LNN SPY

දප්පුලට නීතිය මතක් වෙයි…. ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට මංඤං ද? තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කල ගෝඨාගේ ගෝලයෝ නිදහස් කිරිමේ මෙහෙයුමක්!

Published on: Jan 28, 2020- නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ  කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති ගෝඨාභය විසින් පත්කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව අද (27) නිකුත් කල නියෝගයට පිළිතුරු දෙමිනුයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර යහපාලන ආණ්ඩු කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා යැයි පවසමින් ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ගෝඨාභය විසින් පත්කරනු ලැබුවා.

මෙම තරුණයින් 11 දෙනා කප්පම් ලබාගැනීම පිනිස පැහැරගෙන ගොස් රදවාතබා ගනිමින් විවිධ අවස්ථාවල කප්පම් මුදල් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ලබාගෙන ඇති බවත් පසුව මෙම තරුණයින් ඝාතනය කර ඇති බවත් අධිකරණයේ විභාගවන නඩුවේදී කරුණු තහවුරුවී තිබුණි. මෙම ඝාතනය සදහා නාවික හමුදාවේ පිරිසක් සම්බන්දවී ඇති අතර නාවික හමුවේ කදවුරුතුල මෙම තරුණයින් රදවා තබාගෙන සිටි බවට සාක්ෂි සහිතව මේ වනවිට කරුණු හෙලිදරව්වී තිබියදි වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන අය විසින් පසුගිය 22 වැනිදා දේශපාලන පලිගැනීමක් ලෙස සිද්ධිය කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ අනුව නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන්ස භාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝග නිකුත් කර තිබේ.

නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් දැනුම් දි ඇත්තේ නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම්ක රගෙන නොවන බවයි.

මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිඳු නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top