දෙසැම්බර් දාසය වැනිදා සවස පහට අරලිය ගහ මන්දිරයේ අග්රාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවතුනා ඒකට නීතිපතිව කැදෙව්වා, නීති පතිට අමතරව යුරෝපීය රටවල් හතක් නියෝජනය කරණු ලබන තානාපතිවරුන් හත් දෙනෙකුත් ඒක එකතු වෙලා හිටියා. මේ තානාපතිවරුන් තමයි අපේ රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ. ඒ වගේ ඒ අය තීරණය කලා අපේ ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් මේක ඉතාම බරපතල තත්ත්වයක් බව මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා.
මේවන වන විට ත්රස්තවාදයේ අඳුරු සෙවනැලි යලිත් නැගෙමින් පවතින් බවත් ඒ සදහා වර්ථමාන ආණ්ඩුව ගෙනයන අදුර දර්ශී පාලන ක්‍රමය ප්‍රධානතම හේතුව වී ඇති බවත් මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (1) පැවති විශේෂ දේශණයකට එක්වෙමින් මහාචාර්ය වරයා මේ බව සදහන් කළේය.
එහිදී මහාචාර්යවරයා මේසේද පැවසීය,
අද වෙනකොට රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලූවක් ඇති වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ත්‍රස්තාවාදය තුරන් කරන්න පියවර ගත්තා ඒත් රණ බිමේ ලබපු ජයග්රහනයෙන් ත්රස්තාවදය යලි කවදාවත් හිස ඔසවන්නේ නැති වෙයි කියලා අපි හිතුවේ නැහැ ඒ නිසාම අපි නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටියා.
ඒ අය අයෙත් ඉදිරියේදී ප්‍රාණවත් වීම වැලැක්වීමට කළයුතුව තිබුණු සියලූමදේවල් කරන්න අපි පියවර ගත්තා. අපි කිසිම වෙලාවක රට අවධානමකට පත්වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසාම ත්‍රස්තවාදය හිස එසවීම වැලැක්වීම නවත්වන්න අංග සම්පූර්ණ වැඩපිලිවෙලක් දියත් කරන්න අපි කටයුතු කළා.
එහිදී ආර්කෂ අංශ සමඟ සමීපව කටයුතු කරන්න විදේශ ඇමතිවරයා විදිහට මම වග බලාගත්තා, එහිදී විදේශ රට වල සිද්ධවෙන ත්‍රස්තවාදී කි්රයාවන් ගැන අපි නිරන්තර අවදානයෙන් සිටියා. අපි නිර්නරතයෙන් ඒ රටවල් එක්ක තොරතුර හුවමාරු කලා. ඒ කාලයේදී ප්‍රංශයේ ඉතාලියේ, ජර්මනියේ, ස්විට්සර් ලන්තයේදී ත්රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පැවරුවා.
අරක්ෂාවේ කෙදුනාරටිය විදිහට සලකණ බුද්ධි අංශ දුර්වල කරලා තියෙනවා, ඒ වගේම තී්රවිධ හමුදා නින්දාවට පත්කළා. ඒ වගේම නැගෙනහිට පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුුට නින්දා කිරීම නිසා නාවික හමුදා කඳවුරු වලට ඇතුළු වීමට ඉඩ නොදෙන්න තීරණය කළාම නාවික හමුදාවට කිව්වා ඒ පුද්ගලයාව නාවික හමුදා කඳවුරට ගෙනල්ලා දිවා ආහාරයක් ලාබදෙන්න කියලා.
අද වෙනකොට ත්රස්තවාදයට එරෙහිව සිදු කරන වැඩසටහන් අඩාල කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ රටේ අරක්ෂාව ගැන අගමැතිවරයා විසින් ඉතා සුළුවෙන තකන මට්ටමකට පත්වෙලා තියෙනවා. චාවකච්චේරි වලින් හමුවුන බෝම්බ කට්ටලය ගැන මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රකාශක් සටහන් කරගත්තා. ඒ වගේම එදා මට අගමැති කිව්වා ජී.එල්.ට පුළුවන්ද රතිඤ්ඤ කරලක්වත් පත්තු කරන්න කියලා අපහාස කළා.
