෙන යහපාලනය

යහපාලන නැමති හනුමන්තා මේ වනවිට වලිගයට ගිනී තබාගෙන හමාරය.දැන් කරමින් සිටින්නේ මහා ලොකු කෙප්ප රැසක් ජනතාව හමුවේ තැබු එක එකාට ගිනී තියමින් සිටි. යහපාලනය උදාකරන්නට ගිහින් 2010 වගේම මෙදාපාරත් පස්ස බිම ඇනගත් එදානම් මහා විරුවෙකු වු මෙදානම් නිකම්ම නිකන් පැඩි ෆිල්ඩ් කෙනෙකු බවට පත්වු සරත් ෆොන්සේකා මේ වනවිට ගින්න පතුරවමින් සිටි.

මේ දිනවල ෆොනී ලා ඩිල්දාසලා එලිපිටම ගැටෙන හැටි දැක්කාම හරියටම හරි ෆොනීද ,ඩිල්දාසද කියලා යහපාලනයට ඡන්දය දුන් එකෙක් නෑ ආසාවට මොකක් හරි පොඩි ඇඩ්වයිස් එකක් ගන්න සමහර විට උන් දැන් දන්නවා ඇති යහපාලනයට කෙලවිලා ඉවරයි කියලා.

අපි ඩිල්දාසගෙන් පටන් ගමු

ඩිල්දාස රාජපක්ෂ යනු පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ විපක්ෂයයේ සිටියද මහින්ද රාජපක්ෂ ලඟ අවස්ථා ගණනාවක වැද වැටෙමින් සිය ව්‍යාපාර හසුරුවාගත් අයෙකු වන අතර එදා ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න ඇවිත් මහින්දට පිංසිදුවන්නට ඇමතිකම නොදුන් නිසා අද යන්තම් ඇමතිකම් දෙකකට වගකියන අයෙකි.

ඩිල්දාස රාජපක්ෂගේ දිර්ඝකාලින ව්‍යපාරික සගයා වන්නේ අවන්ගාඩ් සමාගමේ නිශ්ශංක සේනාධිපති. නිශ්ශංකට සහ ඩ්ල්දාස රාජපක්ෂට අයිතිය හිමි නාවල (දැනට ඩයලොග් සමාගමේ ශාඛාවක් පවත්වාගෙන යනු ලබන) ගොඩනැගිල්ල මොවුන් දෙදෙනාට අයත් ය. එමෙන්ම ශ්‍රීලංකා ගුවන්හමුදාවේ ගුවන්යානා වලට අමතරකොටස් ගෙනෙන ජාවාරම මෙම ඩ්ල්දාසගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ.

ඒ අනුව පසුගිය රජය සමයේ මෙ ආකාරයේ ව්‍යාපාරයක් කිරිමට සිදුකිරීමට නම් මෙම ඩිල්දාසට එම ආණ්ඩුවේ ප්‍රබලයින් සමග විශාලලෙස ඇයි හොදයි කම් පවත්වාගත යුතු වේ. අප ඒ කරන ප්‍රකාශ සත්‍යක් බව අද ඔප්පු වුනා.

ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු රඳවා සිටියේ කොහිදැයි කවුරුත් නොදත් බවත්, ඒ ගැන සොයාබලා ඔහු සිටින ස්ථානයට යාමට හිටපු ජනපතිගෙන් අවසර ගත්තේ තමන් විසින් බවද ඇමතිවරයා පැවසීය.ඒ අනූව ඔහු රඳවා සිටි නාවික හමුදා මූලස්ථානයේ තෙවැනි තට්ටුවට යාමට කිසිවෙකුට ඉඩනොදුන් බවත්, එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර එහි යාමට තමාටත් ෆොන්සේකා මහතාගේ බිරිඳටත් අවසර ගත්තේ තමා යැයිද ඔහු සිහිපත් කළේය.”

“මාස 3ක් තිස්සේ ෆොන්සේකා මහතා එසේ බැලීමට යාමට හැකිවූයේ තමාටත් ඔහුගේ බිරිඳටත් පමණක් යැයිද වෙනත් කිසිවෙකුටවත් එවන් අවසරයක් නොදී තිබියදී දෙස් විදෙස් තානාපති කාර්යාල දැනුවත් කරමින් ඔහුට අත්වූ ඉරණම ගැන කතා කළේ තමන් යැයිද කියා සිටියේය.ඒ අනූව ෆොන්සේකා මහතා වෙනුවෙන් මේසා විශාල වැඩ කොටසක් කළ තමාට ඔහු මෙලෙස චෝදනා නැඟීම අමුතු දෙයක් නොවන බව පෙන්වාදුන් ඇමතිවරයා ඔහුගේ භාෂා විලාෂය ගැනද අප්‍රසාදය පළ කළේය.”

