Featured

තාජුඩීන් ඝාතනයේ සී.සී.ටී.වී දර්ශන නිර්මාණය කල එකක්-කැනඩාවේ BCIT තහවුරු කරයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ සී.සී.ටී.වී දර්ශන ඇතුලත් දත්ත නව තාක්ෂණික ප්‍රයෝග යොදාගනිමින් සකස් කල එකක් බව කැනඩාවේ Forecnsic Video and Surveillance Technology laboratory British Columbia institute of Technology නමැති ආයතනය තහවුරු කරමින් රහස් පොලිසියට වාර්තාවක් සපයා ඇති අතර එම වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දි තිබේ.

ඒ අනුව රාජපක්ෂලා අපහසුතාවට පත්කරමින් මාධ්‍ය සංදර්ශණ පැවැත්විම සදහා අප කලින් අනාවරණය කල පරිදිම මෙය එක්සත් ජාතික පක්ෂයේ සහ යන එන මං නොමැතිව සිටින සිරිසේන ඇතුලු කල්ලියේ නිර්මාණයක් බව තහවුරු වි තිබේ.

අදාළ BCIT වාර්තාව බලාපොරොත්තු වන්න 

2012 මැයි 17 වැනි දින රිය අනතුරකින් තාජුඩීන් ඝාතනයට ලක්වු අතර රාජපක්ෂලා ඉලක්ක කර එම අනතුර ඝාතනයක් ලෙස හුවා දක්වමින් මඩ වෙබ් අඩවි යොදවා ගනිමින් අසත්‍ය ප්‍රවෘත්ති පලකල අතර ඒ හරහා වරක් යෝෂිත රාජපක්ෂ අල්ලා ගැනිමට උත්සහ ගත් අතර පසුව එය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල චරිතයක් වන නාමල් රාජපක්ෂ ඉලක්ක කර ඔහු මත වරද පැටවිම සදහා යහපාලනය කුමන්ත්‍රණ මෙහෙයුම ක්‍රියාත්මක කළා.

තාජුඩීන්ගේ ඝාතනය අලලා මඩ විඩියෝවක්! 2015/අගෝස්තු 11 –අදාළ පුවත බලන්න මෙතනින්

වසීම් තාජුඩීන්ගේ මිය යාම ගැන කියැවෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කිරිම සදහා මේ වනවිටත් නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේ හොරට අධ්‍යාපණ විඩියෝ නිර්මාණය කර සිඩි තැටිගත කර විකුණන සිරිකොත එජාප මුලස්ථානයේ පියන් වැඩ කල පාලිත නැමත්තාට අයත් ස්ටුඩියෝවක මෙම විඩියෝව නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබූ දර්ශන බව කියමින් කැනඩාවේ පිහිටි ෆොරන්සික් විද්‍යා හා තාක්ෂණ ආයතනයට යොමු කිරිමට සිරිසේන ජනාධිපතිවරයාගේ හුරතල් රහස් පොලිසිය කටයුතු කළේ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රහස් පොලීසියේ ඉහළ නිළධාරියෙකු අනාවරණය කර තිබියදි.

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශණ නෑ -රහස් පොලිසිය 2015 දෙසැම්බර් 9 –අදාළ පුවත බලන්න මෙතනින්

මේ අතර කිසියම් පිරිසක් විසින් නිමාණය කරන ලද ඝාතනය සිදුවු අකාරය අනුමාන කරන ලද විඩියෝවක් එක්තරා නී. ඇමතිවරයෙකු විසින් රහස් පොලිසියට ලබාදි ඇති බවත් එම නිළධාරියා අනාවරණය කර තිබේ.

රහස් පොලිසිය ඇතුලේ රජයේ විශේෂ නියෝජිතයෙක්! තාජුඩීන් මරන්න රාජපක්ෂලා කී බව පිලිගන්න අනුරට බලපෑම් 2016 මැයි 20 –අදාළ පුවත බලන්න මෙතනින්

තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට උපදෙස් දුන් බවට පිළිගන්නා ලෙසට එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට රහස් පොලිස් ප්‍රශ්ණ කිරිම් අතර පැමිණි රජයේ විශේෂ නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු හරහා බලපෑම් කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කළා.

Top