දෙසැම්බර් දාසය වැනිදා සවස පහට අරලිය ගහ මන්දිරයේ අග්රාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවතුනා එ්කට නීතිපතිව කැදෙව්වා, නීති පතිට අමතරව යුරෝපීය රටවල් හතක් නියෝජනය කරණු ලබන තානාපතිවරුන් හත් දෙනෙකුත් ඒක එකතු වෙලා හිටියා. මේ තානාපතිවරුන් තමයි අපේ රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ. ඒ වගේ ඒ අය තීරණය කලා අපේ ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් මේක ඉතාම බරපතල තත්ත්වයක්.
ත්රස්තවාදියාට තියෙන ශක්තිය මේ නිසාම වර්ධනය වෙමින් පවතිනවා ඒ වගේම ත්රස්තවාදට එරෙහිවීමේ ආණ්ඩුවට තියෙන ශක්තියෙ මේවෙනකොට අඩුවෙලා තියෙනවා. එ්වගේම මැතිවරණය කාලයේදී ඩයස්පෝරාවට ලබාදුන්නු පොරොන්දු තමයි මේ වෙනකොට කි‍්‍රයාත්මක වෙන්නේ.
සුමන්දිරන් මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සිද්දියත් එක්ක විශාල ගැටලූවක් ඇතිවෙනවා. එ් වගේම අපේ කාලයේදී නම් මේ වගේ දේවල් ගැන ඉතාම ඉක්මණින් විමර්ශනය කළා එ්ත් අදවෙනකොට එවැන්නක් වෙන ආකරයක් අපිටනම් පෙනියන්නේ නැහැ.
අනික අපි මතක තබාගතයුතු වැදගත්ම කාරණය වෙන්නේ ත්‍රස්තවාදය එක දවසකින් වර්ධනය වෙන දෙයක් නෙමෙයි කියන කාරණය. එ්ත් අදවෙනකොට ත්‍රස්තවදයේ සෙවණැලි යලිත් පෙනීයමින් තියෙනවා එ් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම අණ්ඩුව භාර ගතයුතුයි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා
අද වෙනකොට රට විශාල අගාදයකට වැටිලා තියෙනවා. එහිදී රටේ එ්කීයභාවයට අවදානමකට ලක්වෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සිද්ධවෙලා තියෙනවා. අද සමාජය එ් ගැන එතරමි දැණුවත් නැහැ. එ නිසාම අපි ජාතින සංවිධාන සම්මේලන පිහිටුවලා එ් මගින් දිවයින් පුරා ගිහින් ජනතාව දැණුවත් කරන්න අපි පියවර ගත්තා.
මේ රජය බලයට පැමිණියේ දමිළ ඩයස්පොරාවේ සහයෙන් කියන කාරණය. ඒ නිසා ඒ අයට තිබුණ පළමුවැනි ඉල්ලිම වුනේ රට ෆෙඩරල් කිරීමයි. ඒ නිසයි අද මේ වගේ ව්‍යවස්ථාවක් ගෙන එන්න ආණ්ඩුව පියවර ගත්තේ. මේ අය උතුර වෙනම රාජ්‍යක් කරන්නයි උත්සහ කරමින් ඉන්නේ. අපි ගමේ ඉන්න ජනතාවට කියන්නේ මේ ව්‍යවස්ථාවට ඡුන්දය දෙන්න එපා කියලයි මොකද අද වෙනකොට ව්‍යවස්ථාව සම්මත කරගන්න දමිළ ඩයස්පොරාව විසින් මිලියට එක් දහස් පන්සීයක මුදලක් එවලා තියෙනවා.