Anonymous Reporter

දකුණේ ජනයා කවදාවත් මේ මවුබිම පාවා දෙන්නේ නෑ

මැයි 2 වැනිදායින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය හෝ ගමනක ආරම්භය සනිටුහන් වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු අවධාරණය කළා.සියලුම අපවදයන් මැඩ කොදෙව්වෝ අවසන් හයේ හයේ පහර 4කින් තරග අවසන් කලාක් මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂය මැයි 1 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන පුමුඛ එජාප,ජාත්‍යන්තර බෙදුම්වාදී රූකඩ පාලකයන්ට නිසි පිළිතුරු ලබාදන බවද ඔහු අවධාරණය කළා.

“මෛත්‍රී මහත්තයා මැයි රැළියඅ රන් දකුණට ගීයේ තමන්ගේ අවසානය සනිටුහන් කර ගන්න මොකද මෛත්‍රීට අමතක වෙලා දකුණේ ජනයා කවදාවත් මේ මවුබිම පාවා දෙන්නේ නෑ කියලා…ගාල්ලේ මැයි රැලි තියනවා දුමින්ද ශ්‍රීලනීපයේ බත් බැලයන්ට නියෝග කරනවා හැම ඇමතිවරයෙක්ම තමන්ගේ දිස්ත්‍රික්කයෙන් 2000ක් එක්කන් එන්න ඔනෑ කියලා….”

“මැයි 1 වැනිදා මහින්ද සමග වැඩකරන ජනයා රොක්වෙන හැටි දැක්කාම දෙවැනිදා වෙනකොට සිරිසේන මහත්තයාට වෙන්නේ පල්ලම් බහින්න ..අන්න අපි දෙවැනි හයේ පහර ගහන දවස මැයි 2 වැනිදා වෙනකොට මේ රටේ ජනමතය තවත් තහවුරු වෙනවා…එදා හයිඩ් පිටියේදි මහින්ද මහත්තයා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා..රාජපක්ෂලා එකා පිටිපස්සේ එකා මරලා දැම්මාත් රට වෙනුවෙන් දේශපාලනය කරන එක නතර නොකරන බවට….එදා අපි පලමු හයේ පහර ගැහුවා ….. දැන් අපි මැයි 1 වැනිදාට දෙවැනි හයේ පහරත් ගහනවා…ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයායි …චන්ද්‍රිකා නෝනාලා විතරක් නොවේ එජාප ආණ්ඩුවේ කටු කන හැමොටමත් මැයි දෙවැනිදා ඉදලා වෙනස් වෙන්න වෙනවා…නැත්තං අපි 3 වෙනි හයේ පහර ගහන්නේ ඒ අයට හිතා ගන්න බැරි වෙන්න….”

Top