Anonymous Reporter

දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුමකට සුදානම්-ISIS සම්බන්ධයකුත්!(Video)

රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්‍රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්‍රස්තවාදයට පවා එය සම්බන්ද බව බොදු බල සේනා සංවිධානය අනාවරණය කර ඇති අතර කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමක් බවත් “දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා” වහාම් පරික්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් බොදු බල සේනා සංවිධානය පවසයි.

10 ඔක්තෝබර් 2015

බොදු බල සේනා

පොලිස්පති
පොලිස්පති කාර්යාලය
කොළඹ
පොලිස්පති තුමනි,

“දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා”

මේ රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්‍රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්‍රස්තවාදයට පවා එය සම්බන්ද බවත්, මැද පෙරදිග පවතින කනගාටුදායක තත්වයට රට පත් වීමට පෙර මෙම අර්බුදයට විසඳුම් ලබා දිය යුතු බව බොදු බල සේනා කාලයක සිට ප්‍රකාශ කරන බව ඔබ ඉතා හොඳින් දන්නා බව අපගේ විශ්වාසයයි. එහෙත් මෙම ත්‍රස්ත හා අන්තවාදී බලවේග වල විවිධ බලපෑම් යටතේ සිදු වුයේ බොදු බල සේනා හුදෙක් ජාතිවාදී සංවිධානයක් බවට සමාජගත වීම පමණි.

එහෙත් මේ වන විට අප විසින් ඉස්ලාම් ත්‍රස්තවාදය පිලිබඳ කල ප්‍රකාශයන් සත්‍ය වෙමින් පවතී.

රටේ අග නගරය වන කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමකි.

ඇමතිවරයාගේ ප්‍රකාශය පහතින් දැක්වේ.,,,(රජයේ බලපෑම මත එම විඩියෝව ඉවත්කර ඇත.)  Link-https://www.youtube.com/watch?t=21&v=8MjKelDuXUI

කොළඹ 13 බාබර් වීදියේ දැඩි ලෙස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ජාතික සංවාද කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව පැවසූවේ බාබර් වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය පැවැත්වීමට එරෙහිව අසල මුස්ලිම් පල්ලියේ පිරිස් විසින් ගෙන යන විරෝධතාව සම්බන්ධයෙන් ColomboToday කළ විමසීමක දී. මෙම ගැටුම්කාරී තත්වය පිළිබදව තමන් මුස්ලිම් දේශපාලනඥයන් දැනුවත් කළද ඔවුන් තවමත් මේ සම්බන්ධව ඉදිරිපත් වී නැති බවද ඇමතිවරයා පවසනවා.

අදාල අන්තවාදී පිරිසගෙන් කෝවිල් පරිපාලක මණ්ඩලයට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් අද පැවැත්වීමට තිබූ වේල් උත්සවයේ කටයුතුද අත්හිටුවා තිබෙනවා.

මෙය අතිශය භයානක තත්වයකි.

1) මෙම කෝවිල හා සම්බන්ධ හින්දු භක්තිකයින්ගේ ආගමික නිදහස එනම් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වී ඇත.
2) මේ මට්ටමට අන්තවාදයක් ගොඩ නැගෙන තෙක් බුද්ධි අංශ හා ආරක්ෂක අංශ හා පොලිසිය ක්‍රියා මාර්ග ගෙන නොතිබෙන බව පෙනී යාම
3) මෙලෙස හින්දු භක්තිකයින්ට එරෙහිව ජීවිත තර්ජන ඇතුළු ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙද්දී ඒ පිලිබඳ ප්‍රමාණාත්මක පොලිස් මැදිහත්වීමක් දක්නට නොහැකි වීම
4) මෙම ප්‍රදේශයේ ඉස්ලාමික ෂරියා නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක් ලෙස පවත්වා ගෙන යාම
.5) රජයේ අමත්‍යවරකුටම, රටේ අග නගරයේදී, ඔහුගේ ප්‍රදේශයකදීම මුස්ලිම් අන්තවාදයට මුහුණ දීමට සිදු වීම හා ප්‍රසිද්ධියේ එය පිලිගැනීමට සිදු වීම

මේ පිලිබඳ ඔබ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කොට ඉක්මනින් හින්දු භක්තිකයින්ගේ ආගමික නිදහස සුරැකීමට අවශ්‍ය පරිසරය ඇති කිරීම, කෝවිලෙහි උත්සව පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම, ඔවුන්ගේ ජීව්ත වලට ආරක්ෂාව ලබා දීම හා කෝවිල ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පරිසරය ලබා දීම පිණිස කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන්ම රටේ පවතින ව්‍යවස්ථාවට හා නීතියට පිටුපා නීති විරෝධීව මෙම කටයුතු කරන අන්තවාදී කල්ලි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් තවදුරටත් ඉල්ලා සිටිමු.

එලෙසම පසුගිය සතියේ අරනායක බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිම විනාශ කිරීමක් හා නැගෙනහිර ප්‍රදේශයේ පෞරාණික දාගැබක නටබුන් විනාශ කොට කුඹුරු කිරීම ඇතුළු නැගෙනහිර පළාතේ සිදු වන බෞද්ධ විරෝධී කටයුතු පිළිබඳවද විශේෂයෙන් සොයා බලා පියවර ගන්න ලෙස ඉල්ලා සිටිමු.

එලෙසම රටේ ප්‍රදේශ කිහිපයක ෂරියා නීතිය ක්‍රියාත්මක වන අන්තවාදයට යටත් වූ කලාප කිහිපයක් රහසිගතව ස්ථාපිත කර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ පිලිබඳ වහාම සොයා බලන ලෙසත් ඉල්ලා සිටිමු.

ඉස්ලාම ත්‍රස්තවාදය පිලිබඳ පසුගියදා අප විසින් ජනාධිපති හා අගමැති වෙත යවන ලද ලිපියක්ද මේ සමග ඔබගේ අවධානයට ඉදිරිපත් කරමු
.

ස්තුතියි

තෙරුවන් සරණයි

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

පිටපත් ,

ජනාධිපති කාර්යාලය
අග්‍රාමාත්‍ය කාර්යාලය
හින්දු කටයුතු අමාත්‍ය කාර්යාලය
සංස්කෘතික කටයුතු අමාත්‍ය කාර්යාලය
විපක්ෂ නායක කාර්යාලය
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
සියලුම පළාත් සභා මන්ත්‍රීවරු
කොළඹ නගරාධිපති

 

Top