LNN SPY

තානාපති කාර්‍යාලයේ නිලධාරිණියක් පැහැර ගත්තා… ස්ව්ස්ටර්ලන්ත ෆෙඩරල් රජය නිළ වශයෙන් පිළිගනී… පැහැර ගැනිම පසුපස ආරක්ෂක ලේකම්! තානාපති හමුවිම ජනපති,අගමැති මගහරී

Published on: Nov 28, 2019- දැනට ස්විස්ටර්ලන්තය බලා ගොස් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා ට විසා ලබා දීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ලංකාවේ ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කරන විසා නිලධාරිනියක පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රියකින් පැහැරගෙන රදවා තබා ගනිමින් පැය ගණනාවක් ප්‍රශ්න කොට තිබෙනවා.අප ඒ සම්බන්ධයෙන් ඊයේ අනාවරණය කළා.එම සිද්ධිය සම්බන්ධයෙන් ස්ව්ස්ටර්ලන්ත ෆෙඩරල් රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

උපුටා ගැනිම තානාපති කාර්යාලය නිවේදනයෙන් 

සිය තානාපති කාර්‍යාලයේ සේවය කළ ශ්‍රි ලාංකික කාන්තා නිලධාරිණියක් ඇයගේ කැමැත්ත නොමැතිව රඳවා තබා ගෙන ඇති බව ස්ව්ස්ටර්ලන්ත ෆෙඩරල් රජය නිවේදනය කළා.

ස්විස්ටර්ලන්ත ෆෙඩරල් රජය විසින් මේ පිළිබඳව සඳහන් කරමින් නිල නිවේදනයක් ඊයේ (27) රාත්‍රියේ නිකුත් කළ අතර අදාළ තනාපති නිලධාරිනිය රඳවා ගත් හදුනා නොගත් පුද්ගලයන් විසින් තනාපති කාර්යාලයට අදාළ තොරතුරු ලබා දෙන ලෙසට ඇයට තර්ජනය කොට ඇති බව එමගින් දක්වා තිබෙනවා.

මෙම සිදුවීම සිය රාජ තාන්ත්‍රික නියෝජිතයන්ට හා තනාපති නිලධාරින්ට එරෙහිව සිදුවූ බරපලතල හා කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් ලෙසට මෙම බලහත්කාරි රදවා ගැනීම තම රජය සලකන බව එම නිවේදනය සඳහන් කරනවා.

එසේම මෙම සිදුවීම පිළිබඳව විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසද තම රාජත්‍රාන්තික නිලධාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙසද ස්විස් රජය ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ද එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කළා.

තානාපති කාර්යාලය නිවේදනය අවසන්….

ජනපති-අගමැති තානාපති හමුවිම මගහරි ….

මේ අතර අදාළ පැහැර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවිමට ස්ව්ස්ටර්ලන්ත තානාපතිවරයා කල ඉල්ලිමට අද දවස පුරාම ප්‍රතිචාර ලබා දි නොමැති බව අප කොළඹ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.තානාපති කාර්‍යාලයේ නිළ නිවේදකයෙකු අප වාර්තාකරු සමග පවසා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අගමැතිවරයා හමුවිමට ගත් උත්සහයන් සියල්ලම් ව්‍යාර්ථ වි ඇති බවයි.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමට වේලාවක් වෙන්කර ගැනිම සදහා තානාපති කාර්යාලය උත්සහ කලද එයද සාර්ථක වි නෑ.

පැහැර ගැනිම පසුපස ආරක්ෂක ලේකම් 

මේ අතර ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්‍යාලයේ සේවය කල වීසා අංශයේ කාන්තාවක පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරතන වගකිවයුතු බව මේ වනවිට අනාවාරණය වි තිබේ. බුද්ධි අංශයේ ප්‍රබලයෙකු කල අනාවරණයකට අනුව නිශාන්ත සිල්වා විදේශගත විමත් සමග කලබලයට පත්වු ආරක්ෂක ලේකම්වරයා මේ අකාරයට කටයුතු කර ඇති බවත් ඒයට ආසන්නතම හේතුව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඔහුගේ මැර හමුදා කණ්ඩායක් සම්බන්ධයෙන් පරික්ෂණ කරන ලද වාර්තා රැසක්ද නිශාන්ත විසින් රැගෙන යැමයි.

Top