LNN SPY

“දයාසිරි කියන කතා කවුද ගණන් ගන්නේ…..”පළාත් පාලන මැතිවරණයට රනිල්,මෛත්‍රී ඒකාබද්ධ ගේමක් දෙයි…! ගේම් ඇතුලේ තවත් ගේම් මෙන්න

දයාසිරි ජයසේකර කියන කතා කවුද ගණන් ගන්නේ…..එයා දන්නේ කැබිනට් එකේ කතා කරන දේවල් විතරයි….යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එජාප ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ඡාවකදි පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව් පළාත් පාලන මැතිවරණයට තරග කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බවත් ඒ සදහා තමන්ගේ ආසනය මේ වනවිටත් සුදානම් වෙමින් සිටින බවට රාජිත විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව වෙමින් කැබිනට් සම ප්‍රකාශක ක්‍රිඩා  අමාත්‍ය දයාසිරි ජයසේකර ඊට එරෙහි වෙමින් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු රාජිතගෙන් කල විමසිමකදි ඔහු මේ බව පවසා තිබේ.

තමන් සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධයට එහා ගිය සම්බන්ධයක් නොමැති බවත් තමන් නිසා මෛත්‍රී ජනාධිපතිවරයා ආරක්ෂා වි සීටින බවටද රාජිත පුරසාරම් දොඩවා තිබේ.

අපේ කට්ටීය දන්නේ මේ කැබිනට් එකේ හෝ ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්විම් වලදි කතාබව කරන දේවල් පමණක් බවත් ඊට වඩා දේවල් තමන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවල බවත් එම අවස්ථාවලට බොහො විට සහභාගි වන්නේ තමන් සහ ජනාධිපතිවරයා පමණක් බවටද රාජිත පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණයට රනිල්,මෛත්‍රී ඒකාබද්ධ ගේමක් දෙයි…!

මේ අතර මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට දායකත්වය ලබා නොදෙන්නේ නම් එජාපය සමග එක්ව පළාත් පාලන ආයතන බලය ඇල්ලිම සදහා සිමිත මේහෙයුමක් මේ වබ විට ක්‍රියාත්ම කර තිබේන අතර ඒ හරහා එජාපයට සහ ශ්‍රිලනිපයට වෙනම් වෙනම වාසිදායක තත්ත්වයන් සලකා බලමින් සිටින බවයි අනාවරණය වන්නේ.

අප ඒම මෙහෙයුම් සම්බන්ධයෙන් මෙට මාස 5කට පමණ පෙරද අනාවණය කල අතර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ ගේමක් ගැසිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිදුවු අතීශය රහසිගත සාකච්ඡාවකදි එය අනාවරණය වි තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක ප්‍රදේශයන් ජයග්‍රහණය කිරිමට ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සහය ලබාදිමට ඒ ආකාරයට දිනාගන්නා පලාත් පාලන ආයතන වල උප සභාපතිකම හෝ උප නගරාධිපති කම ශ්‍රීලනීපයටත්,ශ්‍රිලනිප වාසිදායක පලාත් පාලන ආයතන වන උප සභාපතිකම හෝ උප නගරාධිපති කම එජාපයටත් ලබාදිමට මෙම සාකච්ඡා වලදි තින්දු කරගෙන තිබේ.එවැනි ක්‍රියාවලියක් හරහා පමණක් මහින්ද සමග ගම් මට්ටමේ ඇතිවෙමින් තිබේන බලය මර්දණය කල හැකි බවයි දෙපාර්ශවයේම අදහස වි ඇත්තේ.

ගේම් ඇතුලේ තවත් ගේම් මෙන්න….

මේ අතර පළාත් පාලන මැතිවරණ හරහා මෛත්‍රී දුර්වල කිරිමේ රනිල් මෙහෙයුමද සීඝ්‍රයෙන් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා. ඒ අනුව ඉහත සාකච්ඡාවට අනුව මැතිවරණයට මුහුණ දි මහින්ද පිළ වෙනම තරග කිරිම හේතුවෙන්  ඒ හරහා ශ්‍රිලනිපය ලබන පරාජය භාවිතා කර ගම් මට්ටමේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය දුර්වල බව සමාජගත කිරිම හරහා 2020 ජනාධිපතිවරණයකදි රනිල්ට එල්ලවිය හැකි අවාසිදායක තත්ත්වය අවම කර ගැනිම සදහා කටයුතු කරමින් සිටි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුලද මේ වන විට අර්බුදයක් මතුව ඇති අතර ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ඊයේ මෛත්‍රීගෙ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිපය සමග ගොඩනැගෙන සන්ධානයකින් පළාත් පාලන මැතිවරණයකට තරග නොකිරීමට තින්දු කලද ඊළග කරන්නේ කුමක්ද යන්න තින්දුවක් ගැනිමට නොහැකිව ලතවෙන බව වාර්තා වේ.

යම් හෙයකින් වෙනත් සන්ධානයකින් තරග කර අවම මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනිමට සිදු වුවහොත් ඔහුන් අනිවාර්යෙන් මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සභාපතිකම් හෝ නගරාධිපතිකම හෝ නී.නගරාධිපතිකම ලබා ගැනිමට හැකියාව ඇති බවත් සියල්ලටම වඩා පළාත් පාලන මැතිවරණ වලදි ගමේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බලා ජනතාව ඡන්දය භාවිතා කරන හෙයින් එජාප+ශ්‍රිලනිප කණ්ඩායම් වලට වැඩි මන්ත්‍රින් සංඛ්‍යාවක් දිනා ගැනිමට හැකියාව ඇති බවයි ඒකාබද්ධයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

 

Top