Featured

දෙමළ ජාතික සන්ධානය දෙකඩ වේ -නිශා බිස්වාල්,විග්නේෂ්වරන් හමුවේ

Published on: Dec 20, 2015 – ඉන්දියානු කරණය වි තිබේන ද්‍රවිධ ජාතික සන්ධානය වෙනුවට යුරෝපය සමග එක්ව ඉදිරියටම ගොස් ඉක්මනින්ම ස්වාධින ඊළමක් වෙනුවෙන් ගමන් කිරිම සදහා සාම්ප්‍රදායික ද්‍රවිධ ජාතික සන්ධානයට අභියෝග කිරිම සදහා ‘දෙමළ ජනතා සංසදය’ යන නමින් දෙමළ ජාතික සන්ධානයට විකල්ප කණ්ඩායමක් පිහිටුවීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කටයුතු කරමින් සිටින බව උතුරේ අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේදී ඊයේ( 19) වන දින රාත්‍රී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුද සහභාගි වී තිබේ.මිට අමතරව විග්නේෂ්වරන්ට සහය දක්වන යාපනයේ සිට නිකුත්වන පුවත්පත් වල ප්‍රධාන කතෘවරුන්,වෛද්‍යවරු, ආගමික නායකයින් සහ මහචාර්යවරු කිහිපදෙනෙකුද සහභාගි වි තිබේ.

සම්පුර්ණයෙන් ඇමරිකානු මැදිහත් විම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර අද (20) අලුයම 5 ට පමණ දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අද රාත්‍රීයේ මෙම කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවකද නිරත විමට නියමිතයි.

මිට අමතරව මැතිවරණ පොරොන්දුවක් වු උතුරේ ෆෙඩරල් පාලනය බිහිකිරිම සදහා නිශ්චිත දින සහිත කාල රාමුවක් සකස් කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පුර්ණ වශයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමගද නිශා බිස්වාල් සාකච්ඡා කිරීමට නියමිතයි.

ඊළාම් රාජ්‍යක් අත්පත් කර ගැනිමේ ආසන්නයටම පැමිණ සිටින අවස්ථාවක ඒ සදහා නායකත්වය දෙමින් සිටින දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස නව පක්‍ෂයක් බිහිවිමේ අවධානමක් මතුව ඇති බවට ඉන්දිය බුද්ධි අංශ අනාවරණය හේතුවෙන් ඉන්දිය රජය උතුරු ප්‍රදේශයේ බරපතල ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් විමක් සිදු කිරිමට තින්දුවක් ගෙන තිබේන බව අප පසුගියදා වාර්තා කළා.

මේ අතර දෙමළ ජාතික සන්ධානය දෙකඩ විම වලක්වා ගැනිම සදහා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව විසඳීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ වැදගත් හවුල්කරුවෙකු වන අතර, ශ්‍රී ලංකාව සමඟ පවත්වන සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට ඉන්දියාව කටයුතුකරනු ඇති බවත් ශ්‍රී ලංකාව අසල්වැසි රටක් වන බැවින්, ශ්‍රී ලංකාව සමඟ පවත්වන සම්බන්ධතා ඉන්දියාවට ඉතා වැදගත්වනු ඇති බවත් එමෙන්ම, ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීම සඳහා ඉන්දීය රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සුෂ්මා ස්වරාජ් විසින් කර තිබේ.

කියවන්න –ඊළාම් සිහිනය අත ලඟයි -ඉන්දියාව උතුරේ බලය අල්ලයි

Top