Anonymous Reporter

දුවලා,පුතාලා,ලේලිලා,බෑණාවරුන් වෙනුවෙන් බිලිදුන් වෛද්‍ය වෘත්තීය

“රාජිත සේනාරත්න ඇමතිවරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් මේ තරම් පෙනී සිටින්නෙ ඇයි? ඔහුගෙ ලේලි – චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයාගේ බිරිඳ – සරූපා සමන්ගි මනතුංග මේ වනවිට සයිටම් ආයතනයේ 06වැනි කණ්ඩායමේ ශිෂ්‍යාවක්. ඇයගේ ලියාපදිංචි අංකය එම්එෆ්121/එෆ්006/එම්ඩී77. ඇය ලියාපදිංචි වන්නේ ඇගේ ගමන්බලපත‍්‍රය අනුවයි. එය එන් 1537272. අනෙක් අතට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ සහෝදරයාගේ දියණියන් දෙදෙනාම මෙහි අධ්‍යාපනය ලබනවා. ඔවුන් පමණක් නෙමෙයි, පහුගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ඇමතිවරුන්ගෙ මන්ත‍්‍රීවරුන්ගෙ දූවරු, පුතාලා, ලේලිලා, බෑනලා රැසක් මෙම ආයතනයේ ඉගෙනුම ලබනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි,මේ ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකගන්න මේ තරම් වෙහෙසෙන්නෙ ඇයි කියලා. කලින් ආණ්ඩුව මේ ආයතනය රැකගන්න මේ ආයතනයට සල්ලි දුන්නා. මේ ආණ්ඩුව රජයේ දේපළ දෙනවා.” යැයි සමාජවාදී ශිෂය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප‍්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජිකයන් වන මොරටුව විශ්වවිද්‍යාලයේ දසුන් උදාර, සබරගමුව විශ්වවිද්‍යාලයේ බුද්ධික දේශප‍්‍රිය, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාධි රාජපක්ෂ යන අයද සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගන දේවප‍්‍රිය මහතා…

“මේ වනවිට ආණ්ඩුව රජයේ රෝහල් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයට සායනික පුහුණුව සඳහා ලබාදීමට එකඟ වී තිබෙනවා. එක පැත්තකින් මුදල් අමාත්‍යවරයා 2016 අයවැය ඉදිරිපත් කරමින් අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර ඇති බව කියාපෑමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒ අතරෙම ඒ අයවැය ඇතුළෙ අධ්‍යාපනය විකිණීම සඳහා වූ ප‍්‍රතිපත්තිත් අන්තර් ගත වෙලා තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරගැනීම සඳහා වන අවශ්‍යතා එහි ඇතුළත්. ඉදිරි වර්ෂයේ අලුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන බව ඔවුන් එහි කියනවා. මුදල් ඇමතිවරයා කියනවා වෛද්‍ය උපාධිය හැරෙන්න වෙනත් ඕනෑම උපාධියක් ලබන්න මේ රටේ අවස්ථාව සලසා දෙන බව. ඒ අතරෙම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඇති පාඨමාලා මුදලට විකුණන්නත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේ වනවිටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ඇතුළු උපාධි කිහිපයක් මුදලට විකිණීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ආණ්ඩුව විකුණන්නේ නැති බව කීවේ වෛද්‍ය අධ්‍යාපනය පමණයි. එය පුන පුනා හුවා දක්වන්නට මුදල් ඇමතිවරයා මහන්සි ගත්තා. එහෙත් ඔහු එසේ කියද්දී රාජිත සේනාරත්න මුදල් අමාත්‍යවරයා පහුගිය 14වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශෙ රැස්වීමක් තියලා වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට අදාළ යෝජනාවලට සහය දීමට තීරණය කරනවා. ඒ, 15වැනිදාට නියමිත නඩුවකදී මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ සායනික පුහුණු සඳහා රජයේ රෝහල් ලබාදීමට එකඟතාව පළකරමිනුයි. ඔවුන් කියනවා, මේ සායනික පුහුණුව දෙන්නේ අධිකරණයේ තීන්දුවක් අනුව කියලා. ඒත් මෙතන කිසිම අධිකරණ තීන්දුවක් නැහැ.

මේ සයිටම් ආයතනය ආරම්භ කළේ 2008 වසරේදීයි. දැනට කණ්ඩායම් 12ක් බඳවාගෙන තිබෙනවා. ඔවුන්ට අදාළ සායනික පුහුණුව සම්බන්ධ ගැටලුව මුල සිටම තිබුණා. ඒ ගැටලුව විසඳීම සඳහා යැයි කියමින් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල ඉදිකළා. ඒක ලියාපදිංචි ශික්ෂණ රෝහලක් නෙමෙයි. වෛද්‍ය සභාව ඒක පිළිගත්තෙ නැහැ. සයිටම් ආයතනෙවත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේවත් වෛද්‍ය උපාධිය දීමට සුදුසුකම් සපුරා නැති බව වෛද්‍ය සභාව දිගින් දිගට පෙන්වා දී තිබුණා. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති ලෙස සිටියෙදී පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළා නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිළිනොගන්නා බව.

