LNN SPY

“තමුසේ මම කියන දේ කරනවා …වෙන පණ්ඩිත කම් තමුසෙට වැඩක් නැනේ…. ” Lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කිරිමට කඩේ ගිය නිමල් බෝපගේ රජ ගෙදරින් දොට්ට වැටුන කුජිත මෙහෙයුම

Published on: Mar 24, 2018- Lankanewsweb.today වෙබ් අඩවිය අවස්ථා ගණනාවකදි තහනමට ලක්කිරිම පසුපස ජනාධිපතිවරයාගේ ගේදර පිලිකන්නේ ඉදුල් බුදින හිටපු ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ සිටින බව අප සාක්ෂී සහිතව අනාවරණය කල අතර පසුව කොම්ඩම් තියරියට හසුවු නිමල් බෝපගේ ජනාධිපති අතිරේක ලේකම් ධූරයේ සහ පසුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන්ද දොට්ට වැටුන බෝපගේ තමන් අවසාන වතාවට දරමින් සිටි භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති කමෙන්ද දොට්ට වැටුනේ ආපසු වැටෙන්නට තැනක්ද ඉතුරු නොකරගෙනය.

ජනාධිපතිවරයාට දාව දරුවෙකු මෙන් ගොට්ට අල්ලමින් සිටි නිමල් බෝපගේ වැන්නෙකු හදිසියේම කොම්ඩම් තියරියට ලක්විම පිළිබඳව අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි නිමල් බෝපගේ හදිසියෙම දොට්ට වැටිමේ හේතුව අනාවරණය වි තිබේ.

නිමල් බෝපගේ භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ධුරය දරමින් සිටි සමයේ පසුගිය මැතිවරණය සමය ආරම්භ විමට කලින් සමයේ දිනක් නිමල් බෝපගේට ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේනගෙන් කැදවිමක් ලැබි ඇති අතර එම කැදවිමට අනුව ඇය හමුවිට නිමල් යන අවස්ථාවේ ඇය සමග තවත් පුද්ගලයෙකු එම ස්ථානයේ සිට තිබේ.

අදාළ පුද්ගලයාද(ඔහුගේ නම පසුවට) ලග තබා ගනිමින් ලංකාවේ ප්‍රධාන භූ සම්පත් වන පොස්පෙට් සහ ඉල්මනයිට් නිධිය සහ තවත් ප්‍රධානතම භූ සම්පතක් කැඩිමට අදාළ අවසර පත්‍රයන් ඇය ලග සිටින පුද්ගලයාට වහාම ලබා දෙන ලෙසට නියෝග කර තිබේ.

කෙසේවෙතත් එයට දැඩි ලෙස විරෝධය දක්වා ඇති නිමල් බෝපගේ චතුරිකාට පවසා ඇත්තේ තමන්ට අදාළ භූ සම්පත් සදහා අවසර පත් ඒ අකාරයට නිකුත් කල නොහැකි බවත් ඒ සදහා නිසි ක්‍රමවේදයක් ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තරව ටෙන්ඩර කැදවිමේ ක්‍රමවේදයක් භාවිතා කිරිමට හැකියාව ඇති බවද පෙන්වා දි තිබේ.

ඒ සමග නිමල් බෝපගේට චතුරීකා බැන වැදි ඇති අතර එහිදි ඇය බැණ වැදි .ඇත්තේ.. “තමුසේ මම කියන දේ කරනවා …වෙන පණ්ඩිත කම් තමුසෙට වැඩක් නැනේ…. තමුසේ කොහොමත් දගලනවා වැඩි ….” යනුවෙනි.

නිමල් බෝපගේ යනු මල පැණීම හේතුවෙන් හත් පොළේ ගා ගන්නා මොඩයෙකි

“මේ මැඩම් මට ඔයාට දෙකක් කියන්න පුලුවන්…එත් .. එත් මම එහෙම කැ ගහන්නෙ නෑ … මොකද මම කටවහගෙන ඉන්නේ මගේ අම්මා,තාත්තා මාව ඒ විදියට හදලා තියන්නේ…. මම රාජ්‍ය නිළධාරීන්යෙක් මේ හැමදෙයම් කරන්න ක්‍රමවේදයක් තියෙනවා… ඔයා ජනාධිපතිගේ දුව උනාට කමක් නෑ ….. “(හඩ පටය ඇසෙන්නේ නැත…)

ඒ සමගම චතුරිකා පවසා ඇත්තේ….. “තමුසේ කරලා තියේන දෙවල් මම දන්නවා …. තමුසේව හිරේ යවන එක මහ දෙයක් නෙවේ …..මම තමුසේව හිරේ යන්න කලින් ගෙදර යවනවා ..” යනුවෙන් කෑ ගසා තිබේ.

ඒ සමගම නිමල් බෝපගේ කෑ ගසමින් කියා ඇත්තේ….

“අනේ මේ චතුරිකා ඔයා පොලොන්නරුවේ ඉන්නකොට ඔයාලාගෙ බඩ තිබුනේ පිටේ ඇලිලා… ඔයාලාට යන එන මං නැතුව ඉදලා දැන් මේතන කෑ ගහන්න එන්න එපා….” යනුවෙන් කෑ ගැසු නිමල් බෝපගේ තරහින්ම නැගිට ගොස් ඇති අතර ඒ ආ ගමන නිමල් බෝපගේ අවසන් ගමනය….

~~පිළිතුරු දිමේ අයිතිය~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

http://198.211.112.164/archives/16837

http://198.211.112.164/archives/17553

Top