Anonymous Reporter

තාජුඞීන් මැරුණේ ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය විමයි-කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ

මහා මැතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාට මඩ ගැසිමේ එකම අරමුණින් හදිසියේම මුලික නීතිය පවා කඩා බිඳ දමමින් රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය  ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසිය කටයුතු කිරිමට සුදානම් වුවද අද කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර විසින් නිකුත්කල අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂලාට මඩ ගැසීමට ඉඩක් නැති බව තහවුරු කර තිබේ.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණයට ආසන්න හේතුව සිහි නැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය කිරීම යැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර ඔහුගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර තිබේ.

උසාවියට ඉදිරිපත් කළ එම වාර්තාව අනුව ගින්න හටගනිද්දී ඔහු පණපිටින් සිටි බවත්, එහෙත් සිහි නැතිව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.

තාජුඩීන්ගේ ලේවල එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ බවත්, සිද්ධියට දෙපැයකට පෙර ඔහු මත්පැන් බොන්නට ඇති බවත් එම වාර්තාව පවසයි.අධික ලෙස පත්පැන් බිව් පුද්ගලයකු අර්ධ වශයෙන් අක්‍රය වුවත් වාහනයක් පදවාගෙන ගිය හැකි බව ද ඔහු කියයි.

Diffusé par Adcashතාජුදීන්ගේ හිසෙහි වූ තුවාල කාරය ඇතුළුත දී හෝ පිටත දී සිදු වන්නට ඇතැයි ද, මොට වූ අවියකින් පහර දීමෙන් එසේ විය හැකි යැයි ද නැතහොත් ඔහු කාරයේ සිටිය දී වෙනත් අයකු එළියට අදින්නට ඇද දමන්නට ඇතැයි ද, නොඑසේ නම් වාහනයෙන් බිමට වැටෙන්නට ඇතැයි ද, පහර දීමකින් ඔහුගේ අවයව පුපුරන්නට ඇතැයි ද, ඔහුගේ පපුවේ තුවාල රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, මරණයට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව ආග්‍රාණය වීම යැයි ද සමරසේකරගේ වාර්තාවේ දැක්වේ.

තාජුඩීන්ගේ ඝාතනය අලලා මඩ විඩියෝවක්!

[box type=”warning” ]වසීම් තාජුඩීන්ගේ මිය යාම ගැන කියැවෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කිරිම සදහා මේ වනවිටත් නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේ හොරට අධ්‍යාපණ විඩියෝ නිර්මාණය කර සිඩි තැටිගත කර විකුණන සිරිකොත එජාප මුලස්ථානයේ පියන් වැඩ කල පාලිත නැමත්තාට අයත් ස්ටුඩියෝවක මෙම විඩියෝව නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.[/box]

Exclusive:යෝෂිතට එරෙහිව සාක්ෂි දිමට නාවික හමුදාවෙන් පැන්නු සෙබලෙකු සුදානම් කරලා

[box type=”warning” ]Exclusive:රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියට සාක්ෂි දිම සදහා පුද්ගලයෙකු සුදානම් කරමින් ඉටින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු පවසයි.අදාළ රිය අනතුර සිදුකිරිම පසුපස මහින්ද රාජපක්ෂගෙ පුත් යෝෂිත රාජපක්ෂ සිටින බවට සාක්ෂි ලබාදිම මෙම පුද්ගලයාට පැවරි තිබේ.

නාවික හමුදාවේ සමාන්‍ය සෙබලෙකු වන මෙම පුද්ගලයා යුද්ධ පැවති සමයේ කල නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් දඩුවම් ලබා රැකියාවෙන් නෙරපන ලද්දෙකි.[/box]

Top