මෙවැනි තත්වයක් තියෙද්දි තමයි රජයේ රෝහල් සායනික පුහුණුව සඳහා දෙන්න යෝජනා කරන්නේ. පහුගිය වසරෙ සැප්තැම්බර් 29වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල් ලබාදෙන්න අධිකරණයෙදී එකඟතාවයකට එනවා. ඒ සයිටම් ශිෂ්‍යයො පස් දෙනක්ගෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත්තු වෙලාවෙදි. එතනදි එන එකඟතාව තමයි, වෛද්‍ය සභාවේ එකඟත්වය ඇතිව මත, ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ කිසිදු පාර්ශවයක විරෝධතාවක් නොමැති තත්වය මත රජයේ රෝහල් සයිටම් ආයතනයට සායනික පුහුණුව සඳහා ලබාදීමට සූදානම් කියන එක. එතනදිත් සායනික පුහුණුව දෙන්න පුළුවන්කම තියෙන්නෙ වෛද්‍ය සභාවේ ලියාපදිංචි ශිෂ්‍යයින්ට පමණයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් ලබා නොදීමෙන් අධිකරණ තීන්දුවක් කඩලා තිබුණෙ නැහැ. තිබුණෙ එකඟතාවයක්. ඒකට අදාළ කොන්දේසි සම්පූර්ණ විය යුතුව තිබුණා. පහුගිය සැප්තැම්බර් 04වැනිදාත් වෛද්‍ය සභාව තීන්දු කරන්නේ, මේ සයිටම් ආයතනයේ ලියාපදිංචි වෙලා සිටින කිසිදු ශිෂ්‍යයෙක් සායනික පුහුණුව සඳහා යෝග්‍ය නැහැ කියලා. ඒත් සෞඛ්‍ය ඇමතිවරයා සයිටම් ආයතනය සමඟ රහසේ එකඟතාවයට ඇවිත් තියෙනවා. ඒ අනුව සයිටම් ආයතනය සායනික පුහුණුවට රෝහල් ලබා නොදීම මගින් ඇමතිවරයා අධිකරණයට අපහාස කළා කියලා නඩුවක් ගොනු කරනවා. ඒ අනුව ඇමතිවරයා අවිස්සාවේල්ල මූලික රෝහල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සායනික පුහුණුව සඳහා ලබාදීමට පොරොන්දු වීමෙන් පසුව අපහාස නඩුව ඉල්ලා අස්කර ගන්නවා.

රජයේ ඇමතිවරයෙක් රජයේ දේපළ විකුණන්නේ කොහොමද? ඔවුන් කියනවා මේ පුහුණුව වෙනුවෙන් රුපියල් 50,000ක් අයකරනවා කියලා. වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලය, අනෙකුත් කාර්ය මණ්ඩල, අනෙකුත් පහසුකම් හා රෝගීන් රුපියල් 50,000කට මිල නියම කරලා. ඔවුන්ට විකුණන්න අයිතියක් එන්නෙ කෙහොමද? ඒවා ඇමතිවරයාගෙ, අගමැතිවරයාගෙ, ජනාධිපතිවරයාගෙ පෞද්ගලික දේපළක් නෙමෙයි. ඒවා මහජනතාවගෙ දේපළ. ඒ වගේම ඔවුන්ගේ පුහුණු වීම්වලට භාජනය වෙන රජයේ රෝහල්වල රෝගීන්ගේ වගකීම ගන්නේ කවුද?

අනෙක් අතට මෙහෙම ගියොත් කාටහරි පුළුවන් රියදුරු පුහුණු පාසලක් වෙනුවෙන් කාර්යාලයක් ඇරලා, වාහන ලබා දිය යුතුයි කියලා ප‍්‍රවාහන ඇමතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න. එතනදි ප‍්‍රවාහන ඇමතිට ඇවිත් පුහුණුව වෙනුවෙන් ලංගම බස් දෙන්න පොරොන්දු වෙන්න වෙන්න ඕනෙද? පෞද්ගලික පාසල්වල ශිෂ්‍යයින්ට පුළුවන්ද අපිට රජයේ පාසල්වල විද්‍යාගාර පහසුකම් අවශ්‍යයි කියලා ඉල්ලන්න. රජයේ පාසල් ඒ පහසුකම් දෙන්න බැඳිලා ඉන්නවද?