ඩිල්දාස රාජපක්ෂ පමනක් නොවේ ඔහුගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂද අංක එකේ වංචාකාරයෙකි.

අප වෙබ් අඩවිය හරහා මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ Jeep රථයක් යනුවෙන් කල අනාවරණයෙන් පසුව

මෛත්‍රී බෑණා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith )සේනාධිපතිගෙන් කප්පම් ගත් විශාල කණ්ඩායමක් හෙලිකර සිටියා.

“තිළින සදහන් කර ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණය අනිත් පිරිස ලබාගත් ප්‍රමාණය සමග සංසදනය කිරිමේදි සොච්චමක් පමණ වන බවයි.ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සම්බන්ධයෙන් වෙබ් අඩවි වල පුවත් පලවිම නතර කිරිම සදහා යහපාලන මාධ්‍ය පෙරගමන් කරුවා ලෙස පෙනිසිටිමින් මේ දිනවල කප්පම් පිට කප්පම් ගන්නා මංගලගේ සමිපතමයෙකු වන රුවන් ෆර්නැන්ඩස්ට විශාල මුදල් ප්‍රමාණයක් සහ ලංකා නිවුස් වෙබ්.කොම් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් පසුගිය කාලසිමාවේ රාජපක්ෂලාට හා ඇමතිවරුන්ට මඩ ගසමින් කප්පම් ගත් චන්දිමටද මුදල් ලබාදුන් අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සදරුවන් සේනාධිරට මුදල් ලබා දුන්නේ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ හරහා බවත් තිළින හෙලිකර තිබේ.”

කියවන්න – නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා

දැන් ඇවන්ගාර්ඩ්ප්‍රශ්ණය ඇත්තේ වෙන තැනකය එනම් එම ආයතනය ගිල ගැනිමට කිලී මහරාජා සුදානම් විමය.නමුත් රනිල්ලා දේශපාලනය කරන මේ කපේදි කිලීලාට කෙලවා ගන්නවා හැරෙන්න වෙන කරන්න ඇති ලබ්බක් නැත.

රතු අලි පැටියා නටන නාඩගම …

ලපකුමාර සහ ඔහුගේ ගෝලයා වන වපර සමරසිංග මේ වනවිට සිදුකරන්නේ ද සෝමවංශ පක්ෂයෙන් පැන්නීමට උදව් කල සිරස හිමිකරු වෙනුවෙන්ය, එනම් සෝමවංශට රතන සහ චම්පිකගේ අලුත් සන්ධානය පෙන්වා ඒ වෙනුවෙන් රාත්‍රී දෙකක් හමුවිම්ද පවත්වා දින දෙකකින් එම සන්ධානය අටවන බව පොරොන්දු වී ඔහු ජෙවිපියෙන් එලියට ගෙන සෝමවංශව නන්තත්තාර කිරීමේ කටයුත්තට ජේවීපිය විසින් ගෙවියයුතු වන්දිය මේ වනවිට ලපකුමාර විසින් ගෙවමින් පවතී.

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන- බව අනාවරණය වි තිබේ.එහී එක් පියවරක් ලෙස මේවන විට කිලී මහරාජා මෙම ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා විශාල මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කර තිබේ. සිරස මාධ්‍ය ජාලය මේ දිනවල පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් ගසමින් ඇවන්ගාඩ් වයාපාරයට එරෙහිව පුවත් විකාශය කරමින් සිටි.

කියවන්න –ඇවන්ගාර්ඩ් ගිලගන්න කීලී කෙලිය අරඹයි-රුවන්,අනුෂා,අනුර බිල්ලට දෙයි

ප.ච රණවක නොහොත් අවස්ථාවාදී දේශපාලකයා අලිපාටියෙන් චන්දෙ එල්ලීමට පැමිණෙන්නේ දුෂණයට විරුද්ධ නිසාවත් රටගැන ඇති කැක්කුමටත් නොව සන්ධාන පාටියෙන් ඉල්ලොවොත් ඇප නැතිවන නිසාය.ලක් විජය නැමති විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය සහ කොන්තරාත්තුව තම හිතවතුන්ට ලබාදෙමින් කෝටි ගණනක අලාබයක් රජයට සිදු කළේ කවුරුන්ද යන්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.වාහන වල දුම් පරීක්ෂාවට කියා අළුත් මගඩියක් රටට හඳුන්වා දී එම කොන්ත්‍රාත්තුව තමන්ගේ හෙංචයියන්ට ලබා දුන් ශුද්ධවන්තයා කවුරුන්ද න්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.

