Political

නන්නත්තාර වු බයියන්ට ගෝඨාගෙන් ඉන්ටවල් එකක්! සයින්දමරුදු නගර සභාව මැතිවරණය අවසන් වනතෙක් හැකිලෙයි… සායින්දුමරුදු පරික්ෂාව වෙනම රටක් වෙනුවෙන්ද?

Published on: Feb 20, 2020 – ආණ්ඩුවේ බයියන් මෙන්ම විපක්ෂයේද ඇතැම් ටොයි,බයියන් සයින්දමරුදු නගර සභාව වෙනුවෙන් පෙනී සිටියදි ඊට එරෙහිව ප්‍රගතිශීලි ජනයා මෙන්ම අපද  මතුකල දැඩි විරෝධය හමුවේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභයගේ ඉල්ලිම මත තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ රාත්‍රීයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි සයින්දමරුදු නගර සභා ප්‍රශ්ණය දැඩි ලෙස විවේනයට ලක්ව ඇති අතර මහින්ද රාජපක්ෂ පමණක් නිහඩව සිට තිබේ.පසුව ජනපති නියෝගකර ඇත්තේ තාවකාලිකව ගැසට් නිවේදනය හකුලන ලෙසයි.

මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ ඊයේ කැබිනට් රැස්විමට පෙර රැස්විම් දෙකක් පැවැති බවත් එම රැස්විමට බැසිල් රාජපක්ෂ ඇතුලු ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් සහභාගි වි සිටි අතර මහා මැතිවරණය අවසන් වනතුරු පමණක් ගැසට් නිවේදනය හකුලා ගැනිමට එම සාකච්ඡාවලදි එකඟ වි ඇති බවයි.

මේ අතර සායින්දුමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින්,  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන්ද? යන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රශ්ණ කර සිටි.නීතිඥවරයා අදාල ලිපිය සම්පාදනය කරන අවස්ථාව වනවිටත් මෙම ගැසට්ටුව බලාත්මක බව අවධාරණය කර සිටිමු.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුවේ තිරයෙන් වසා ගැනීමට ඉඩ දෙමුද?

සායින්දුමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් බවත් ජාතිවාදී ස්වභාවයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ඉල්ලීමක් බවට සමාජයේ අදහසක් ඇත. මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම ඉටු කරනු නොලැබූ බවත් වර්තමාන රජය විසින් දැන හෝ නොදැන සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් බවට පත් කිරීමට අවශ්‍ය නිල පිළිගැනීම ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති බවත් සාකච්ඡාවට ලක් වී ඇත.

සායින්දුමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක්නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන් සහාය දීමටද? යන ප්‍රශ්නයද මේ වන විට විවෘතව සාකච්ඡා කරන මට්ටමට පත් වී ඇත.

සායින්දුමරුදු නගර සභාවක් කිරීම මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමක් වන්නේ නම් එය වෙනම රටක් වෙනුවෙන් නම් එනම් එමගින් ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීමක් සිදුවන්නේ නම් එයට අදාල නීතිමය පිළිගැනීම ලබා දී ඇත්තේ 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ය. රටේ ඒකීය බව වෙනුවෙන් කළ යුත්තේ වහාම එකී ගැසට් පත්‍රය අහෝසි කිරීමට තව ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීම හෝ ශ්‍රී ලංකාවේ දේශ පූර්ණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරනයේ සහන පැතීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (1) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමටල කෙළින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී හෝ ආධාර කිරීමල අනුබල දීමල අනුග්‍රහය දැක්වීමල මුදල් යෙදවීමල ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමල යම් දේශපාලන පක්ෂයක හෝ වෙනත් සංගමයක හෝ සංවිධානයක අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් වේ නම්, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක්ව ඇති බවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් යම් තැනැත්තකු විසින්, ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් සංගමයේ හෝ සංවිධානයේ ලේකම් නැතහොත් වෙනත් නිලධරයා ඒ ඉල්ලීමට වගඋත්තරකරුවකු කරනු ලැබිය යුතු ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවන්නේ වෙනම රටක් වෙනුවෙන්ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් මුල්වරට 2002 වර්ශයේ දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් විධායක ජනාධිපති බලතල අහිමි කරමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යවකගේ සම්මතය ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් විය යුත්තේ ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමැතිය ලබා දී ජනාධිපතිවරයා විසින් එයට සහතිකය යෙදීමෙන් පසුව බවට 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාවක් විසින් තීරණය කර තිබුණි.

2වන වරටත් නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 දී පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එමගින් 2002 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තුව තිබූ විධායක ජනාධිපති බලතල අහිමි කිරීමට අදාල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ සීමාව වසර 4ක් දක්වා දීර්ඝ කර තිබුණි. 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට අදාල විධිවිධානය නීතියක් වීමට නම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය සභාව විසින් තීරණය කළ ජනමතවිචාරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයාගේ සහතිකය හිමි විය යුතුය යන්න මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් වෙනස් කර නැත.

එවන් තත්ත්වයක් යටතේ නීතියක් නොවූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත බලහත්කාරයෙන් පවත්වාගෙන යමින් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කිහිප දෙනෙකු ක්‍රියා කරයි. මෙය නිවැරදි කිරීම අද දවසේ ප්‍රමුඛ කාර්ය වන අතර සායින්දුමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීම මෙන් පහසුවෙන් එයද කළ හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව පවත්වාගෙන යන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙතුවෙන් රටේ ඒකීයත්වයටල ජනතාවගේ පරමාධිපත්‍යයට, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමට සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමට බලවත් අනතුරක් ඇති කරයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2,3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණා සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයක් නියම කළද එය නොතකා එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ 79 ව්‍යවස්ථාව සහ 80.2 අනු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් 80.1 අනු ව්‍යවස්ථාව යටතේ කථානායකවරයාගේ සහතිකය යොදා 19වන ව්‍යවස්ථා සංශෝධනය මෙන් 2,3 සහ 9වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුව කටයුතු කළ හැකි හෙයිනි.

වර්තමානයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස නීතියක් කර ගෙන යන ආකාරයට ඉදිරියේ දී 2,3 සහ 9වන ව්‍යවස්ථාවල කාරණාද සංශෝධනය කිරීමේ අනතුර සායින්දුමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් පත්‍රය හරහා ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය.

~~නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ~~
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top