LNN SPY

“දිගා” බෞද්ධ සිංහල මැර කල්ලියක් නෑ…. හිටපු කොටි හිතවාදියකු ජිනීවා වලට බොරු කියලා

අම්පාර ප්‍රදේශයේ දිගා කල්ලිය නමින් සිංහල මැර කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වන බවට දියත්වී ඇති ප්‍රචාරය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (11) මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර සිටි බව කීර්ති වර්ණකුලසූරිය වාර්තා කරනවා.

මෙම සාවද්‍ය ප්‍රචාරය කැනඩාවේ සිට දියත් වී ඇති බවත් එය ප්‍රචාරය කළ තැනැත්තා හිටපු කොටි හිතවාදියකු බව හෙළිවී තිබේ.

දිගා කල්ලිය නමින් සිංහල බෞද්ධ මැර කණ්‌ඩායමක්‌ අම්පාර සිදුවීම් පසුපස සිටින බවට එම ප්‍රචාරය දියත්වී ඇති අතර මෙම අභූත ප්‍රචාරයේ අරමුණ එම බොරු තොරතුරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීම වේ.

දිගා කල්ලිය නමින් කණ්‌ඩායමක්‌ අම්පාරේ නැති බව පොලිසියද ප්‍රචාරය කර ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සෂිදරන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සිංහල මැර කණ්‌ඩායම් සිටින බවට බොරු ප්‍රචාර දියත් කර තිබේ.

මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධව අණ දීමේ චෝදනාව යටතේ හිටපු යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගත්තා නම්, එම චෝදනාව යටතේම ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද අත්අඩංගුවට ගත යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

පසුගිය (10 ) එළිය සංවිධානය මගින් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් රියර් අද්මිරාල් වීරසේකර සදහන් කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිදුවීම් සඳහා සරත් ෆොන්සේකා මහතා වගකිව යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා ද චෝදනා කර ඇති බව පැවසූ වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ එය සඳහන් වී ඇති බැවින් එම චෝදනා සම්බන්ධයෙන් අණ දීමේ චෝදනාව යටතේ සරත් ෆෝසේකා ද අත්අඩංගුවට ගත යුතු බවයි.

Top