Featured

ඩොලර් ගිල්ල සන්ධ්‍යා එක්නැලිගොඩ කියන්නේ බොරු -පොලිස් මුලස්ථානය

කිසිවෙක් අපගෙන් ප‍්‍රශ්න කිරීමට කලබල නොවන්න, ඔහු මරා දමනු අප දැක්කේ නැත. ඒත් 2010 ජනවාරි 24 දා සිට අද වන තෙක් ඔහු සඟවාගෙන සිටින්නට තරම් පිස්සුවක් කිසිවකුට ඇත්තේත් නැත. මහින්දලාගේ ආණ්ඩුව අපට ප‍්‍රගීත්ව නැති කළා යනුවෙන් සහ නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු නොකරන ලෙසට එජාපයේ පත්තර ලෑලි පවත්වාගෙන යන බොතල් පත්තර කාරයන්ගේ පත්තර සහ වෙබ් කඩමලු වල ඩොලර් වලට කිඹුල් කදුළු හෙලන සන්ධ්‍යා එක්නැලිගොඩට කරන ප්‍රකාශයන් අමුලික බොරු බව පොලිස් මුලස්ථානය පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වන තුරු එහි තොරතුරු සම්පූර්ණයෙන් අනාවරණ කළ නොහැකි බව පොලිසිය පවසනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියට අදාළ තොරතුරු අනාවරණ කිරීම තුළින් ඊට අදාළ සාක්ෂිවලට බලපෑමක් එල්ල විය හැකි බවයි.මේ වන විට එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සාර්ථක අයුරින් සිදුකරමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඉකුත් දා එක්නැලිගොඩ මහත්මිය සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවත්, ඇය පවසන ආකාරයට පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා ඊට අදාළ කරුණු වසන් කරන බවටත් කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි එමගින් පෙන්වා දෙන්නේ.යම් බලපෑමක් මත පොලිස්පතිවරයා එම කටයුත්තේ නිරත වන බවට එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කළ ද අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ද පොලිස්පතිවරයා බව අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකු සහ පුනරුත්තාපනය වන කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කියා සිටි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විමර්ශන අවසන් වූ සැණින් ඊට අදාළ සත්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ නිවේදනය කරන බවයි.

Top