Featured

ධම්මික රණතුංග,නලීන් අපොන්සුට කල තර්ජනය-,බුකීකාරයා,ඔකා ගාවට යනවද? Listen Now

2016 ජනවාරි 03 පැවිති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී නිශාන්ත රණතුංග මහතාට ඡන්දය ලබා දෙන ජනසතු සේවා ක්‍රිකට් සමාජයේ සභාපති මෙන්ම, වරාය අධිකාරියේ මහජන සම්බන්ධතා හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානී නලීන් අපොන්සු මහතාට වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා තර්ජනය කරන හඩ පඩයක් අපට ලැබි තිබේ.

මෙහෙදී ධම්මික රණතුංග මහතා සෘජුවම නලීන් අපොන්සු මහතාට නීශෘන්ත රණතුංග මහතාට ඡන්දය ලබා දෙන ලෙස බලපෑම් කිරීම මෙහි සදහන් වේ. කෙසේ නමුත් මෙම ඡන්දය නිශාන්ත රණතුංග මහතාට භාවිතා නොකිරිම පිළිබදව උරණ වූ ධම්මික රණතුංග හා අර්ජුන රණතුංග යන සොහොයුරන් අවසානයේදී නීලීන් අපොන්සු මහතාගේ වරාය පරිශ්‍රයේ පිහිටි කාර්යාලයට ද සීල් තබන ලදී.එමෙන්ම ජනාධිපති පරික්ෂණ කොමිසමේ දැනටමත් විභාග වන හම්බන්තොට කරදියවර උත්සවය සම්බන්ධ ප්‍රශ්නයකට නලීන් අපොන්සු මහතා පටලවා ගැනීමේ උත්සහයක් ද පවතී.

ධම්මික රණතුංග මහතා තර්ජනය කරන හඩ පඩය

“එක එක්‌කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැ…” “වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්”

Top