Featured

දයාසිරිට මලපනී මාධ්‍යවේදීන්ට පහරදෙයි -මාධ්‍ය ලේකම් ගෙදර යයි…

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්‍යවේදින්ට සහ තවත් ආරාධිත අමුත්තන් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ යාපනයේ පැවැති භෝජන සංග්‍රහයක් අතරතුරේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදින් සමඟ ගැ‍ටුමක් ඇති කරගෙන තිබෙන අතර දයාසිරිගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කල ප්‍රසන්න අධිකාරිද අද සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

මව්බිම පුවත් පතෙහි ක්‍රීඩා මාධ්‍යවේදියකු මෙවර ජාතික ක්‍රීඩා උළෙල්දී වූ අඩුපාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී ක්‍රීඩා ඇමැතිවරයා උරන වී මාධ්‍යවේදියාගෙන් ඔහුගේ මාධ්‍ය ආයතනය කුමක්ද යන්න විමසා ඇත. එහිදි ‘ මව්බිම’ යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආ තමුසේ මව්බිම ද තමුසේ මෙතන ඉන්න ඔනේ නෑ යනව යන්න එලියට යනුවෙන් බැණ වැදී ඇත. එම අවස්ථාවේදී අද පුවත් පතේහි ක්‍රීඩා මාධ්‍යවේදියාද ක්‍රීඩා උළෙලෙහි අඩු පාඩු තිබූ බවත් එම නිසා ඇමැතිවරයා එසේ කතා කිරීම වැරදි බවත් පෙන්වා දී තිබේ. ඔහුගෙන්ද මාධ්‍ය ආයතනය කුමක්ද යන්න අසා තමුසේව මන් පස්සේ බලා ගන්නම් ආදි වශයෙන් බැණ වැදී ඇමැතිවරයාගේ ආරක්ෂකයන් ලවා එම මාධ්‍යවේදින් දෙදෙනාව එතැනින් පිටතට ඇද දැමීමට උත්සහ කෙරිනි. මාධ්‍යවේදින් ඊට එරෙහි වූයෙන් ආරක්ෂකයන් විසින් ඔහුන් දෙදෙනාට පහර දී ඇත.

පසුව එම ස්ථානයේ සිටි තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම පහරදිම ගැන ඇමැතිවරයාට විරෝධය පළ කර මාධ්‍යවේදින් දෙදෙනාව ආරක්ෂකයන්ගෙන් බේරාගැනීමට කටයුතු කර තිබේ. මෙම සිදුවීම අතරතුරදී ඇමැතිවරයාගේ නියොගය පිට මාධ්‍යවේදින්ගේ දුරකතන ද පැහැර ගෙන ඇති අතර මේවන තුරුත් එම දුරකතන ආපසු ලබා දී නැත.

මෙම පහර දිම සම්බන්ධයෙන් යාපනය පොලිසියේ පැමිණිල්ලක්ද මේවන විට දමා තිබේ. මුල් අවස්ථාවේදී එම පැමිණිල්ල බාර ගැනිමද පොලීසිය ප්‍රතික්ෂේප කර ඇත.

යුධහමුදාව විසින් පාලනය කරන යාපනයේ තල් සේවන නම් උත්සව ශාලාවේදි මෙම භොජන සංග්‍රහය පැවැති අතර මෙම පහර දීම සිදුවන අවස්ථාවේදි පොලිසියේ හා යුධ හමුදාවේ ඉහළ නිලධාරෙන් කිහිප දෙනෙකුද ඒ දු‍ටුහ. නමුත් ඇමැතිවරයා පිස්සු කෙලිම ගැන කිසිවකුත් වගේ වගක් නැතිව සිටියහ.

කෙසේ නමුත් මේ භොජන සංග්‍රහයේදි ක්‍රීඩා ඇමැතිවරයා කෙලින් සිට ගැනිමට තරම් නොහැකි තරමට අධිකව බීමත්ව සිට තිබේ. මාධ්‍යවේදින්ගේ මුලික චෝදනාව වී තිබුනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා මේ වාර්තා කිරීමට කොළඹ සිට ‍රැගෙන ආ මාධයවේදීන්ට නිසි පරිදි පහසුකම් හෝ ආහාර ලබා නොදීම සම්බන්ධයෙනි.

දයාසිරිගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු  කල ප්‍රසන්න අධිකාරී සිය තනතුර අත්හරින බවට නිකුත් කල නිවේදනය 

2016/10/05

ප්‍රධාන කර්තෘ – පුවත්පත්,

අධ්‍යක්ෂ ප්‍රවෘත්ති – රුපවාහිනී / ගුවන්විදුලි,

සංස්කාරක – වෙබ් පුවත්,

මහත්මයාණෙනි/ මහත්මියණි,

ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයෙන් ඉල්ලා අස්වීම.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය සඳහා 2015/10/01 සේවයට බැඳුණු මා 2016/10/01 දිනෙන් එම රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව කාරුණිකව දන්වා සිටිමි.

එම වර්ෂයක කාලය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල සහ ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා කේෂ්ත්‍රයටත් මාගෙන් ඉටුකළ හැකිව තිබු සේවය උපරිමෙන් ඉටු කිරීමට උත්සහ ක‍ළෙමි.

රටේ ක්‍රීඩාවේ දියුණුව සංවර්ධනය අපේක්ෂා කළ ඒ වෙනුවෙන් පුළුලු ප්‍රචාරයක් ලබා දෙමින් ද විවේචනාත්මන සහායෝගය ලබා දෙමින් ද රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට දායක වු හා මා හට මාගේ රාජකාරි කටයුතු ඉටු කිරීමේ දී සහයෝගය දැක් වු මාධ්‍ය ආයතන ප්‍රධානින්ට, කර්තෘවරුන්ට, මාධ්‍ය අධ්‍යක්ෂවරුන්ට, මාධ්‍යවේදීන්, ඡායාරූප ශිල්පීන් ඇතුළු මාධ්‍ය කේෂ්ත්‍රයේ සියලු දෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මාගේ සේවා කාලය තුළ නොදැනුවත්ව හෝ මාධ්‍ය කටයුතු සිදු කිරීමේ දී ඔබ හට යම් හෝ සිත් රීඳිමක් අපහසුතාවෙයක් ඇති වුයේ නම් ඒ වෙනුවෙන් සමාවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබගේ මාධ්‍ය ජීවිතය සාර්ථක වේවායි පතමි.

මෙයට
හිතවත්

ප්‍රසන්න අධිකාරි

Top