LNN SPY

නාමයෝජනා දෙන තුරු ශ්‍රිලංනීපය නිහඬයි…… බැසිල් පොරොන්දු ඉටු කළ යුතුයි..! ජනපති සිරිසේන දැඩි තීන්දුවක….

Oct 6, 2019 – හෙට දිනයේදි නාම යෝජනා බාර දීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල වන විරෝධතා සැළකිල්ලට ගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය ජනාධිපතිවරණ ස්ථාවරය ප්‍රකාශ කිරීමට තීරණය කොට තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේදි පැවති මධ්‍යම කාරකා සභා රැස්වීමේදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු හා තීරණ රාශියක් ගෙන තිබුණද ඒවා හෙට දිනයේ ගෝඨාභය රාජපක්ෂ ගේ නාම යෝජනාව පිළිගන්නා තෙක් අනාවරණය නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සම්පූර්ණ තනි බලය ජනාධිපති සිරිසේන වෙත පවරා දුන් බව මීට පෙර එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක අනාවරණය කළ බැවින් මුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයම මේ අවස්ථාවේදි ජනපති සිරිසේන ගේ මතයට අවිවාදයෙන් එකඟ වී තිබේ.

අප මින් පෙර අනාවරණය කළ පරිදි ජනාධිපති සිරිසේන හා බැසිල් රාජපක්ෂ අතර පැවති රහස් සාකච්ඡා වලදි බැසිල් රාජපක්ෂ විසින් ගෝඨාභය හෝ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හට පොහොට්ටුව ඡන්ද ලකුණ යටතේ තරග කිරීමට ඉඩ දිය යුතුය යන කොන්දේසිය යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අගමැතිධූරය ලබා දීමට පොරොන්දු වී ඇති අතර එම එකඟතාව ලිඛිතව ලබා දීමටද පොරොන්දු වී ඇත.

එම පොරොන්දුව තමා වෙත ලිඛිතව ලැබෙන තුරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබා නොදෙන බව ජනාධිපති තරයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේදි ප්‍රකාශ කොට ඇති අතර ඒ සඳහා මධ්‍යම සභික සාමාජිකයන් සියල්ලෝම පාහේ එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ යනු සත පහකට විශ්වාස කළ නොහැකි දේශපාලන සත්වයෙක් බැවින් ඔහුගේ පොරොන්දුව ඒ ආකරයෙන් ම ලැබෙන තුරු ඉවසා සිටීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අමාරු නොවන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව පොහොට්ටුව ජයග්‍රහණය පිළිබඳව සිතිය නොහැකි බවත් මෙහිදි අදහස් දක්වමින් මධ්‍යම කාරක සභිකයන් ප්‍රකාශ කොට ඇත.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙම තින්දුව සමඟ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හට යක්ෂයා ආරූඩ වී ඇති අතර ම පොහොට්ටු කාර්යාලයේ කිහිපදෙනෙකුට බැන වැදි ඇතැයිද වාර්තා වේ. කෙසේවෙතත් ඊයේ මධ්‍යම කාරක සභාවේ ගන්නා ලද තීරණය අද පෙරවරු 11 ට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ බැවින් එම මාධ්‍ය සාකච්ඡාව ගෝඨාභයට කඩේ යන දෙරණ හා හිරු නාලිකා ඔස්සේ සජිවීව විකාශය කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ සන්නිවේදන අංශය ක්‍රියා කොට තිබු අතර මේ වන විටද මාධ්‍ය සාකච්ඡාව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

Top