ලෝකයා

නව තාක්ෂණික ක්‍රමවේද යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

කලාපීය අනන්‍යතාවට ගැලපෙන පරිදි නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරනවා.

ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව පැවසුවේ, මේ දිනවල පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ (05) පැවති සාකච්ඡාවට එක්වෙමින්.

චීනය පුරා විවිධ මට්ටම්වල පරිපාලනයන් සිය සැබෑ තත්ත්වයන්ට සරිලන අයුරින්, පැරණි ක්‍රමවේද අත්හැර නව ක්‍රමවේද අනුගමනය කළ යුතු බව මෙහි දී චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

නව තාක්ෂණික ක්‍රමවේද යාවත්කාලීන කර, සාම්ප්‍රදායික කර්මාන්තවල සංවර්ධනය තහවුරු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

 

Top