Featured

දෙකක් නෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍යයි

ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසඳුමක් ලබාදිය යුතු බව අඛණ්ඩව අවධාරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

“දෙමළ ජනතාවට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට හැකි, පුර්ණ බලතල සහිත විසඳුමක් ලබාගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වේ. ලොව බොහෝ රටවල ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසඳුමක් ඉදිරිපත් කර, ජනවාර්ගික සහ කලාපීය ගැටළු වලට විසඳුම් දැකීමට හැකිවී තිබෙනවා”

“ඒ අනුව, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසදුමක් ලබාදිය යුතුය. දෙමළ ජනතාවගේ ගැටළුව සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා පවත්වන අවස්ථාවේදී, එය අවධාරණය කරන්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.

Top