පාරජිත ගේ කැරට්ටුවද ඉහත කි ප.ච රණවක මෙන්මය මෙම අවස්ථාවාදී දේශපාලකයා ද අලිපාටියෙන් චන්දෙ එල්ලීමට පැමිණෙන්නේ දුෂණයට විරුද්ධ නිසාවත් රටගැන ඇති කැක්කුමටත් නොව සන්ධාන පාටියෙන් ඉල්ලොවොත් ඇප නැතිවන නිසාය. ශ්‍රී ලංකාවේ මුහුදේ මාළු බෑමට විදේශ නැව් වලට ඉඩ දී ලංකාවේ මාළු අපනයනයට තහංචි වැටෙන තැනට ක්‍රියා කළ අම්බරුවා කවුද ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.ලංකාවට ලැබෙන්නට තිබූ අදායම අහිමි කර අදටත් මාලදිවයිනේ, චීනයේ සහ තායි මාළු ව්‍යාපාරිකයින්ගෙන් සංතෝශම් ලබා ගන්නේ කවුද ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.

පොන්සේකා යනු සිරසේ කිලිගේ පදේට නටනා තවත් රූකඩයක් පමණි, වර්තමාන රජයෙන් ඔහුට නිවසක් ලබාදීමට පෙර ඔහු ජිවත් වුයේ සංජීව රණතුංගට හිමි නිවසකය . සංජිව රණතුංග යනු සිරසේ කිලිගේ ගෝලයෙකි. පසුගිය මැතිවරණයේ ඔහු අන්ත පරාජයට පත්වුයේ කිලිගේ පදේට නටන්නට ගොස්ය. කිළිට අවශ්‍ය වී ඇත්තේ අරන්ෂක නියෝජ්‍ය ඇමති රුවන්ගේ අගමෙහෙසිය මාර්ගයෙන් මෙම අවන්ගාර්ඩ් ආයතනය මහරාජා ආයතනයට ලබාගැනීමටය, ඒ සදහා ඔවුන් විසින් පොර්ට් සිටියට දැක්වූ හුදු විරෝධයම අවන්ගර්ඩ් සිද්දියට ද බ්‍රේකින් නිව්ස් ගසමින් අකුරට ඉටු කරයි.

සිරසේ කිලිගේ පොර්ට් සිටි විරෝධය නතරවන්නේ ඩොලර් මිලියන 300ක පොර්ට් සිටි කැම්පේන් එක චීන කොම්පැන්නිය විසින් ලබාදීමත් සමගය. එදා සිට පොර්ට් සිටිය සිරසේ කිළිට ලෝකයේ තියෙන හොදම වියාපෘතිය විය. පොන්සේකා මේ පෙනීසිටින්නේ එවැනි කූට ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ගණිකා සේවයේ යොදවන අධමයෙකු වෙනුවෙන්ය.

කොහොම උනත් ෆොන්සේකා යනු වචනයේ පරිසමාප්තියෙන්ම අධමයෙකි.

මෙතෙක්‌ අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර හරහා කොටි ඩයස්‌පෝරාව අතට පත්කිරිම පසුපස පැඩි ෆිල්ඩ් මාෂල් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිටිම.

කියවන්න –බුද්ධි අංශ පාවාදීමේ තොරතුරු සියල්ල්ම දුන්නේ පැඩි ෆිල්ඩ් “ෆොන්සේකා”

006 නොවැම්බර් මස 10 වැනිදා නාරාහේන්පිට සිට බොරැල්ල හරහා ගමන් කරමින් සිටියදී රවිරාජ් නඩරාජා මහතා ඝාතනය කිරිම සහ එම වරද රාජපක්ෂලා මත පැටවිම
කියවන්න – ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි(http://www.lankanewsweb.today/archives/661)

මාරපන යනු මාරම පනකි යනු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට නොගැලපෙන චරිතයකි. එනම් 2001 ඔවුන්ගේ ආන්දඩු කාලයේද මොහුගේ හැසිරීම මේ අකාරයෙනි.එකලද මොහු පෙනීසිටියේ විශාල වියාපරිකයන් වෙනුවෙන්ය. විවධ දුෂණ චෝදනා පවතී එකල මැති ඇමතිවරු සහ ඩිල් කරුවන්ට මාරපන යනු දෙවියෙක් විය. ඔහුගේම වචනයෙන් පවසනවා නම් ඩිල් කරුවන් සියලු දෙනාය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමටත්,ඇවන්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති නිදහස් කිරීමටත් මහාධිකරණ විනිසුරුවන් පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකු සහ තුප්පහි චිවරධාරියෙකුද සිටින බව අප පසුගියදා අනාවරණය කළා.

කියවන්න –අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න-නීතියාවල පාලිත මහත්තයාත් ඒ අතර

Top