රාජිත සේනාරත්න ඇමතිවරයා පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය වෙනුවෙන් මේ තරම් පෙනී සිටින්නෙ ඇයි? ඔහුගෙ ලේලි – චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයාගේ බිරිඳ – සරූපා සමන්ගි මනතුංග මේ වනවිට සයිටම් ආයතනයේ 06වැනි කණ්ඩායමේ ශිෂ්‍යාවක්. ඇයගේ ලියාපදිංචි අංකය එම්එෆ්121/එෆ්006/එම්ඩී77. ඇය ලියාපදිංචි වන්නේ ඇගේ ගමන්බලපත‍්‍රය අනුවයි. එය එන් 1537272. අනෙක් අතට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ සහෝදරයාගේ දියණියන් දෙදෙනාම මෙහි අධ්‍යාපනය ලබනවා. ඔවුන් පමණක් නෙමෙයි, පහුගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ඇමතිවරුන්ගෙ මන්ත‍්‍රීවරුන්ගෙ දූවරු, පුතාලා, ලේලිලා, බෑනලා රැසක් මෙම ආයතනයේ ඉගෙනුම ලබනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි, පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකගන්න මේ තරම් වෙහෙසෙන්නෙ ඇයි කියලා. කලින් ආණ්ඩුව මේ ආයතනය රැකගන්න මේ ආයතනයට සල්ලි දුන්නා. මේ ආණ්ඩුව රජයේ දේපළ දෙනවා.

මේ ආයතනය දිගින් දිගටම වංචාකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති බව කියමින්, තව තවත් සිසුන් බඳවා ගනිමින් මහජනතාව මුලා කරනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි අවධාරණය කරන්නේ මෙම මෙම හොර උපාධි ආයතනයට රජයේ රෝහල් සායනික පුහුණුව සඳහා ලබා නොදිය යුතු බවයි. එක්කෝ සිසුන්ගෙන් ගත් මුදල් ආපසු ගෙවීමට බලකර මෙම ආයතනය වසා දැමිය යුතුයි. නැතහොත් මෙම ආයතනය රජයට පවරා ගත යුතුයි. ඒත් එහිදී කොන්දේසියක් විය යුත්තේ මෙම ආයතනයේ දැනට සිටින සිසුන්ගෙන් සුදුසුකම් ඇති අයට පමණක් උපාධිය ලබාදීමට පියවර ගැනීමයි. ජනගහනයෙන් 43%ක් දවසකට ඩොලර් 02කට අඩු ආදායම් ලබන රටක කළ යුත්තේ පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කිරීම නෙමෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි.”

Pubudu Jayagoda  Facebook මගින් උපුටා ගැන්මකි  

උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 1980 දශකයේ පැවැත්වුණු උද්ඝෝෂණයක ඉදිරිපෙලේම කහ/රෝස වර්ණ කමිසයකින් සැරසී ඉන්න කෙනා දන්නවද? ඒ වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න. දැන් ඔහු එදා ස්ථාවරය වෙනස් කරගෙන. පසුගිය සතියේ ස්වර්ණවාහිනියේ “රාජ්‍ය සේවය පිණිසයි” වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කීවේ තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් ආරම්භ කරන බව. ඒවා අධෛර්යමත් විය හැකි නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයේ අරමුදල් භාවිතා කර සම්පත් ලබාදී අනුමත කරන බව ඔහු කීවා. අවුරුදු 30කට පසු ස්ථාවරය වෙනස් කළේ කුමක් නිසාද? කලින් සිටි ස්ථාවරය වැරදියිද? නැත්නම් දේශපාලන අවස්තාවාදයද? එහෙමත් නැතිනම් නව ලිබරල්වාදයට එදා විරුද්ධ වුනාට අද ඒක යතාර්ථය ලෙස භාර ගන්නවාද? නැත්නම් පුද්ගලික හේතුවක්ද? (රාජිතගේ ලේලි, චතුර සේනාරත්නගේ බිරිඳ, සරූපා සමන්ගි මනතුංග අංක MF121F006MD77 යටතේ සයිටම් ආයතනයේ සිසුවියක් ලෙස ලියාපදිංචි වී සිටිනවා) සයිටම් ආයතනයට නීතිමය පිළිගැනීම ලබාදීමේ බලය රාජිතට ලබාදීම සහ ඔහු එය භාවිතා කිරීම ඔබ අනුමත කරනවාද? ලෝකේ Conflict of Interest කියා දේකුත් තිබෙන බව ලිබරල් අදහස් දරන්නන් පිලිගන්නවා නේද? මේ ආණ්ඩුවේ කුණු හෝදන ලිබරලුන් ආණ්ඩුවේ පුද්ගලීකරණ ප්‍රතිපත්තිය සහ රාජිතට Conflict of Interest අදාළ වන ආකාරය ගැන දෙන විග්‍රහය දැන ගැනීමට අපි ආශාවෙන් ඉන්නවා.

SENARATHNA

Top